Chapter 05 🌀

201 68 0
                                    

මම කොලේජ් ඉවර උන ගමන් ගෙදර ආවේ ගොඩක් සතුටෙන්. ඒත් ඒකට හේතුවක් නම් මට හිතා ගන්න බෑ.

ඇත්තටම මම සතුටෙන් ඉන්නේ,,

✒අද රෙස්ටුරන්ට් එක වහපු නිසාද ?!
✒කලින් ගෙදර එන්න ලැබුන නිසාද ?!
✒හොදට නිදා ගන්න පුලුවන් නිසාද ?!
✒එහෙමත් නැත්තම් කිටී එක්ක සෙල්ලම් කරන්න වෙලාව තියෙන නිසාද ?!

හිත හිතම මම ගෙදර දොර ගාවට ගිහින් දොර ඇරියේ ටිකක් බයෙන්. මොකද ඉතිම් මගේ පිස්සු පූස් තඩියා මොන ලෝකෙක ඉදන් ඇගට පනීද දන්නෑනේ. ඒත්.....,,

කෝ මේ කිටී..? අද මම ආවා කියලා ගානක් වත් නැද්ද.

" කිටී....කොහෙද ඔයා..?? කිටී...........කිටි කිටී "

ඕහ්...සමහර විට මම කලින් ආව නිසා වෙන්න ඇති. වෙනදා මම මේ වෙලාවට එන්නෑනේ. ඒත් කෝ මෙයා...??

"කිටී.......කිටී ඔයා කොහෙද "

මම පුලුවන් හැම තැනකම හෙව්වා. ගේ ඇතුලේ හැම කාමරේකම, කිචන් එකේ, බාත්රූම් එකේ...ඒ විතරක් නෙවෙයි ගෙදරින් එලියෙත් මම බැලුවා. ඒත් මගේ කිටී කොහෙවත් නෑනෙ...

දැන් නම් මගේ ඇසුත් හොදටම තෙත් වෙලා. අද උදෙත් කිටී මට මොකක් හරි කියන්නයි හැදුවේ....ඒත් මම ගනන් ගත්තේ නෑනේ...මගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ඔන්න මෙන්න. ඇත්තටම මට මේ ලෝකේ මගේ කියලා හිටියේ මගේ කිටී විතරයි.

එයාව මට හම්බුනේ මීට අවුරුද්දකට විතර කලින්. ඒකත් මහ පුදුම හමුවීමක්.

______________________________________

Flashback 🐈❤️ ( අවුරුද්දකට කලින් )

මම රෙස්ටුරන්ට් එකේ ඉදල ගෙදර යන්න එනකොට වෙලාව 8.30 යි.

මේ වෙද්දි මගේ අජුම්මා නැති වෙලා සති දෙකක් විතර. ඒනිසා මට ගෙදර ගියා කියලා කිසිම වැඩක් නෑ. මිනිස්සු නම් කියන්නේ තනියම ඉන්න එක හොදයිලු. හැබැයි තනි වෙලා බලන්න ඕනේ, ඒ වේදනාව. තමන් වෙනුවෙන් මේ ලෝකේ කිසිම කෙනෙක් නෑ කියනකොට දැනෙන හැගීම.

ඇත්තටම මට ඔම්මයි අප්පයි නැති උන එකට දුකකට වඩා තිබ්බේ තරහක්. ඒ දෙන්නා මාව මේ ලෝකේ තනි කරා. මම කොච්චර තනි උනාද.? අජුම්මා මාව බලාගන්න අකමැති උනානම් මට වෙන්නේ පාරේ හිගා කන්න. ඒත් මම එක දෙයක් පුරුදු උනා. ඒ තනියම ජීවත් වෙන්න. තනියම තීරන ගන්න. තනියම ජීවිතේ දිනන්න.

මම රෑ අහස දිහා බලාගෙන, පායලා තිබ්බ ලස්සන හදට මගේ ජීවිත කතාව කියනවා. ඒ හද මන් දිහා බලාගෙන ඉන්නවා. රාත්‍රී මුහුදු තීරය කොයි තරම් ලස්සනයි ද. මිනිස්සු නැති, කිසිම කලබලයක් නැති , හරිම සන්සුන් නිදහස් තැනක්. රෑ තරු පිරිච්ච අහස යට හදට ගී ගයන මම රැල්ල ඇවිත් වෙරල සිප ගන්න ආකාරය බලාගෙන හිටියා.

" හරිම ආදරනීයයි. "

මම හිතලා කීව දෙයක් නොවුනත් ඒ වචන දෙක ඉබේම වගේ කියවුනේ ඒ පරිසරයේ තිබ්බ නිහඩතාවයට මම මත් වෙලා හිටපු නිසා. ඒත් තනිකම කියන දේ නම් මගේ හිතේ කොනක මට වද දුන්න.

" ඔයාට පුලුවන්ද මම වෙනුවෙන් පොලවට එන්න. මාත් එක්ක ඉන්න එන්න."

මම හද දිහා බලාගෙන කීවේ හරිම ආදරනීය ස්වරයකින්.

" මියාව්ව් "

එක පාරම මගේ පිටිපස්සෙන් ඇහුන සද්දෙ නිසා මම ටිකක් ගැස්සුනත් මම බය නැතුව හැරිලා බැලුවා.

" පූසෙක්.''

" මියාව්ව් "

" ඒ ඇස්... හද එලිය වැටිලා දිලිසෙනවා."

ලස්සන දිලිසෙන නිල් පාට ඇස්වලින් එයා මන්දිහා හරිම ආදරනීය විදියට බලාගෙන හිටියා. හරියට එයා මට මොනා හරි කියන්න හදනවා වගේ. ඒ ඇස්වල හැංගුන ලොකු රහසක් එයා මට ඉගි කරා. ඇත්තටම ඒ පූසව දැක්කම හිතට මොකක්දෝ ලොකු සහනයක් එක්ක අමුතු සතුටක් දැනුනා.

" ආහ්...ඒ පාර මොකද ?? ඇයි මගෙ පස්සෙන් එන්නේ ආහ් ? "

" මියාව්ව් "

අයියෝ අලි මදිවට කොටි කිව්වලු. හරිම අහින්සක විදියට තනියම ඉන්න මට පූසෙකුත් හුරතල් කරන්න වෙලාද ඒ පාර ?!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To be continued ⏭️⏭️

To be continued ⏭️⏭️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑴𝒀 𝑴𝑶𝑶𝑵 𝑪𝑨𝑻 |||••••✓ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ Where stories live. Discover now