"මන් පිළිගන්නවා ලියම්..ඔයාගෙ කැප්ටන් තමා මේ ලෝකේ දරුණුම කැප්ටන්..!!"
කඳවුරේ සෙබළු කීප දෙනෙක් එක්ක මීඩියා ටීම් එකේ අයත් ළඟම තිබ්බ ගමකට යන වෙලාවේ කියාරා එහා පැත්තෙන් එන ලියම්ට කෙඳිරුවා.
ලියම්ගෙ මූණේ ඇඳෙන ලොකු හිනාව දැක්ක කියාරාට, එයාට මොකකින් හරි දමලා ගහන්න හිතුනත් මේ වෙලාවේ ඒක කරන එක අමාරු දෙයක් වුනා.
"ඔයාලගේ බෑග් එල්ලගෙන, ගමට පයින් යන එක අමාරු දෙයක් වෙන්නෙ කොහොමද පීච්? ඔයා දන්නවා අපේ බෑග් ඊට වඩා දහගුණයක් බරයි කියලා."
"මන් දන්නවා.ඒත් අපි යුද්ධ කරන්න පුරුදු වුන අය වගේ පේනවද?!මේ බෑග් එක නිසා තව ටිකකින් මගෙ කොන්දත් කැඩෙනවා.
අනික ඇයි අපිට ජීප් එකේ යන්න බැරි?ඔයාගෙ මහ ලොකු කැප්ටන් ඒකේ ඉඳන් යන්නෙ නිකම් අපිව පේන්නෑ වගේනේ."තමන්ගේ ඉස්සරහින් හෙමින් ඇදෙන ජීප් දෙකෙන් එකක පිටිපස්සෙ ඉඳගෙන කොළ වගේකට අවධානේ දීලා හිටපු කැප්ටන් දිහා බලාගෙන කියාරා එරෙවුවා.
"එයා අපේ කැප්ටන්,පීච්..අනික ආපහු එද්දි එයා අනිවාර්යයෙන්ම පයින් එන බව මන් දන්නවා."
ලියම්ගෙ කටහඬේ අන්තිමට ඇඳුනේ දුකක්ද කියලා කියාරාට හිතෙන්න ගත්තා.ඒත් ඉතුරු ටික කියද්දි ලියම්ගෙ මූණෙ ඇඳුනේ කින්ඩි හිනාවක්.
"ඒත් ඉතින් ඔයාලගෙ ටීම් ලීඩර්ම තමා කියලා තියෙන්නේ, මෙහෙ අත්දැකීම් ගොඩක් සමීපව විඳින්න ඕනේ කියලා.ඉතින් ඔයාලට පයින් ඇවිදලා අත්දැකීම් ගන්න අවස්තාවක් කැප්ටන් හදලා දීලා තියෙන්නෙ.සතුටු නැත්ද?""ඈහ්!!වාව්..හරිම ශෝක්!!"
කෙල්ල උපහාසයක් එක්ක කියලා ආයෙමත් නැවතිලා බෑග් එක හදාගත්තේ හති අරින අතරෙයි."මේ මන් දැනන් හිටපු පීච් වෙන්න බෑ..මාත් එක්ක හැම දේටම ඔට්ටු අල්ලන කෙල්ලමද මේ?!" ලියම් හිනාවෙවී කිවුවෙ කියාරා නැවති නැවති හති අරින දිහා බලාගෙනයි.
"මගෙ අසනීපේ මාව සෑහෙන්න වෙනස් කරලා නේද ලියම්?!"කියාරාගෙ කටහඬ වේදනාවෙන් ඇදුනා.
"පීච්..!!"ලියම්ගෙ කටහඬේ දුකක් වගේම කේන්තියක් තිබුනා.
"හරි හරි..මන් ආයෙ කියන්නෑ.."කියාරා වේදනාත්මක හිනාවක් පෙන්නන අතරේ නළලේ දාඩිය බින්දු ටික ජැකට් එකේ අතින් පිහිදුවා.
"ඒක නෙවෙයි..
ඔයාගේ ටීම් එකේ අය ඔයා එක්ක එකතු නෑ වගේ පේන්නේ ඇයි මට?"ලියම් පිටිපස්සෙන් ඇවිදන් එන ටීම් එකේ අනිත් අය දිහාට බැල්මක් දාලා ආයෙ එහා පැත්තෙ ඉන්න කියාරා දිහා බැලුවා."මන් එයාලා එක්ක එන එකට එයාලගෙ කැමැත්තක් තිබුනේ නෑ.ඉතින් මන් එයාලව බ්ලැක් මේල් කරලා එයාලා එක්ක ආවා."කෙල්ල හිනාවෙවී කියන්න ගත්තත් ලියම්ගෙ බැල්ම වෙනස් වෙන්න ගත්තා.
"ඔයා මොකක් කලා??!"
"අයියෝ ලියම්.. පොඩි තර්ජනයක් කලා කියලා කවුරුත් මැරෙන්නෑ.."
"කියාරා!! ඔයා විහිලු කරනවද!!?මේක සෙල්ලම් කරන්න පුළුවන් තැනක් නෙවේ..!!"ලියම් පුලුවන් තරම් එයාගේ කේන්තිය පාලනේ කරගන්න හැදුවත් බෙල්ලෙ තියෙන නහර ඉලිප්පුන හැටි කියාරාගෙ ඇස් වලින් හන්ගන්න බැරි වුනා.
"මන් දන්නවා ලියම්.."කෙල්ල හෙමින් කෙඳිරුවා."ඒත් තාත්තට ඕනෙ විදිහට මගෙ ජීවිතේ ගෙවන්න මට ඕනෙ නෑ..ඒක අනිත් කාටත් වඩා ඔයා හොඳටම දන්නවා."
"ඒත්..."ලියම් කියන්න හැදුවත් කැප්ටන් වාහනේ බිමට පැන්නේ හැමෝටම කතා කරන අතරේ.
"කට්ටියම ලෑස්ති වෙන්න!!" කැප්ටන් ඇෂර්ගෙ තීව්‍ර කටහඬ හැමෝටම පැහැදිලිව ඇහුනා.
පයින් එන්න සලස්වපු එක කෙසේ වෙතත් ලියම්ගෙ ප්‍රශ්න පත්තරේ නැවැත්තුව එකට කැප්ටන්ට හදවතින්ම ස්තූති කරපු කියාරා ලොකු හුස්මක් හෙලුවා.
ඒත් ටිකකින් ගමක් වගේ පෙනුන තැන පේන්න ගනිද්දි කියාරාට හුස්ම ගන්න එකත් අමතක වුනා.
"දෙයියනේ!!" කියාරා කෙඳිරුවේ එක තැන නතර වෙන අතරේ.
________________________________________________________
මේ තෑග්ග හදපු කැප්ගෙ රසිකයාට ගොඩක් ස්තූතියි
_BlinkeY_
STAI LEGGENDO
Captain Azure | GL | Ongoing
Storie d'amore𝘼𝙯𝙪𝙧𝙚 ᵃᵈʲᵉᶜᵗⁱᵛᵉ 𝐛𝐫𝐢𝐠𝐡𝐭 𝐛𝐥𝐮𝐞 𝐢𝐧 𝐜𝐨𝐥𝐨𝐮𝐫 𝐥𝐢𝐤𝐞 𝐚 𝐜𝐥𝐨𝐮𝐝𝐥𝐞𝐬𝐬 𝐬𝐤𝐲 •Sinahala•GL•Story• (All from my ImAgiNatiOn)