කොච්චර මුරණ්ඩු වුනත් කියාරා ඒ සැර කටහඬ නිසා නතර වුනා.ඒත් තමන්ට දෙයක් කරන්න බෑ කියලා කිවුවොත් ඒක කරලා පෙන්නන්න තියෙන තදබල ආසාව නතර කරගන්න කියාරාට ඕනෙ වුනේ නෑ.
"ඔයා එන්න බයනම් කැප්ටන්, ඔයා ඔතනම ඉන්න. මන් යන්නම්." කියාරා පිටිපස්සට නොහැරී කියන අතරේ අඩිය ඉස්සුවේ ඉස්සරහට යන්නයි.
"ලියම්!" කැප්ටන්ගේ සපත්තු බොරලු පොළොවෙ සද්ද කරන හැටි වගේම වෝකිටෝකී එකේ කිරිකිරි සද්දෙ කෙල්ලට තමන්ගෙ පිටිපස්සෙන් ඇහුනා.
"කැප්"ලියම්ගෙ ඉක්මන් කටහඬ ගලාගෙන ආවා.
"මන් ඔතනට තව ටිකකින් එන්නම්. පුලුවන් තරම් ඉක්මණට වුන දේ තේරුම් ගන්න." මෙහෙ ස්වදේශිකයෝ පාවිච්චි කළේ අමුතු භාෂාවක්.ඒක තේරුම් ගන්න අමාරු වුනත් මෙහෙ ටික කාලයක් ඉඳිද්දි සමහර සෙබලු ඒක ඉගෙනගත්ත කියලා කියාරා ලියම්ගේ මාර්ගෙන් දැනගෙන තිබ්බා.
තමන් කැමරාව එක එක අතට හරවද්දි තමන්ගේ පිටිපස්සෙන් තාමත් ඒ අඩි සද්දෙ වගේම කටහඬ ඇහෙන එක ගැන කියාරාට දැනුනෙ අමුතු හැඟීමක්. ඒක ආරක්ෂාවක හැඟීමක්ද? නැත්තම් සැනසිලිදායක හැඟීමක්ද?
"එයාලා කතා කරන්නෙ බයෙන් කැප්. වෙනදා වගේම පොඩි වෙලාවක් යයි."ලියම් කතා කරන හැටි කෙල්ලට ඇහුනා.
සෙබළු කට්ටිය,මැරිලා ගිය අයව අයින් කරන හරියට ලන් වුන නිසා කියාරා නතර වෙලා කැමරාව ඒ පැත්තට අරන් ගියා. නොදන්න රටක නොදන්න තැනක මිනී ගොඩක් මැද්දට වෙලා ඉන්න එක කොච්චර අප්‍රසන්න භයානක හැඟීමක් වුනත් මොකක්දෝ හේතුවකට ඒ හැඟීම මේ මොහොතේ බල විරහිත වුනා.
"ෆ්‍රෙඩ්! මොකද වෙන්නෙ? ඇයි පරක්කු?" ඇෂර්ගේ කටහඬ ඇඳෙන අතරේ ඒ සපත්තුත් නතර වුනා.
ESTÁS LEYENDO
Captain Azure | GL | Ongoing
Romance𝘼𝙯𝙪𝙧𝙚 ᵃᵈʲᵉᶜᵗⁱᵛᵉ 𝐛𝐫𝐢𝐠𝐡𝐭 𝐛𝐥𝐮𝐞 𝐢𝐧 𝐜𝐨𝐥𝐨𝐮𝐫 𝐥𝐢𝐤𝐞 𝐚 𝐜𝐥𝐨𝐮𝐝𝐥𝐞𝐬𝐬 𝐬𝐤𝐲 •Sinahala•GL•Story• (All from my ImAgiNatiOn)