💗 Unexpected Love 💗 [ 04 ]

945 197 19
                                    

_____ After 5 years _____

මං උදේ ඇහැරුනේ.. මං තුරුල් වෙලා හිටපු උණුහුම .. නැහැ කියලා දැනුන නිසා...

Tae ;  " කුකී හියුන්ග්... කෝ උයා.. ? "

මං ඇස් පොඩි කර කරම නැගිට්ටේ ... මේ මනුස්පයා කොහෙ ගියාද මන්දා ..
කියලා හිතන ගමන් .. මං ඇදෙන් බැහැලා Bathroom එකට ඔලුව දාලා බැලුවෙ... ඒකෙවත් ඉන්නවද කියලා..
ම්ම්හූ ... ඒකෙත් නෑ...

Tae ;   " කුකී හියුන්ගියෝ... ඔයා කොහෙදෝ... "

මං එයාට කතා කරන ගමන්ම කාමරෙන් එළියට ගියේ.. එයා මට නොකියා කොහෙවත් නොයන බව දන්න නිසා..

මායි කුකී හියුනුයි ගිය අවුරුද්දෙ Marry කරා..
එයාගෙ අප්පාට අපි දෙන්නගෙ සම්බන්ධෙ කියන්න යද්දි.. මම ගොඩක් බය වෙලා හිටියේ ... කවුරු උනත් එහෙමනෙ.. තමන්ගෙ මාමණ්ඩි හම්බෙන්න යද්දි කාටද පුලුවන් සන්සුන් වෙන්න... .

ඒත් මගෙ කුකී හියුන් .. කියලා කියලා ... කොහොම හරි මාව සන්සුන් කරා..
එයා කිව්වා..
මොනම ප්‍රශ්නෙකදිවත් , මොනම හේතුවකටවත් ... මාව දාලා යන්නෙ නෑ කියලා..
මං එයාව විශ්වාස කරා.. අදටත් මගෙ කුකී හියුන් ඒ විශ්වාසෙ කැඩුවෙ නෑ...

අපි අප්පව හම්බෙන්න ගේ ඇතුලට යද්දිත් කුකී හියුන්ග් මගෙ අත තද කරලා අල්ලගෙන හිටියා... එයා මට ලොකු හයියක් උනා....

මමනම් හිතුවෙ අප්පා අපිට ලේසියෙන් කැමති වෙන එකක් නැහැ කියලා.. මොකද අපි දෙන්නම පිරිමි නිසා..
ඒත් , කුකී හියුන්ගෙ අප්පට මේ ලෝකෙ හැමදේටම වඩා වැදගත් උනේ.. හියුන්ගෙ සතුට...
එයා කුකී හියුන්‍ට ගොඩක් ආදරෙයි..
හියුන්ට වගේම එයා මටත් අප්පා කෙනෙක් උනා.. 

හියුන් University එකෙන් Graduate උනාට පස්සෙ ... එයා අප්පගෙ Company එක බාරගත්තා... දැං එයා තමයි Jeon Company එකේ CEO ..
හියුන් Graduate වෙලා අවුරුද්දකට පස්සෙ ... මාත් Graduate උනා....
මට Job එකක් කරන්න කොච්චර උවමනාවක් තිබුනත්.. හියුන්ග් කැමති උනේ නෑ මම Job එකක් කරනවට...

ඉතිං ඊට අවුරුද්දකට පස්සෙ අපි දෙන්නා Marry කරා..
මොකද , හියුන්ග් ට ඕනෙ උනේ.. මාව එයා ලගම තියා ගන්න...

හියුන්ග් හැම වෙලේම මාව සතුටු කරා..
Uni යන කාලෙදි වගේම .. අපි Marry කරාට පස්සෙත්.. පොඩි පොඩි Gift වලින්.. මාව සතුටු කරන්න හියුන් පුරුදු වෙලා හිටියා...

𝕌ℕ𝔼𝕏ℙ𝔼ℂ𝕋𝔼𝔻 𝕃𝕆𝕍𝔼 || ⓋⓀⓄⓄⓀ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now