9 පරිච්ඡේදය°°••

201 54 99
                                    

රාමන්ගේ දෑසේ වූ විස්මයාර්ථය මගහැරි චෝර රාමන් සහ දේවායු උදෙසාද අසුන් ගන්නා ලෙස සන් කලේය.
දේවායු යමක් පැවසීමට සැරසෙත්ම ඛේම මුණිගේ සංඥාව දැක ඔහු නිහඩ වූවා.....

"කවුරුන්ද ඒ පැමිණියේ...ඔහු කවුරුන්ද...."

රාමන් ඇසූයේ විවෘතව වුව එයට පිලිතුරු ලැබූයේ චෝරගෙනි.

"මාමණ්ඩි"

"කුමක් පියාණෙනි....."

"නුබගේම මාමණ්ඩි"

රාමන්ගේ දෑස් යලිත් මගහැර පිලිතුරු දුන් චෝර සිය මනසින් සිදුවීම් එකිනෙක පෙලගැස්වූයා....

•••••••••







විසි වසරකට පෙර•••

උදෑසනින්ම සදළුතලයෙන් පිටත දෑස් යොමුකර සිටි ගැබුරු බැල්මේ හා කහා වර්ණ දීප්තිමත් හිසකේ යුත්  කඩවසම් පුරුෂයා වනාහි අන් කවරෙකු හෝ නොව දේශයේ පාලකයා වූ අශ්වින් රජුය....වෙනදා නොවූ කැළඹීමක් සිය මනසේ ලැගුම්ව ඇති සෙයක් රජුට වැටහුණද එයට හේතුව දැන දැනත් පිලියමක් කිරීමට නොහැකි වීම ගැන පසුතැවීමක ස්වරයක් රජුගේ කඩවසම් වතේ ගැබ්වී තිබුණේය.....

යලිත් සුසුමක් පිට කල අශ්වින් රජු පෙරදා රැයේ සිදුවූ සිදුවීම සිහිපත් කලේය....

"අයියණ්ඩී ....ඔබ කුටිය තුල සිටීද....."

කුටියෙන් පිටත සිටි දක්ෂථ් හට පැමිණෙන ලෙස හස්තයන් සන් කරනාතරතුර.....

"පැමිණෙන්න දක්ෂථ්.... නුබ අවසර ඇයදීම අනවශ්‍යයයි....."

"එය ඉදින් නුබ පවසනවා විනා කිසිදා මා හට ක්‍රියාවෙන් පෙන් වූයේ නැහැනේ...."

දක්ෂථ්ගේ වදන් තුල සියුම් නොවූ උපහාසයක් ගැබ් ව තිබූ බව වැටහුණද අශ්වින් රජු එය මායිම් නොකල යලිත් සිය සුපුරුදු ස්වරයටම පිවිසීය....

"දක්ෂථ් ඔබ පැමිණියේ ඔය කාරණය පිළිබඳ සාකච්ඡා කෙරුමට නම් පසුව පැමිණෙනු....."

"කිමද පසුව....නුබ සැමද පසුව පසුව පසුව යයි පවසනවා....කිනම් අවශ්‍යතාවයක්ද මා නුබගේ ඔය වදන් පිලිගැන්මට....."

"දක්ෂථ්......"

අශ්වින් රජු පැවසූයේ සිය මලණුවන් දෙස කෝපයට නුදුරු බැල්මක් හෙලමින්.....

••සුරාමන්••𒅒[hιsτοrιcαl]Where stories live. Discover now