1)කැඳවීම

354 39 29
                                    

"කැප්ටන් ඇෂර්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"කැප්ටන් ඇෂර්..!?"

කඳවුරේ හැමතැනම කැප්ටන්ව හතිදාගෙන හෙවුව ලුතිනන් ලියම් අන්තිමේදී පිට්ටනියේ කට්ටිය එකතු වෙලා පුරුදු වෙන තැනට දුවන් ආවා.ලුතිනන් නිදහස් වගේම ටිකක් විනෝදකාමී චරිතයක් වුනත් වගකීම් හරියට ඉශ්ට කරන කෙනෙක්.ඒ නිසා ලුතිනන් කෑම්ප් එකේ මිත්‍රශීලී යක්ශයෙක් කියලා ප්‍රසිද්ධයි.

"කැප්ටන් මේ දැන් කෑම්ප් එක පැත්තට ගියේ සර්.."
එතන කැඩෙට් කෙනෙක් ලුතිනන්ට උත්තර දුන්නා.

"මොකක්?!!මේ දැන්?"
ඒ වචන නිසා ආයෙමත් කැප්ටන්ව හොයන් කෑම්ප් එක වටේම බඩගාන්න වෙන බව මතක් වෙලා ලුතිනන්ට දාඩිය වැඩිපුර දැම්මා.

"ඔව්..මේජර් එන්න කියලා කෝල් එකක් දුන්නා.."

"ආහ්...!ඒකට තමා මාත් කැප්ව හෙවුවේ...ගියානම් හරි.." එහෙම කිවුවත් කැප්ටන් තමන්ගෙ කෝල්ස් ආන්ස්වර් කලේ නැත්තේ ඇයි කියලා හිතන ගමන් එහෙමම බිම ඉඳගත්ත ලුතිනන් කැඩෙට්ලා දිහා බැලුවා.

"දැන් මන් දිහා බලන් ඉන්නද තොපිලට තියෙන්නේ?! කෑම්ප් එක වටේ වට දහයක් යන්න ආස වෙලා වගෙ.."ලුතිනන්ගෙ අවවාදේ නිසා කට්ටියම ආයෙ වැඩට බහින අතරෙ ලුතිනන් ලියම් ලොකු හුස්මක් හෙලලා නළලේ දාඩිය පිහිදැම්මා.

"මේ පාර මොන මරාලයක් පාත් වෙන්නද දන්නෑ යන්නෙ.."පැහැදිලිව තිබ්බ අහස දිහා බලන අතරෙ ලුතිනන් තමන්ටම මිමිණුවෙ මේජර්ගෙ හදිසි කැඳවීම් හේතුවෙන් කලින් පෙරලුනු ලස්සන බාල්දි ගැන මතක් වෙලා.

_________________________________________________________

_________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Captain Azure | GL | OngoingWhere stories live. Discover now