විඩාබර ගමනේ අසහනය සහ නොසන්සුන් බව තරුණයාගේ දෑසේ යන්තමින් රැදී තිබුණත් ඔහුගේ ජවසම්පන්න සිරුරට නම් එයින් කිසිදු බාධාවක් නොවීය..... කෙටි හිසකෙස් ඉහලට කර බැද මදක් කඩමාලුව ගිය වස්ත්‍රයක් හැද සිටියද ඔහුගේ කඩවසම් බවට නම් එය හානියක් නොවීය....ඔහු නම් " රාමන් " ය.....
ස්වේත වර්ණ හිසකෙස් ලෙලදවමින් පාගමනින් ගිය ඔහුගේ ගමන් විලාසයේ නම් තිබූයේ අතිශය ආකර්ෂණීය විලාසයකි.....ඔහුගේම පසෙකින් අසරුවෙකු පිට නැගි රූමත් ස්ත්‍රියක් ද රාමන්ගේ වේගයට සම කිරීමට මෙන් ඔහු අසලින්ම ගමන් කලහ....
ඈත සිට බලන්නෙකු ට සැබැවින්ම මොවුන් දෙදෙනා කවුරුන්දැයි නිශ්චය කරගැනීම පවා අපහසු විය.....
මන්ද යත් කඩමාලුව ගිය වස්ත්‍ර හැද සිටියත් තරුණයා කෙරෙන් දිලිදු ස්වරූපයක් දිස් නොවීම සහ වටිනා ලෙසින් සැරසී සිටි තරුණියගේ නෙතගේ වූ රළු බැල්ම සහ මුවගේ වූ මද සිනහව හේතුවෙනි.....
" ගෞරි කුමක්ද ඔබ සිතනුයේ මේ ගමන පිලිබඳව.....මා හට නම් අතිශය අලසයි.....හහ් ස්ත්‍රියකුදු නොමැති දේශයක මා කෙසේ සිටින්නද.....අනෙක පියාණන් කිමද මාහට මේ කඩමාලු වස්ත්‍ර හැදවූයේ..."
ප්‍රථමයෙන් ම හඩ අවදි කලේ රාමන් ය....එහෙයින් ඒ ස්ත්‍රියගේ නාමය "ගෞරි" ය........
" කවුරුන්ද පැවසූයේ ස්ත්‍රීන් නොමැති වග"
ගෞරි ඇසුයේ මද සිනහවකින්....
"සෞම්‍ය"
රාමන් කෙටිව පිලිතුරු ලබා දුන්යේ සෞම්‍යගේ නාමය ඇසුණද ගෞරී කෝප ගන්නා බැවින්....කිමද නාමය සෞම්‍ය වුවද ඔහුගේ ක්‍රියාවන් සෞම්‍ය නොවූ හෙයින්....
" ඒ නොසණ්ඩාලයාද.....මුසාවන්නට ඇති...."
රාමන් පිලිතුරක් දීමට පෙර ගෞරි යලිත් කථනය ආරම්භ කලා....
" මෙය නම් හුදෙක් රජුගේ තීරණයකට වඩා සෙන්පති යුගේන්ද්‍රයන්ගේ තීරණයක් බවයි මාහට හැගෙනුයේ.....කමා කරනු කුමරු රාමන් මෙසේ පැවසීමට සිදු වීම මත....මා හට නම් හැගෙනුයේ චෝරදණ්ඩ රජු සෙන්පති යුගේන්ද්‍රයන්ගේ රූකඩ පාලකයකු බව යි....
YOU ARE READING
••සුරාමන්••𒅒[hιsτοrιcαl]
Tarihi Kurgu_රාජ්‍යත්වය සමග බැදී ඇති හෙළයේ බිද වැටුණු විශ්ව ශක්තිය යලි ගොඩනැංවීම උදෙසා පහල වූ යක්ඛ වංශික පිරිසිදු රුධිරය සහිත උරුමක්කරුවෙක්••• ඔහු හාම බැදී පවතින ආත්ම ගත සුවිශේෂී සහකරුවෙක්_ °°°°°°°°°√ "නාදුනන ස්ත්‍රීන් මුණගැසීම , අල්ලාප සල්ලාපය හා ඔවුන් නෙතින්...