ජෝසන් රාජ්‍යයේ සුක්ජෝන් රජුගේ කාලය ජනතාව සතුටින් කිසිදු ගැටලුවක් නැතිව ජිවත් වූ කාලයක් විය. නමුත් බොහොම සුළු පිරිසක් පමණක් දන්නා අන් කිසිවෙක් නොදන්නා ගැටළු රජ පවුල තුල බෙහෙවින්ම පැවතුනා.
රාජ්‍යයේ අගබිසව ඉන්වොන් වූ අතර ශින් යූ නමින් උපබිසවක්ද සිටියා.
ඉන්වොන් බිසවට දියණියක් සිටියත් වැඩි කාලයක් යාමට පෙර එම දියණිය මිය ගියා. ඒ කාලයේදීම රජුගේ විශ්වසනියම ආරක්ෂකයෙක් රජු බේරාගැනීමේදී මිය ගිය නිසා ඔහුගේ අවසන් කැමැත්ත පරිදි ආරක්ෂකයාගේ දියණිය තමාගේම දියණියක් සේ හදාවඩා ගත්තා. ඇගේ නම යේහ්වා. අග බිසව තමාගේ නැතිවුණු දියණිය නිසා කනස්සල්ලෙන් පසු වුනත් යේහ්වා නිසා නැවතත් සතුටින් සිටීමට හැකි උනා. අගබිසව හා යේහ්වා කෙතරම් සමීපද යත් සියලු දෙනා සැලකුවේ ඔවුන් මෑණියන් හා දියණිය ලෙසයි. රාජකීය ලේ නොතිබුනත් කුඩා කල සිටම මාලිගාවේ හැදී වැඩුණු නිසාත්, රජු හා අගබිසව ඇය ඔවුන්ගේම දියණියක් සේ සැලකීම නිසාත් ඇය රාජ්‍යයේ කුමරියක් උනා.
එමෙන්ම ශින් යූ උපබිසවට ලැබුණු පුත් කුමරු රාජ්‍යයේ කිරුළ හිමි කුමරු බවට පත් උනා. කුඩා කල අගබිසවගේ දියණිය සමග එකමුතු වුනත් යේහ්වාට එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ.
කෙසේ හෝ ඔවුන් මාලිගාව තුල කිසිදු ගැටලුවක් නැතිව සතුටින් සිටියා.නමුත් එක් දිනක්.........
"අනේ... කවුරුන් හෝ වෙදදුරෙක් කැඳවන්න.... ඉක්මනින්.... කුමරිය සිහිසුන් වෙලා...."
මැදි වියේ පසුවුණු අන්තප්පුර පාලිකාවක් වූ කෑගසමින් මාලිගයේ කුටියකින් පිටතට දිව ආවේ කලබලයෙන්. ඇය වෙතට දිව ආ තවත් පාලිකාවක් ඇයව සන්සුන් කිරීමට තැත් කලා.
"පාලිකා චෝයි කුමක්ද සිදු වූයේ... ඇයි මේ ඔබතුමිය...." ඇයට අවසන් කිරීමට හැකි වූයේ නෑ චෝයි පාලිකාව නැවතත් කලබලයෙන් කතා කලා, "ඉක්මනින් වෙදදුරෙක් කැඳවන්න. කිම් කුමරිය සිහිසුන් වෙලා. මන් සිතන්නේ ඇයට විස පෙවිලා. එතුමියගේ තොල් සුදුමැලි වෙලා, කටින් රුධිරය ගලමින් තිබුනා...."
එවර නම් අනෙක් පාලිකාවත් කලබල උනා. ඇය ඉක්මනින් දිව ගියා වෛද්‍යවරයෙක් රැගෙන ඒමට....