• --------- • Camping Day • --------- •
..
@ Daegu ......
අපි හැමෝම උදේ 7.30 ට විතර ගෙවල් වලින් පිටත් උන නිසා... 11.00 විතර වෙද්දි ජිමින් අර කිව්ව කන්ද ලගට එන්න පුලුවන් උනා....
නගරයක් පේන්නවත් නැති ඒ පැත්ත සොභාදහමට විතරක් වෙන් උන පැත්තක් උනා.....
මේ වෙලාව වෙද්දි ඉර මුදුන් වෙලා තිබුනත්... ගස් වැල් වලින් වටවුනු මේ පැත්තෙ තිබුනෙ... හරිම සිසිල් බවක්..නම්ජුන් හියුන්, ජින් හියුන් , යුන්ගි , ජිමින් , මම , කුකී හියුන් වගේම මේ ගමනට හෝසොක් හියුනුත් එකතුවෙලා හිටියා.. එයත් අපේ හොද යාලුවෙක් නිසා කොහොමටවත් එයාව දාලා එන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.. එහෙම දාලා ආවත් ... ආය ගියාම කනක් ඇහිලා ඉන්න වෙන්නෙත් නෑ.. 😂
අපි කට්ටියම ..... අපි ආපු වෑන් එකෙන් බැහැලා.. අපිට අවශ්‍ය කරන බඩු ඔක්කොමත් අරගෙන කන්ද නගින්න පටන් ගත්තා....
අපේ බෑග් ... ටිකක් බර නිසාම කුකී හියුන් මගෙ බෑග් එක ඉල්ලුවත්.. මං එයාට ඒක නොදුන්නෙ ... එයාගෙ බෑග් එකයි මගෙ බෑග් එකයි දෙකමත් අරගෙන කන්දත් නගිද්දි මගෙ හියුන්ට මහන්සියි කියලා දන්න නිසා..අපි ඔක්කොම බඩු ලෑස්ති කරගෙන කන්ද නගින්න පටන් ගද්දි.. දවල් 12.00 විතර ඇති..
කොහොමහරි අපි හෙමින් හෙමින් කන්ද නගින්න පටන් ගත්තා...
හිතුව තරම් ඒක අමාරු නොවුනෙ.. කන්ද නගින පාර දිගට ගල් අල්ලා තිබුන නිසා..
YOU ARE READING
𝕌ℕ𝔼𝕏ℙ𝔼ℂ𝕋𝔼𝔻 𝕃𝕆𝕍𝔼 || ⓋⓀⓄⓄⓀ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
Fanfictionඇස් වලින් හිනැහෙමින් නුඹ කියන කතාවට ....... දෙතොල් පෙති නලියමින් නුඹ හෙළන හිනාවට ....... පපුව අස්සෙන් දැනෙන නුඹේ එක හුස්මකට ....... නැහි නැහී කරමි පෙම් මම මගේ රන් කදට ....... ___________________________________________ ⚠️️ මෙය මාගේ...