8 පරිච්ඡේදය°°••

217 60 47
                                    

"සම්මිශ්‍රණයක්"

සිය පිටුපසින් තවත් අයකු පවසනු ඇසූ වහාම රාමන් දුටුයේ දේවායු...රාමන්ගේ හස්තයෙන් ඇද ඔහු සිය පසෙකට ගත් දේවායු ඉදිරියේ උන් ආගන්තුකයා ඇමතීය..

"දක්ෂථ් පිටවනු මෙහින්...තමුන් වැන්නෙක් මෙහි සිටීම අවශ්‍ය නොවේ....."

"ඔහුගේ නාමය දක්ෂථ් ද.....ඔබ මොහු හදුනන්නෙහිද....."

රාමන් ඇසූයේ විස්මිත ස්වරූපයකින් වුව දේවායුගෙන් ලැබූයේ කෝපයෙන් දිදුලන බැල්මක්...රාමන් නිහඩ කිරීම උදෙසා එය අතිශය ප්‍රමාණවත් විය.....

"තා කවුරුදැයි මා නොදනී මුත් මා හට අවැසිද නොවේ....ඔය කුමරුවන් පමණයි අවැසි මාහට ....

ඔහු ලබාදෙන්න මා පිටවෙන්නම්....."

දක්ෂථ් පැවසූයේ රුධිර පැහැ ගත් දෑසින් රාමන් කෙරේ කුරිරු මුත් තණ්හාදික බැල්මක් යොමු කරමින්....

රාමන් හට එය තැකීමක් නොවූවද දේවායු නම් සිටියේ කෝපයේ පරතෙර ඉක්මවා යෑමට අතිශය සූදානමිනි.....

"තගේ ඔය අප්‍රසන්න බැල්ම ඉවතට ගනු දක්ෂථ්....."

දේවායු කෝපයෙන් ගූගුරද්දී දක්ෂථ් සිය මුවගේ රද උපහාසය යලිත් වියරුවක් බවට පත් කලේ ක්ෂණයෙන්....

සුදුමැලි සම ඉරිතලා ගිය කර්ණිකා තුලින් මතුවූ වියලී ගිය රුධිරය දක්ෂථ් ගේ මුළු සිරුර පුරාම විය...ශ්වේත වර්ණ පමණක් ගත් දෑස සහ දියවී යන්නාක් මෙන් වූ කාලවර්ණ කෙස්වැටිය ඔහුට අමනුෂ්‍ය ස්වරූපයක් ගෙන ආයේ ස්වාභාවිකවය....කෙසේ විනා ඔය සියල්ල වැසෙන සේ දමාගත් කළු ලෝගුව තුලින් දිස් වූ ඒ විනාශකාරී දෑස සාමාන්‍ය අයකු නම් දුටු තැන භීතියෙන් මරා දැමීමට තරම් භයානක ස්වරූපයක් විය....

නමුදු දේවායු හෝ රාමන්ගේ ශක්තිමත් මනස උදෙසා බලපෑම් කිරීමට තරම් එය ප්‍රබල නොවීය...

"තමුන් සමග ගනුදෙනුවක් නොවේ අඥාණයා.....මාගේ බැල්ම සදා කුමරුවන් වෙත පමණයි......මාගේ මාර්ගයෙන් ඉවත් වනු.... නොමැතිනම් තගේ මරණය මා අතින් සිදු වේවි"

"මා පසුකර හැර හැකිනම් රාමන් වෙත යනු......"

"එසේ නම් තගේ මරණය මේ මොහොතේ වුව සිදුවිය හැකියි...."

••සුරාමන්••𒅒[hιsτοrιcαl]Where stories live. Discover now