දින කිහිපයක් බොහොම සමකාමී ලෙස ගෙවී ගියා. යේහ්වා ජෝසන්හි ජිවිතයට ඉක්මනින් හැඩගැහුනා. ඒ වගේම අනෙක් අයත් ඇගේ වෙනස් හැසිරීම් වලට පුරුදු උනා. නමුත් ඇය රාජකීය කෙනෙක් වීම නිසා කාලය ගත කිරීමට සිදු වුයේ මාලිගාව තුලමයි. ඉතින් ඇයට මාලිගාවෙන් පිට ලෝකය දැකීමට අවශ්ය උනත් එයට කිසිවෙකුගෙන් අවසරය ලැබුනේ නෑ.
"කුමරියනි, ආ මෙන්න." රහසින් මෙන් එසේ පවසන ගමන් හන් හේ ශින් ඇඳුම් පොදියක් යේහ්වා ට ලබා දුන්නා.
"ස්තුතියි... ඔබ කාගෙන්ද මේවා ගත්තේ? හරි ඒකට කමක් නෑ. ඒත් කාටවත් මන් කරන්න යන දේ ගැන නම් කියන්න එපා."
කුටිය ඇතුලේ හන් හේශින් හා යේහ්වා හැරුණු විට කුටිය තුල කිසිවෙක් සිටියේ නෑ. යේ හ්වා මේ සැරසෙන්නේ පාලකයෙක් මෙන් වෙස්වලාගෙන මාලිගාවෙන් පිට වීමටයි.
"හොදමයි කුමරියනි... අහ් නෑ වැරදුනා. යේහ්වා... නමුත් ඔබ ප්රවේසම් විය යුතුයි. හිරු බැස යාමට පෙර පැමිණෙන්න."
"හරි හරි. බය වෙන්නෙපා. මා වැඩි දුර යන්නේ නෑ. මේ ළගට ගිහින් එනවා. මන් නම් හිතන්නේ නෑ පැයක් වත් යයි කියලා."
* * *
"කුමක්ද? ඔබ පැවසුවේ පාලක ශින්ගේ වස්ත්ර සොරකම් කර ඇති බවද?"
තවමත් රාත්රී ඇදුමෙන් සිටි කිරුළ හිමි ලීයොන් කුමරු තමා අසල සිටි පාලකයාට පැවසුවා. ඔහුට තමන්ගේ ඇඳුම් ඇඳ ගැනීමට උපකාර කරන තමන්ගේ ප්රධාන පාලක ශින් අත්යවශ්ය උනා.
"එහෙමයි කුමරුනි..."
"ඔහුට එක වස්ත්රයක් පමණද තිබෙන්නේ. දැන් මටම තමයි ඇදුම් ඇඳගන්න වෙන්නෙ."
"කුමරුනි එය මට බාරදෙන්න. පාලක ශින් මා ඔබතුමා වෙත එව්වේ ඒ සදහායි."
"ඔබට... හැකියිද?" ලීයොන් අවසානයේ සැකයෙන් මෙන් පැවසුවා."
* * *
කෙසේ හෝ අළුත් පාලකයා හා අනෙකුත් පාලකයන්ගේ සහයෙන් ලීයොන් කුමරු තමන්ගේ ඇඳුම් ඇදගත්තා. නමුත් ඔහුට තිබූ ප්රශ්නය වුයේ කවුරුන්ද එසේ පලකයෙක්ගේ ඇඳුම් සොරකම් කරන්නේ යන වග. කවුරුන් හෝ පාලකයෙක් ලෙස වෙස්වලාගෙන කුමරුට හෝ රජුට අනතුරක් කිරීමට තැත් කරනවා දැයි ඔහුට සැකයක් පහල විය.