🔊|•••••••••
🚫 BREAKING NEWS. 🚫මෙන්න දැන් ලැබුන විශේශ පුවතක් !!
හෙට දින පූර්න චන්ද්‍ර්‍යා විශේශ අවස්තාවක් ලෙස දිස්වෙන අතර එය පෘථිවියට බොහෝ සමීපයෙන් දිස්වීමට ඇති ඉඩ කඩ වැඩිය. එමෙන්ම විද්යාඥයින් පවසන ආකාරයට මෙය වසර විස්සකට පසු පැමිනෙන අති දුර්ලබ අවස්තාවක් වන අතර හෙට දින උල්කාපාත වැස්සක්ද නැරබීමට ලෝකවාසී ජනතාවට අවස්තාව උදා වේ.
නැවතත් ලද තොරතුරු සැනින් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුවෙන් අප ඔබෙන් සමුගනිමු.
______________________________________
"මේ යූරා, ඔන්න ඔය ටීවී එක ඕෆ් කරලා දාන්න. "
" ආහ්...හරි චිමී..."
" උල්කාපාත වැස්සක් නෙවෙයි කන්දක් පිපිරුවත් ඉතින් අපේ මේ කෙහෙල්මල් රෙස්ටුරන්ට් එක හැමදාම එක තැනනෙ.."
" ම්ම්ම්..."
මට ඒ කීව news එක ගැන තව ටිකක් අහගන්න ඕන උනත් චිමීව අව්ස්සන්නැතුව මම ටීවී එක ඕෆ් කරා. මොකද ඉතිම් ඕකා කොච්චර හොදට හිටියත් තරහා ගියාම දුම්මල වරම අතට ගත්ත යකෙක් වගේ.
මගේ නම යූරා. තාම අවුරුදු 18 ක ඉස්කෝලේ යන පුන්චි කෙල්ලෙක්. මගේ කොලේජ් එකේ හොදම යාලුවා තමා චිමී. මේ රෙස්ටුරන්ට් එක එයාගෙ. මම පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට මේකේ වැඩ කරනවා.
🥴 මේ ඉන්නේ මම. හොදකට කියලා තියෙන්නෙ ලස්සන රූපයක් තියෙන එක විතරයි මට. මම පුන්චි කාලෙදි උන අනතුරකින් මගේ ඔම්මා අප්පා දෙන්නම නැති උනා. එ නිසා පොඩි කාලේ ඉදන් මාව බලාගත්තේ මගෙ අජුම්මා. එයත් මේ ලගදි මාව දාලා යන්න ගියා. දැන් ඉතිම් මම් මගේම කියලා අරගත්ත පුන්චි එපාට්මෙන්ට් එකක තමා ජීවත් වෙන්නෙ.
උදේ තිස්සේ...ම කොලේජ් එකේ බෝරින් ලෙච්චර්ස් අහන් ඉදලා හවස් වරුවම මම කරන්නේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන එක. දවස තිස්සෙම නැහිලා නැහිලා මම ගෙදර යද්දි රෑ 9.30 ත් පහු වෙනවා.
ඔව් ඉතින් එක අතකින් මම ගෙදර ගියා කියලා වැඩකුත් නෑ. මොකෝ මම එනකන් කව්රුත් බලාගෙන ඉන්නවයැයි ??
අදත් ඉතින් ඒ වගේම දවසක් තමා උදේ ඉදන් කොලේජ් එකේ ඉදලා හවස මම රෙස්ටුරන්ට් එකට ආවා. දැන්නම් නම් රෑ 9.00 යි.
" ඒ චිමී....රෙස්ටුරන්ට් එකේ කව්රුත් නෑනේ. මම ගෙදර යන්නද ?? "
" ම්ම්ම්...එහෙනම් පරිස්සමෙන් යන්න. "
" හරී...ඔයත් පරිස්සමෙන් එහෙනම්."
මම චිමීටත් යන්නම් කියලා හිමින් හිමින් ගෙදර යන්න ආවා.
" අද අහස හරිම පැහැදිලියි. හද වටේට තරු ගොඩා...ක් දිලිසෙනවා. ඒත් ලොකු අමුත්තක් දැනෙනවා. වෙනදා වගේ නෙවෙයි..., අද අහසේ ලොකු වෙනසක් පේනවා. "
මම මේ දේවල් ගැන හිත හිතම ගෙදර ආවේ මහ රෑ මිනිස් පුලුටක් නැති පාරක මම වගේ ලස්සන කෙල්ලෙක් තනියම එන එක කොහොමත් අවදානම් නිසා..🥴 ඔව් බැරි වෙලාවත් මාව දැකලා මිනිස්සු බය උනොත්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To be continued ⏭️⏭️ඔන්න පලවෙනි චැපිය. හිහී...ලස්සනනම් නෑ. කමක් නෑ..කියවගෙන යන්න. මම මේ නිකන් ඉන්න බැරුවට ලියන්නෙ. 🙂💔
YOU ARE READING
𝑴𝒀 𝑴𝑶𝑶𝑵 𝑪𝑨𝑻 |||••••✓ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ
Fanfiction🖇️ ONE - SHOT " පූර්න සද පෑයූ එක් විශේශ දවසක නුබ වෙනුවෙන් මම ශාපයෙන් මිදේවී. " 🏷️ Boy × Girl 🏷️ love story hope you guys like this story 🙊❤️ 2021. 10. 01 ✒ published day.