පිවිසුම....

862 81 211
                                    

එකල්හි නීලෝදර දේශයට අරාජික සමයක් නොවුණත් යක්ඛ වංශික උරුමයට නම් අතිශය අරාජික සමයක් විය....එය සිදුවූයේ මෙසේය....
නීලෝදර දේශය තරම් සශ්‍රීක රාජ්‍යයක් මුළු හෙලයටම නොවීය...දිගු කලක සිට යක්ඛ වංශික උරුමයට අනුව රජකම පැවත ආ නීලෝදරය වනාහි කායික හා මානසික සැපය අතින් ගත් කල දෙව් ලොවද පරයන රාජ්‍යයක් විය....

ඒ කෙසේවෙතත් මීට වසර විස්සකට පමණ පෙර කාලිංග පුරයේ සිට පැමිණි කෲරත්වය පිලිබිඹු කල අසුර වංශික රජෙකු වූ චෝරදණ්ඩ විසින් නීලෝදරය අල්ලාගෙන එවකට සිටි යක්ඛ රජු , බිසව සහ සිහසුනට උරුමකම් කී තෙමස් වියැති කුඩා බිලිදුන්වද මරා දැමීයයි සදහන් වේ....රාජ්‍යයට උරුමකම් කී සියල්ලන් මරා දැමුවත් චෝරදණ්ඩ රජු සිතූ තරම් කෲර අයෙක් නොවීය....

හෙලයන් සතූ පූජා භූමි සංවර්ධනය , රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උදෙසා සිදු කල සාම ගිවිසුම් සහ සෘෂිවරුන් වෙත දැක්වූ සහයෝගය ඔහුගේ සාමකාමී ක්‍රියා පිලවෙතේ ප්‍රතිඵල විය.....ඒ් කෙසේවෙතත් සිය රජු මරා දැමීම හේතුවක් කොටගෙන දේශයේ කිසිවෙක් චෝරදණ්ඩ රජු වෙත සිත තුලින් පැහැදීමක් නොවූ අතර අප්‍රමාණ කුමන්ත්‍රණ සංඛ්‍යාවක්ද රජු වටා ගොඩ නැගී තිබුණි......

චෝරදණ්ඩ විසින් අතිශය රහසිගත ව සිදු කල එක් ක්‍රියාවක ප්‍රතිඵල අනාගත කාලයේ සියල්ලන්ටම යහපත් ලෙස ලැබේවිද......

නීලෝදරයේම කොටසක් වූ අභිමාර්ථ දේශය වනාහි අභිසෙස් ලැබූ සෘෂිවරුන් සහ සෘෂි පරම්පරාවන් තුලින්ම පැවත ආවලුන් සිටි අදෘශ්‍යමාන ලෙස සූර්ය ශක්තිය ලබා ගැනීමට වෙර දැරූ අතිශය ප්‍රබල මානසික ශක්තීන් ප්‍රගුණ කල පුද්ගලයින් සිටි දේශයකි......

සූර්ය ශක්තිය ලබා ගැනීම උදෙසා ශිෂ්‍යයන් සකසන 🍃✨ඛේම ආරාමය වනාහි හෙලය තුල ඇති එකම සහ ප්‍රබලම සෘෂි අසපුව විය..... අභිසෙස් ලැබූ සෘෂිවරුන් මෙහි ආචාර්යවරුන් ලෙස ක්‍රියා කල අතර අභිසෙස් නොලැබූවන් සූර්‍ය දේව , කුන්ඩලේනි, කාලදේණී වැනි ප්‍රබල මානසික විද්‍යාවන් අධ්‍යාපනය ලැබීය.....

වසර දහස් ගණනකට පෙර පුලස්ථි නම් ප්‍රබල සෘෂි වරයෙකු විසින් සිදු කල ප්‍රකාශය පදනම ලෙස ගෙන ඛේම ආරාමය පවත්වා ගෙන ගිය අතර එය නම් මෙසේය.....

••සුරාමන්••𒅒[hιsτοrιcαl]Where stories live. Discover now