2 පරිච්ඡේදය°°••

266 72 102
                                    

"යුගේන්ද්‍ර"

චෝර දණ්ඩ සිය ඉදිරියේ සිටගෙන සිටි සතලිස් විය ඉක්මවීම ට සූදානම් මුත් අතිශය කඩවසම් දේහධාරී  පුරුෂයාව ඇමතූයේ රාජසභාවේදී නොවූ තරම් සුමුදු ස්වරයකින්....

" යුගේන්ද්‍ර නුබ කුමක්ද මේ මැදියම් රැයද ආසන්න වීමට තිබියදී මාලිගයේ කරනුයේ...

සෞම්‍යගේ රෝගය දැන් සුවද...

නුබට හැකිද ඔහුව තනිව රැක ගැනීමට....

මා සේවකයින් පිරිසක් ලබා දෙන්නද ඔබට...

ඔබට කුසගිනිද...පිපාසද...

කිමද නුබ පිලිතුරු නොදෙනුයේ....පවසන්න..."

මෙසේ නොනවත්වා චෝරදණ්ඩ අතිශය කලබලකාරී ලෙස ප්‍රශ්න යොමු කරද්දී යුගේන්ද්‍ර නම් සිනාසී එදෙස බලා සිටියේ සිය රජුගේ අතිශය ළදරු හැසිරීම ආසාවෙන් නරබමින්.....

" ඕ හෝ හෝ....ඔබ මා හට අවස්ථාව ක් දුන්නෙහිද කිසිවක් පැවසීමට....."

එවර නම් යුගේන්ද්‍ර සිය නිහඩ බව බිදදැමුවා....

" ආ එය ...නම්...මේ....ඔව් ...සත්‍යයක්....
තමා.....ඉදින් පවසන්නකෝ කාරණාව ඔබ පැමිණි....."

චෝරදණ්ඩ පැවසූයේ මදක් අපහසුවකින්...

" පවසන්නම් ඊට පෙර ඔබගේ ඔය නිරුවත් උඩුකය වසාගනු....මා අකමැතියි කිසිවෙක් මාගේ දේවල් දැකගන්නවාට...."

යුගේන්ද්‍ර එය පැවසුවා නොවේ ඔහුට එය පැවසුණාය....

විමතියට පත් දෑසින් මද වේලාවක් යුගේන්ද්‍ර දෙස බලා හිදි චෝර ඉක්මනින් සළුවක් ගෙන සිය උඩුකය වැසෙන සේ දමාගත්තා....

" මා ඔබගේ නොවේ...මතක තබාගනු"

චෝරදණ්ඩ ක්ෂණිකව පැවසූයේ මවාගත් අමනාපයකින් හිස හරවා යුගේන්ද්‍ර දෙස බලමින්.....

එයට මද සිනහවකින් සංග්‍රහ කල යුගේන්ද්‍ර තමා පැමිණි  කාරණාවට පිවිසියා.....

" බටහිර දේශයේ වෙළද කටයුතු පාලනය කලේ රාමන් කුමාර විසින් ...දැන් ඔහු නොමැති බැවින් එහි පාලන කටයුතු අඩාල වීමට නොදී කිසිවෙකු හට පැවරිය යුතු නොවේද .....

සෞම්‍ය ගැන පවසනවානම් ඔහුගේ තත්ත්වය දැන් තරමක් සුවයි...රෝගය සුව වීමට ආසන්නයි මා සිතනුයේ"

••සුරාමන්••𒅒[hιsτοrιcαl]Where stories live. Discover now