6 පරිච්ඡේදය°°••

188 61 66
                                    

හමා ගිය මද නල සිය ගත සිපගනිද්දී සුමුදු මුදු කුමුදු සුගන්ධය සිය නැහැය පිස යද්දී මැදියම් රැයද පසුවීම නිසාවෙන් තවද අවදියෙන් සිටීම රාමන් හට අතිශය අපහසු විය.නමුදු දේවායු හමුවන තෙක් නින්දද ඔහු අසලට නැවීය....

"නැගීසිටිනු....."

"අහා...කවුරුද.....දේවායු නුබද.....පවසන්නකෝ...."

රාමන් අසිහියෙන් මෙන් හඩනගද්දී ඔහුට දැනුනේ කිසිවෙකු විසින් ඔහුව සිය කරමතට ගන්නා බවයි.....නිදි බර අඩවන් දෑස් විවර කරගැන්ම අපහසු වූවත් ඡායා මාත්‍රයක් මෙන් දුටු දේවායුගේ රුව රාමන් හට සහනයක් විය....

"දනීද නුබ.... මා නුබ වෙනුවෙන් මයි නොනිදා සිටියේ......

නුබ කෙසේ දනීද රාත්‍රී පුරා රතී කෙලමින් හිද....."

"මුග්ධයා.....

කවුරුන්ද නුබට පැවසූයේ මා රතී කෙල වග....."

දේවායු පැවසූයේ කෝපයෙන්ම රාමන් සිය කුටියේ සයනය මතට අත්හරිමින්.....

"හරි එසේනම් නුබම පවසන්නකෝ කොහිද නුබ උදෑසන සිට අතුරුදහන් වූයේ කියා....."

"අවැසි නොවේ ....
ඕනෑම ආකාරයකට සිතා ගනු මුග්ධයා..."

"නුබ නම් සැබැවින්ම අලසයි උඩගුයි කෲරයි.....ඔය සියල්ලේම සම්මිශ්‍රණයක් නුබ......"

"සැතපෙනු දැන්...."

දේවායු පැවසූයේ කුටියෙන් පිටව යාමට සැරසෙමින්.....

"ඉදින් මෙය නුබගේ කුටියනේ....මන්ද පිටව යනුයේ....."

"එක් සයනයක් පමණයි තිබෙනුයේ....නුබ සැතපෙනු මා අතිරේක කුටියක් සකසා ගන්නම්......"

"අවැසි නොවේ....සයනයේ නුබටත් අවකාශය තිබේ....පැමිණෙන්නකෝ ඉදින්....."

එවර නම් රාමන්ගේ ප්‍රකාශය දේවායු නොසන්සුන් කෝපයකට පත්කලා.....

"නුබ සමග සැතපීමට වඩා සැපයි අස්ගාලේ සැතපීම......"

රාමන් දෙස බලා උපහාසාත්මක ස්වරයෙන් පවසා දේවායු පිටව යාමට සැරසෙත්ම...

"කෲර අහංකාර උද්දච්චයා....ඉදින් සැතපෙනු අසුන් සමග.... මටත් අවැසි නොවේ නුබවන් අයෙක්...."

••සුරාමන්••𒅒[hιsτοrιcαl]Where stories live. Discover now