සෙබළු ගම පරීක්ෂා කරලා ත්‍රස්තවාදීන් නෑ කියලා තහවුරු කරගන්නකම් මීඩියා ටීම් එකට තව සෙබළු කීප දෙනෙක් එක්ක වාහන ළඟට වෙලා ඉන්න අණ ලැබුනා.
ඇත්තටම කිවුවොත් එතන තිබුනෙ පොඩි ගමක් නෙවේ.එතන තිබ්බෙ සුන්බුන් ගොඩක්...
ඒක යුද්ධ කලාපේ තිබ්බ ගමක සාමාන්‍ය දර්ශනයක් වුනාට තුවාල තිබුන කීප දෙනෙක්ම එහා මෙහා යන හැටි පෙනුන නිසා කියාරා හිටියේ කලබල වෙලා.
"එතන ක්ලියර්..මීඩියා ටීම් එකට දැන් එන්න පුළුවන් කියලා කැප්ටන් කිවුවා."
පැයකට විතර පස්සේ ප්‍රථමාධාර පෙට්ටි කීපයක් වාහනෙකින් ගන්න ආව සෙබළෙක් කිවුවා.කියාරා බෑග් එකෙන් ගත්ත එයාගේ කැමරාව සෙට් කරගන්න අතරේ ටීම් එකේ ලීඩර් වුන පීට් කරන්න ඕනේ දේවල් ගැන ආයෙත් උපදෙස් දෙන්න ගත්තා.
කෙල්ලයි, ටීම් එකේ ඔනෙව් කියන කොල්ලයි ගමේ දෙපැත්තට බෙදිලා ෆොටෝස් ගන්න කතාකරගෙන ඒ පැත්තට ඇවිදන් ගියා.
කියාරා ටීම් එකට එකතුවුනේ බලෙන් වුනත් යුද්ධෙ ගැන මිනිස්සුන්ට හරි දැනුමක් දෙන්න පුළුවන් දේකට එයාගේ ඔහේ ගෙවෙන ජීව්තේ වැය කරන එකගැන එයා පසුතැවුනෙ නෑ.
ගම ඇතුලට යද්දිම අමාරුවෙන් අටවගෙන තිබ්බ සමහර ගෙවල් වලට තවදුරටත් පහරදීම් දරාගන්න බැරි නිසාම , කඩන් වැටිලා තියෙන හැටි කෙල්ලට පෙනුනා.ඒ වගේ තැන්වල සමහරු කූඩාරම් අටවගෙන තිබුනත්, සමහරු පල්ලියක් කියන්න පුළුවන් කමක් තිබ්බ කුඩා ශාලාවක පදිංචි වෙලා හිටිය බව පෙනුනා.
පුංචි ළමයි කීප දෙනෙක්ට ප්‍රථමාධාර දෙන ගමන් ඉන්න සෙබළෙක්ගේ ෆොටෝ එකක් ගහපු කෙල්ල එහෙම කැමරාව ටිකක් එහාට අරන් යද්දි පැත්තට හැරිලා වෝකිටෝකී එකකින් කතා කරන ගමන් හිටපු කැප්ටන්ව කෙල්ලට දකින්න ලැබුනා.
කියාරාගේ මූණට හිනාවක් ආවා.
කැමරාවෙන්ම තමන්ට අඩි කීපයක් එහා ඉඳන් බරපතල විදිහට කතා කරන කැප්ටන් දිහා බලන් හිටපු කියාරා එයාගේ ෆොටෝ එකක් දෙකක් ගන්න අමතක කළේ නෑ.
"ඔව් සර්. තවදුරටත් මෙයාලා මෙතන ආරක්ෂිත නෑ.
අපිට තව කණ්ඩායමක් අරන් ඇවිත් එයාලාව මෙතනින් මාරු කරන්න වෙනවා."
කෙල්ලට කැප්ටන්ගේ තීව්‍ර කටහඬ ඇහුනා.කැප්ටන් බලන්න කලින් අනිත් පැත්ත හැරුන කියාරා ගරාවැටුන ගෙවල් අතරින් වැටුන පාලුවට ගිය අතුරු පාරක් දිගේ ඇවිදින්න ගත්තා.
තාමත් උදේ වරුවක් වුනත් ඒ අතුරුපාර,ගෙවල් වල බිත්ති නිසා තරමක් අඳුරු වුනා.
අතුරුපාරෙන් දකුණට හැරෙන්න හදද්දිම කෙල්ලට පිටිපස්සෙන් කටහඬක් ඇහුණා.
"ඔය පැත්තට යන්න එපා!"ඒත් ඒ කටහඬ කියන්නත් කලින් කෙල්ල ඒ පැත්ත බලලා ඉවරයි.
"ඕහ්!!!"
කියාරා කැමරාවෙන් අත අයින් කරලා කටවහගෙන කටින් පිටවෙන්න ගිය සද්දෙ අඩු කරගත්තා.පාර පුරාම තැනින් තැන මිනිස්සු ලේ පෙරාගෙන වැටිලා හිටියා.ඒ අතරේ වෙන පාරකින් එතනට ආව සෙබළු වගයක් එයාලාව එකින් එක අයින් කරන ගමන් හිටියා.
මෙච්චර මිනී ගොඩක් කියාරා දැකපු පළවෙනි පාර නිසා එයාට පොඩි කරකැවිල්ලක් දැනෙන්න ගත්තා.
කියාරා ආයෙත් අඳුරු අතුරුපාර පැත්තට හැරෙද්දි කටහඬේ අයිතිකාරයා එතනට වෙලා හැඟීමක් නැති මූණකින් අත්දෙක බැඳගෙන බලන් ඉන්න හැටි කියාරා දැක්කා.
"ඔයා ෆොටෝස් ගන්න ඔච්චරම උනන්දුනනම් ඉතින් ගිහින් ගන්න." කැප්ටන්ගේ සැර කටහඬ වගේම ඒ තද නිල් ඇස් කෙල්ලව විනිවිද ගියා.
ටික වෙලාවක් කැප්ටන්ගෙ ඇස් දිහාම බලන් හිටපු කියාරා ලොකු හුස්මකින් පෙනහළු පුරවගත්තා.
"මන් උනන්දු ෆොටෝස් ගැන නෙවේ කැප්ටන්! මන් උනන්දු යුද්ධෙ ඉවර වෙන එක ගැන.
හරි..ඔයා කියනවනම්.."එහෙම කියපු කියාරා මළසිරුරු වැටිලා තිබ්බ පාරට හැරුනා.
"ඉන්න..!!"
YOU ARE READING
Captain Azure | GL | Ongoing
Romance𝘼𝙯𝙪𝙧𝙚 ᵃᵈʲᵉᶜᵗⁱᵛᵉ 𝐛𝐫𝐢𝐠𝐡𝐭 𝐛𝐥𝐮𝐞 𝐢𝐧 𝐜𝐨𝐥𝐨𝐮𝐫 𝐥𝐢𝐤𝐞 𝐚 𝐜𝐥𝐨𝐮𝐝𝐥𝐞𝐬𝐬 𝐬𝐤𝐲 •Sinahala•GL•Story• (All from my ImAgiNatiOn)