යාහ්හ්..... කව්ද අම්මට කිව්වේ මට tutor කෙනෙක් ඕන කියල?. ඇයි අම්මේ එහෙම කරේ.😒
කට වහගෙන ඉන්න දැන්. තව ටිකකින් එයා එයි. ඔයාට මම නරකක් කරනවා නෙමෙයිනේ. දැන් ගිහින් ලෑස්ති වෙනවා.
" මම දුකින් වුනත් ගිහින් ලෑස්ති වුනා. අනේ මන්ද අද ඉදන් මගේ ජිවිතේ විනාශයි."
................................................................................................
" මම ලෑස්ති වෙලා ඉවරවෙනකොටම වගේ පල්ලෙහායින් සද්දයක් ආවා. මන් හිතන්නේ මගේ tutor ඇවිත් වගේ.😒."
පුතේ එන්නකෝ. මෙන්න ඔයාගේ සර් ආවා.😊
එනවා අම්මේ....
ඉදගන්න පුතේ. ( පුතේ කිව්වේ ඔයාට නෙමෙයි හොදේ. අර ආපු tutor )
thank you aunty 😊
ආ... පුතේ මේ ඉන්නේ ඔයාගේ සර්.. CHOI YEONJUN. " අම්මා ඔයාට එයාට BOW කරන්න කියල හිමිට කිව්වා."
කොහොම... " මොකක්! ඉන්න එක්කෙනාව දැක්කම මගේ මුණ සත පහ වගේ වුනා. ඉන්නේ කව්ද දන්නවද? අර උදේ මාත් එක්ක බස් එකේ වලියක් දාගත්තු කැම්පස් අයියා. එයත් මාව දැක්ක ගමන් හොල්මනක් දැක්කා වගේ වුනා. අඩේ දැන් එතකොට මේ මනුස්සයාද මගේ සර්? විනාසයි. දැන් මෙතන මුකුත් නැතුව සාමාන්‍ය විදියට හැසිරෙන්න ඕනේ. නැත්තම් අම්මාට සැක හිතෙන්න පුළුවන්."
කොහොමද... මම කිම් ලියා.😊😊
හ්ම්ම්.. අපි එහෙනම් වැඩ පටන් ගමු නේද.🙂
අ... අහ්හ් ඔව් ඔව් 🙂 " මම මේ මනුස්සයාවත් එක්කරගෙන ගියේ මගේ පාඩම් කාමරේට. ගිහින් ඉදගන්න පුටුවකුත් හරිගස්සලා දුන්නා. උදේ මුකුත් වුනේ නැහැ වගේ ඉන්න ඕන."
හ්ම්ම්.. දැන් මට කියන්න මොනාද ඔයාට අමාරු සබ්ජෙක්ට්ස්? " එයා මගෙන් ඇහුවේ ටිකක් බය හිතෙන විදියට. "
ම්ම්... එ.. එකක් දෙකක් ක්.. කියලා නැහැ. මට හ්... හැම විෂයක්ම වගේ අමාරුයි...
පේන විදියට කට තිබ්බට වැඩ බැහැ වගේ.😐
( අම්මපා මේ මනුස්සයාට මට කනේ පාරක් දෙන්න හිතුනා. කියපු දේට. මේ වෙලාවෙත් උදේ වගේ මට ලැජ්ජාවක් එක්ක තරහක් ආවා. මමත් ඉතින් මෝඩකමේ දෙවගනනේ. ඒ නිසා කටට ආපු එක කියලා දැම්මා.)