2)තරහ

180 39 26
                                    

"කැප්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"කැප්..දැන් ඇති නේද?" ලුතිනන් ලියම්ගෙ කටහඬ නිසා කැප්ටන් ඇෂර් පන්ච් කරන එක ටිකකට නැවැත්තුවා.

"ලුතිනන්..පන්චින් බෑග් එක වෙනුවට ඉන්න ආසාවක් ඇවිත් වගේ.."

දාඩියෙන් නෑවිලා හිටපු ඇෂර් නළලට වැටිලා තිබුන දාඩියෙන්ම තෙත් වුන කෙස් රොදවල් ටික හරහා ඇඟිලි යවන අතරෙ භයානක හිනාවක් ලුතිනන්ට දැම්මා.

"නෑ නෑ...කැප්ටන් දිගටම කරන් යන්න.."වැඩේ වැරදුන බව තේරුම් ගත්ත ලුතිනන් ලියම් අමාරුවෙන් මූණට ගත්ත හිනාවක් එක්ක උත්තර දුන්නා.

හිස් වුන ජිම් එකේ පන්චින් බෑග් එක පිටින් තමන්ගෙ තියෙන හැම කේන්තියක්ම පිට කරන කැප්ටන් දිහා, ඒ ළඟින්ම ඉඳගෙන බලන් ඉඳපු ලියම්ට අසරණ පන්චින් බෑග් එක ගැන දුක හිතුනා. මොකද තමන් මෙච්චර කල් ආශ්‍රේ කරපු කැප්ටන්ගෙ පාරවල් වල සැර ලුතිනන් හොඳටම දැනන් හිටියා.

ටික වෙලාවකින් අතේ තිබුන සේෆ්ටි ග්ලවුස් දෙක ගලවන ගමන් කැප්ටන්, ලුතිනන් ළඟින් ඉඳගත්තේ හති අරින අතරෙයි.කැප්ටන් ඇෂර් හිටියේ දාඩියෙන් වගේම කේන්තියෙන් නෑවිලා.ඒත් දැන් ඒ කේන්තියෙන් සැළකිය යුතු ප්‍රමාණයක් පන්චින් බෑග් එක පිටින් ගියපු නිසා ලියම් කතා කරන්න හිතුවා.

"කැප්..මොකක්ද අවුල?"ලුතිනන් දන්න ආචාරශීලීම කටහඬ දාලා ඇහුවා.

ලොකු හුස්මක් හෙලපු කැප්ටන් ඇෂර්,මැදපු ලී පොලොවෙම හාන්සි වුනා.

"මීඩියා සෙට් එකක් එනවලු හෙට දවල්ට.මොකක්ද ප්‍රෝග්‍රෑම් එකක් කරන්න.."

"මොකක්??!!මේ කලබල අස්සෙ?" ලුතිනන්ට කෑගැහුනා.

කඳවුර ළඟටම ආවෙ නැතත් ත්‍රස්තවාදීන් සැළකිය යුතු පැති කිහිපයක් යටත් කරගෙන හිටියෙ.ඒ නිසා ප්‍රධානම කඳවුර වුන මේකට කොයි වෙලාවෙ පහර දීමක් වෙයිද කියලා විශ්වාස කරන්න බැරි වාතාවරණෙක සාමාන්‍ය මිනිස්සු ටිකකුත් මේක ඇතුලට ගෙන්න ගන්නෙ මොන එහෙකටද කියලා ලුතිනන්ට තේරුම් ගන්න බැරි වුනා.

"ඒත් කැප්..."ලුතිනන් කියන්න හැදුවත් කැප්ටන් ආයෙමත් කතා කරන්න ගත්තා.

"උඩින් ආව ඕඩර්ස්.." ඇෂර්ගෙ කටහඬේ තිබ්බෙ ලොකු උපහාසයක්.

"අඩුම ගානේ ඒ මිනිස්සුන්ට මොළයක් නැත්ද එයාලගෙ ජීවිත මෙහෙම මරු කටකට ගෙන්න ගන්නෙ?මෙතන ආරක්ෂාවක් නෑ කියලා එයාලට තේරුම් ගන්න බැරිද??!"ලුතිනන් එයාගෙන්ම ප්‍රශ්න අහගත්තත් කැප්ටන් උත්තර දුන්නා.

"ඒක තමා අපිට කරන්න වෙන්නෙ ලුතිනන්" ඇෂර් එතනින් නැගිටිද්දි ලුතිනනුත් නැගිට්ටා.

"මොකක්ද කැප් ඒකේ තේරුම?"

"අපි එයාලට ආරක්ෂාව සපයන්න ඕනේලු.."ආයෙමත් උපහාසෙ මුසු වුන කටහඬකින් කිවුව කැප්ටන් ජිම් එකේ නාන කාමරේ පැත්තට යන හැටි ලුතිනන් බලන් හිටියා.

කැප්ටන් කිවුව දේවල් වලින් ලුතිනන්ට තේරුම් ගන්න පුලුවන් වුනා කැප්ටන් පන්චින් බෑග් එකට මෙච්චර වෙලා මෙහෙම කරපු එකට හේතුව.

__________________________________________________________

Captain Azure | GL | OngoingWhere stories live. Discover now