Chap 2

99 22 24
                                    

මේක මගේ අවසානය වෙයිද....

ටික් ටික්....

මන් දාගෙන හිටිය ඔරලෝසුවෙ තප්පර කට්ටෙ සද්දෙ මට ඇහෙන්න ගත්තේ කරුවල අස්සෙන්...

ටික්... ටික්....

මන් ඒ අදුර නැති කලේ හෙමින් ඇස් දෙක අරින ගමන්..

මට පේන්න ගත්තේ එක දෙයයි. ඒ ක්‍රීම් පාට පෘශ්ටයක්.. මන් එහෙමම ඔලුව ඉස්සුවෙ මන් කොහෙ හරි ඔලුව ගහන් ඉන්න බව තේරුනු නිසා...
ඔලුව උස්සලා වට පිට බලපු මට පෙනුනේ පාට පාට රූප... ඔව් පාට පාට රූප වලින් පිරුනු බිත්ති. මගේ කන් දෙකට එක එක සද්ද ඇහෙන්න ගත්තෙ මගේ ඇස් ඉස්සරහා තියෙන රූප අස්සෙන් මගේ ඇස් ගමන් කරද්දී..

අහ් හරි මන් මන්... මන් ඉන්නෙ ස්වර්ගේ.... ඔව්..

ඒ ගමන්ම වගේ මට ඇහුනේ පොඩි ලමයෙක් මට කතා කරන සද්දේ...

"මොකද උනේ ඈහ්. මගේ දිහා කන්න වගේ බලන් ඉන්නෙ මොකද මගේ මූනේ පෙරහැරක් වත් යනවද ආහ්........"

මන් කිසිම දෙයක් කියන්නෙ නැතුවම වට පිට හොදට ඔලුව කරක කරක බැලුවේ දිව්‍යලෝකෙ ලස්සන...

ඒත් මට ඇහැට පෙනුනේ කෑ ගගහා දගලන පුන්චි ලමයිනුයි.. ක්‍රීම් පාට මේස පුටුයි විතරයි.... ඔව් මෙතනත් හරි ලස්සනයී...

ඒ ගමන්ම මන් මට කතා කරපු ලමයාඅ දිහා බලලා ඇහුවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ගමන්ම මන් මට කතා කරපු ලමයාඅ දිහා බලලා ඇහුවේ. මේක ස්වර්ගයෙද කියලා විතරයි..

ඒත් එක්කම මගේ අනුදැනුමක් නැතුවම මගේ අත් දෙක මගේ කට ගාව නැවතුනේ කට තදින් වහගන්න ගමන්...

මේ මොකද?...
මන් හිතන්නේ... මන් ආයෙ ඉපදිලාවත්ද....
එතකොට මගේ කටහඩ ඒකට මොකක්ද වෙලා තියෙන්නේ.. ඒක හරිම කියුට්. ඒ කිවෙ. ඒ කිවේ ඒක පොඩි ලමයෙක්ගේ වගේ...
මන් හිතන්නෙ මන් ආපහු ඉපදිලා.. ඔව්.. ඒත් මන් ඉපදිලා දැන් කොච්චර කල්ද... ආහ් මට මොකුත් තේරෙන් නෑ...

TIME♥️♣️ [Completed]Where stories live. Discover now