සෙමෙන් විවර වන දෑස් ආලෝකය දෙසට හුරු වෙද්දී වියලී ගිය උගුර හා දෙතොල් නිසාවෙන් ඔහුට දැනූයේ ක්ලාන්ත ස්වරූපයක්... එමෙන්ම තමා තව මොහොතකින් අප්‍රාණිකව ඇද වැටේයැයි අනිසි බියක්ද ඔහු සිත දැඩිව පෙලාගනිමින් තිබූවා.නමුදු පසුව තමාට අවැසි වුවද ඇද වැටිය නොහැකි සේ යදම් ලා එල්ලා තිබූ සිය හස්තයන් දෙස ඔහු හෙලූයේ අනුකම්පා සහගත බැල්මක්.
අවශ්‍යයෙන්ම මේ තමා සිටිනා ස්ථානය පිලිබඳ නිසියාකාර අවබෝධයක් ඔහුගේ මනසේ විය.එබැවින් ශරීරයේ ඉතිරිව ඇති අල්පමාත්‍රාදික ශක්තියද තමාට නොව ඔහුට අයිති බව වැටහීමට ඔහුට ගියේ එක් ක්ෂණයක්. නමුදු නොකල වරදකට දණ්ඩනයන්ට වඩා යීලිං කුලදෙටුවාගේ ආධ්‍යාත්මික ප්‍රහාර දරාගැනීම සාතන් තුල සිර වී සිටි ලන් චාන්ගේ ඡායා මාත්‍රයක් බදු ආත්මයට මහත් අපහසුවක් වූවා.
තමා සාතන් වුව ලන් චාන්ගේද බාහිර ස්වරූපයට එහා ගිය බැදීමක් ඒ ආත්මයන් තුල විය.ඉදින් මේ සාතන් හෝ ලන් චාන් යැයි වර්ග කල නොහැකි වුවත් යීලිං කුලදෙටුවා සිය තීරණය කිසිවක් මායිම් නොකරන ස්වරූපයෙන් ගත්කල ප්‍රේමයේ ආත්මය ලන් චාන් පරයා අන්ධකාරයේ ආත්මය සාතන් ඉහල ගියේය.
නමුදු වෙයි වූශියෑන්ගේ ප්‍රහාර හමුවේ බිද වැටුණු සිය ශක්තිය ගොඩනැංවීම යලිත් කල නොහැකි වග විලංගු ලා සිටි සාතන් නොහොත් බිද වැටුණු ලන් චාන් හට වැටහීමට ගියා...
අන්දකාර පාතාලය තුල සිරව සිටි සාතන්ගේ පුනරාගමනය උදෙසා ශරීරයක් අවශ්‍ය වූ අතර ඒ සදහා නාමික ශරීරය වූයේ ලන් වංජීයී ගේ ශරීරයයි...ඉදින් ඒ නියමයට අනුව ලන් වංජීයීගේ ශරීරය සාතන් හට අයිති වූ අතර ලන් වංජීයී ගේ ආත්මය විනාස වූවා යැයි සදහන් විය...ඉදින්
පසුව යීලිං කුලදෙටුවා නොහොත් වෙයි වූශියෑන් ඒ උදෙසා පලිගැන්මට අන්ධකාර අසුර මායාව අවදි කල අතර සාතන් විසින් මියගිය ආත්ම ප්‍රතිදේහ කල සේනාවක් සැකසීය....මූලික අවස්ථාවේදී සාතන් ජය ලැබූවද පසුව වෙයි වූශියෑන්ගේ ශක්තිය හමුවේ සියලු සෙබලුන් විනාස වූ අතර සාතන්ද දුර්වල විය....පසුව සිහිසුන් වූ ඔහු වෙයි වූශියෑන් විසින් පාතාලය තුල යදම් ලා බැද තැබීය........
මෙයයි පෙර විරූ සියල්ලටම හේතුව...
සුසුමක් පිට කල සාතන් සිය යදම් ලෑ හස්තයෙන් ගලා එන රුධිරය දෙතොල් මත ගල්වා ගත්තෙ අධික පිපාසාව දරාගත නොහැකි ම අවස්ථාවේ විය.තමා කවුරුන්දැයි නිශ්චය ලෙස නිගමනයක් කිරීමට ඔහුටද නොහැකි විය.කෙසේ වෙතත් කුසගින්න සහ හාමත් බව තමා දැඩි ලෙස පීඩාවට පත් කරන බව පමණක් ඔහුට වැටහීය.
අන්ධකාරය කුටිය තුලට ගලා එද්දී කෙමෙන් කෙමෙන් කුටියේ පසෙකින් තමා වෙත රුදුරු දෑසක් එල්ලවන බව සාතන් හට වැටහීය.නමුදු එය කුමක්දැයි වටහා ගැන්මට තරම් අවකාශයක් ඔහුට නොවීය.
"කවුරුන්ද ඔය.... පවසනවා ඉදින් තමුන්ද යීලිං කුලදෙටුවා....
ඉදිරියට පැමිණීමට තරම්වත් පුරුෂ ශක්තිය නොමැතිද....."
ඒ නම් ලන් චාන් නොව සාතන්ය... නමුදු ඉතිහාසයේ වුණ් අන්ධකාර සාතන් නොවේ.කඩා වැටුණු ආත්මයක බිදුණු සිරුරක හිමිකරුවෙක්.
නමුදු සාතන්ගේ හඩ ඒ රුදුරු දෑස් නවතාලීමට සමත් නොවූවා.පොලව පවා කීරි ගසන ශබ්දයකින් රුදුරු දෑස් සාතන් අසලට එද්දී සාතන් සිය උපරිම වෙර යොදා යලිත් කෑ ගෑයේ අවසන් බලාපොරොත්තුවක්ද තබාගනිමින්....
"පවසනවා තා යීලිං කුලදෙටුවා නොවේද....."
සාතන්ගේ හඩ ගෑම දෝංකාර දුන්නා විනා අන් කිසිවක් සිදු නොවීය.
අදුර තුලින් රුදුරු දෑසට අමතරව ක්ෂණිකව දුටු වක්ව තියුණු වූ නිය සාතන්ගේ ආත්මය දුටු පමණින් බිද හෙලූවා.
කිමද යත් මේ රුදුරු දෑසේ හිමිකරු කවුරුදැයි සාතන් ඒ වනවිට අනුමාන කල තිබූවා...
එහෙයි ඔහු නිවැරදියි මේ හිදිනුයේ මනුෂ්‍ය ශක්තිය පරයා ගිය වියරු සත්ත්වයා....
කවුද ඔබ කවුරුන්දෝ....තේරෙනවනෙ මේ සාතන් ඉන්නෙත් ලන් චාන් ගෙ ඇග ඇතුලෙ... වෙනස් විදියෙ ආත්ම දෙකක්
කොටයි තමා කමන්නෑ ඩේලි දෙන්න ට්‍රයි කරන්නන්....
කතාව හොදදත් මන්දා.....
කිසිම අපහාසයක් නෑ අවසානෙ දැක්කම තේරෙයි......
_YzSz_🙈
YOU ARE READING
With You ||\\|| ඔබ සමග••[COMPLETED]
Фэнтези"නුබ යීලිං කුලදෙටුවා නම් මා සාතන් වීමෙහිලා වරදක් නොදකිමි••••" The untamed , MGZS වඩා තරමක් වෙනස් වුවද කතාමාලාවට කිසිදු අපහාසයක් නොවන අන්දමට රචනා කරමි.....!!!! _Vion Zrash_