8) Blue Reaper

86 10 11
                                    

හඳ එළිය තදටම වැදිලා තිබුන මිදුල උදේ වරුවක්ද කියලත් කියාරාට වෙලාවකට හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හඳ එළිය තදටම වැදිලා තිබුන මිදුල උදේ වරුවක්ද කියලත් කියාරාට වෙලාවකට හිතුනා. මොකද මේන් බිල්ඩින් එකේ පඩිපෙලේ ඉඳගෙන හිටපු එයාට, පහළම පඩිය ළඟ තිබුන කූඹි ගුලේ කළු පාට තරමක් ලොකු කූඹි කිසිම කලබලයක් නැතුව හෙමීට ඇවිදින විදිහ පැහැදිලිව පෙනුනා.

"පීච්! ඔයා හොඳින් නේද?මොකද තාම මෙතන කරන්නේ!"තමන් ලඟට දුවගෙන එන ලියම්ගේ කටහඬින් නැගිට්ටුන කියාරාට තමන්ගෙ හිතට මෙච්චර වෙලා වද දුන්න එකහැඟීමක් නැතිවෙලා ගිය බව දැනුනා.

"මන් හොඳින්ද අහන්නේ මොට්ටයෝ!! මන්ද යුද්ධෙකට ගියේ!!"
ලියම් හිටියෙ තාම දූවිලි දාඩිය එක්ක එකතුවෙලා මඩ පාට වුන මූණක් එක්ක. ලියම්ගේ මඩ පාටට හුරු යුනිෆෝර්ම් එකේ තැනින් තැන තිබුන වයින් පාට සළකුනු මොනාද කියලා කෙල්ලට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ වුනේ නෑ.

ලියම් හිනා වෙලා කෙල්ලගෙ කොණ්ඩෙ අවුස්සලා කෙල්ල ඉඳගෙන හිටපු පඩිපෙළෙන්ම වාඩි වුනා.

"ඒක යුද්ධයක් නෙවේ මෝඩියේ. ඒක පුංචි රණ්ඩුවක්."

"ලුතිනන්!" එතනට ආපු සෙබලු කට්ටියක් ලියම්ට ආචාර කරද්දි ලියම් එයාලට ඔලුව වැනුවා. ලියම් වගේම හෙම්බත් වෙලා පෙනුන සෙබලු ඊට පස්සෙ එයාලගෙ බැරැක්ක පැත්තට ගියා.

"ඔයාලගෙ අයට කොහොමද?" කියාරා හෙමින් සැරේ ඇහුවා. "ගොඩක් සද්ද ඇහුනා."

"තුවාල තිබ්බා. දෙකක් බරපතලයි. ඒත් දැන් ඒ දෙන්නම සැලකිය යුතු තරමට හොඳින්."

"හ්ම්.."හුස්මක් හෙලපු කියාරා අහස දිහා බැලුවා.

"කැප් දැන්ම එන්නෑ. ගිහින් නිදාගන්නවා." ලියම්ගෙ වචන වලින් ගැස්සුන කියාරා පඩිපෙලෙ බැහැලා ලියම්ගෙ ඉස්සරහ හිටගත්තෙ ඔරවගෙන.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 01 ⏰

Add this story to your Library to get notified about new parts!

Captain Azure | GL | OngoingWhere stories live. Discover now