" හේ...අද නේද ඒ දවස.."
" ඔව් ඔව් අද තමා....මටනම් ඉවසිල්ලක් නෑ "
" ඔව් මටත්..."
" මටනම් කරන්න ප්‍රාර්ථනා ගොඩාක් තියෙනවා..."
" ඇයි...මට...."
මම කොලේජ් එකෙන් ඇතුලට එනකොට කට්ටිය එක එක තැන්වල කුටු කුටු ගාන සද්දෙ මට ඇහුනා. ඒත් මොනා ගැනද එයාලා මේ කියන්නේ. අද ?! අද විශේශත්වේ මොකක්ද ? මම මේ ගැන හිතන ගමන්ම ඉස්සරහට යනකොට එකපාරම මගෙ ඉස්සරහට ආවේ චිමී.
" ආහ්...ගුඩ් මෝනින් යූරා. අද අර කෙහෙම්මල බලන්න යනවද ?? "
" ගුඩ් මෝනින්...මොනා කිව්වා ?! මොනාද බලන්න යන්නේ..? "
" අයියෝහ් ඇයි මතක නැද්ද ? අද තමා අර උල්කාපාත වැස්ස තියෙන්නෙ. "
ඔන්න එතකොට තමා මට මතක් උනේ,මේ කොලේජ් එක ඇතුලට එනකොට ඇහුන අත්බූත කතාවල තේරුම. මම කොහොමත් ඔය විකාර දේවල් පිලිගන්න කෙනෙක් නෙවෙයි. මිනිස්සු නම් කියනවා උල්කාපාත වැස්සක් වැටෙනකොට මොකක් හරි ප්‍රාර්ථනාවක් කරාම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙනවලු. මොන බොරුද..?!
" ආහ් නෑ චිමී...මට ඕක බලන්න යන්න හිතෙන්නෑ. ඔයා යනවද ?? "
" ඔව් මම යන්න ඉන්නෙ..හන්ගග පාලමට අද සෙනග ගොඩක් එකතු වෙයි. ඇයි නම්සන් !!. ඔය වගේ තැන්වලට හොදට පෙනෙයිනෙ. "
" ම්ම්ම්...එතකොට අද රෙස්ටුරන්ට් එක කලින් වහනවද ?? "
" නෑ...රෙස්ටුරන්ට් එක අද අරින්නැ. ඔයා කෙලින්ම ගෙදර යන්න. "
අම්මොහ් මගේ කන් මෙච්චර පින් කරාද කියලා හිතෙනවා. හරියට නියගයකට අහු වෙලා ඉරි තැලිලා ගිය පොලවකට පොද වැස්සක් වැටුනා වගේ. මගේ හිතට දැනුන සතුට කියාගන්න බැරි තරම්.
" ඒ කියන්නේ මට අද දවසම මගේ කිටී එක්ක ඉන්න පුලුවන්..."
මම මගෙම හිතට කොදුරගන්න ගමන් ආයෙත් කල්පනා කරේ මොකක් ද ඒ කීවේ කියලා. " කිටී එක්ක ඉන්න ?! " මේ මොන පිස්සුවක්ද ?. මට මොලේ අමාරුවක්වත් හැදීගෙන එනවද. මට මේ ටික දවසක ඉදන් කිටී ගැන අමුතු අමුතු දේවල් හිතෙන්න පටන් අරන්නෙ. ඒත් කිටිත් හරි අමුතුයි. එයා වෙනදා වගේ නෙවෙයි. ඊයේ රෑ මට ලන් වෙලා හිටියේ හරියට මම එයාව දාලා කොහෙහරි යයි වගේ.
" අනේ ඉතින් මගේ පිස්සු පූසා "
ආආඅහ්හ්හ්හ්......ඒ පාර මම මේ මොනාද කියවන්නේ..???" යූරා....ඔයා හොදින්ද ?? "
"ආහ්...ඔව් චිමී.."
මම නිකමට වගේ බලද්දි ලෙක්චර් එක කරන සර් ඇරෙන්න හෝල් එකේ ලමයි ඔක්කොම මන් දිහා බලාගෙන. ඇයි ඉතිම් මම මෙතන පිස්සුවෙන් වගේ කියවනවනේ. අනික ඒකත් මේ පූසෙක් ගැන. නිකන් පූසෙක් නෙවෙයි පිස්සු පූසෙක්. 🥴
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To be continued ⏭️⏭️
YOU ARE READING
𝑴𝒀 𝑴𝑶𝑶𝑵 𝑪𝑨𝑻 |||••••✓ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ
Fanfiction🖇️ ONE - SHOT " පූර්න සද පෑයූ එක් විශේශ දවසක නුබ වෙනුවෙන් මම ශාපයෙන් මිදේවී. " 🏷️ Boy × Girl 🏷️ love story hope you guys like this story 🙊❤️ 2021. 10. 01 ✒ published day.