💗 Unexpected Love 💗 [ 02 ]

1K 216 47
                                    

• -------- • After 2 Years • --------- •

අවුරුදු දෙකක් ගත වුනේ නොදැනිමයි.. දැං මං Seoul University එකේ 2nd year student කෙනෙක් .. මං විතරක් නෙවෙයි ... යුන්ගි,ජිමින් දෙන්නත් එහෙම තමයි ...
මොනා උනත් දෙන්නා මගේ පතාගෙන ආව මිත්‍රයො දෙන්නා නිසා.. කොහෙ ගියත් මාත් එක්කමයි... ඒ නිසා මට බය වෙන්න දේකුත් නැති තරම්..

මීට අවුරුදු දෙකකට කලින්.. යුන්ගියි ජිමිනයි කියපු දේ අහලා මං කායිව අතඇරියා... මං හිතනවා ඒක තමයි මං ගත්ත හොදම තීරණේ කියලා..
කායිව අතඇරියම මං තනි වෙයි කියලා හිතුවත්.. මගේ යාලුවො දෙන්නා කවදාවත් මට තනිවෙන්න ඉඩ දුන්නෙ නෑ....

ඒ තේරුමක් නැති බැදීමෙන් නිදහස් උනාම මට දැනුන සැනසීම , සැහැල්ලුව.. ඒක කියන්න තේරෙන්නෙ නෑ...
ඇත්තටම එදා ඒ තීරණේ නොගත්තනම් .. මං අදටත් ගොඩක් දුක් විදියි ... එහෙනම් අද මං මේ විදියට මේ University එකටත් නොඑන්න තිබුනා...

දඩාස්.. 💥💥

Tae ; " බුදාම්මෝ මගෙ කොන්ද.. "

මං පරණ දේවල් ගැන හිත හිත Library එක පැත්තට යද්දි මාව පර්වතයක හැප්පුනා..
හම්මේ කොන්ද නෑ වගේ..

මං හැප්පුනේ මොකේද කියලා බලන්න ඔලුව ඉස්සුවා.. මොකද මං ආවෙ කොරිඩෝ එක දිගේ කියලා මට ශුවර්.. ඉතිං කොරිඩෝ එකේ කණුවක් තියෙන්න බෑනෙ..

හැබැයි මං ඔලුව උස්සද්දි ඉන්න කට්ටිය දැක්කාම මගේ ඇස් උඩ ගියේ... දැං මට මොන මගඩියකට මුහුණ දෙන්න වෙයිද කියලා හිතන ගමන්.

එතන හිටියේ වෙන කවුරුත් නෙවෙයි ... යුනි එකේ ඉන්න මැරයො තුන් දෙනා.. තුන් දෙනා කිව්වට.. ' මැරයයි යාලුවො දෙන්නයි ' ...
යුනි එකේ ඉන්න හැම ළමයෙක්ම මේ තුන් දෙනාට පණ බයයි.. සමහර ගුරුවරු පවා..
මොකද මේ University එක එයාගෙ අප්පගෙලු..
එයාගෙ නම ජංකුක් .. ජියොන් ජංකුක් ...

****

****

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕌ℕ𝔼𝕏ℙ𝔼ℂ𝕋𝔼𝔻 𝕃𝕆𝕍𝔼 || ⓋⓀⓄⓄⓀ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now