තෙවන වදන °°°••√

309 78 28
                                    

වක් වූ හොට උල් වූ නිය සමග ගිනි පුලිගු මෙන් වියරු වූ දෑස් සහිත ඒ සත්ත්වයා.....

"ගුරුලෙක්"

සාතන් තමාටම මුමණා ගත්යේ හැකි වෙර යොදා යදම් ගැලවීමට උත්සාහ කරමින්....

නමුදු යදම් ගැලවීම විනා එයින් සිදුවූයේ වෙනකක්...යදම් සෙලවෙද්දී ඇසෙනා ශබ්දයට ගුරුලා ප්‍රතිචාර දැක්වූයේ සිය වක්වූ නිය පහරක් සාතන්ගේ උරපත්ල මත පසාරු වන සේ යැවීමෙන්..... වේදනාව තුලින් වුව අවදිවූ ලන් චාන් ගේ ආත්මය කරා වටහා ගත හැකි වූ එකම කරුණ නම් ගුරුලා අන්ධ අයෙකු බවයි....එසේ නම් යීලිං කුලදෙටුවා තමාට ගැලවීමටද අවස්ථාවක් සැකසා දී ඇති බවයි.....නමුදු ඒ සැනසීම නොමැති වීමට ගතවූයේ එක් ක්ෂණයයි...කිමද යත් සාතන්ගේ හස්තයේ ලා තිබූ යදම් සුලු සෙලවීමකින් වුව අධික ශබ්දයක් පිටවන ලෙස සකසා තිබීමයි....එහෙයින් සාතන් කොපමණක් උත්සාහ කලද ප්‍රහාර වලක්වා ගැන්මට නම් ඔහුට නොහැකි වූවා......

( මෙතන ඉදලා සාතන්ට ලන් චාන් කියන්නන්...එතකොට ෆීල් වෙනවා වැඩියි වගේ💔🦥)

නිය පහරින් වේදනා දුන් සිය උරයේ මස් වැදලි මත දිගින් දිගටම ගුරුලා එල්ලකර ප්‍රහාර හෙයින් ලන් චාන් සිටියේ වේදනාවෙන් පීඩිතව....නමුදු නොසෙල්වී සිටීම හැර කල හැක්කක් ද ඔහුට නොවූවා....දිය පිපාසාව අධික වීමේදී දෙතොල් දෙපසින් වැගිරුණු රුධිරයෙන් මුව තෙත් කිරීමට ලන් චාන් වනාහී පසුබට නොවූයේ පිපාසයේ මියැදෙනවාට වඩා එය අගනා බව දත් නිසාවෙන්......

මද වේලාවක් ඔය ලෙස නොසෙල්වී සිටියදී ගුරුලා කුටිය තුල නොමැති වග ලන් චාන් හට වැටහීය.....

"එසේ නම් එයත් ඔබේ දෘශ්‍ය මායාවක්මද"

ගුරුලා යීලිං කුලදෙටුවා විසින් සැකසූ දෘෂ්‍ය මායාවක් වුව එයින් සිදුවූ වේදනා හා කැපුම් පහර වල් නම් කිසිසේත්ම මායාවක් නොවීය.....

සිය වේදනා දෙන උරපත්ල මත වැසීමට සරනා නිලමැස්සන් කෙරේ ලන් චාන් හෙලූයේ පිළිකුල් ජනක බැල්මක්.... නිල් මැස්සන්ගේ කුඩා පාද වලින් පෑරෙන සිය වේදනා දුන් තුවාල දෙස බලා ලන් චාන් සුසුමක් හෙලූයේ කලකිරීමෙනි.....

"කිමද නුබ මෙලෙස දණ්ඩන පනවනුයේ මා කෙරේ ......නොවේ නිශ්චිත වරදක්.....

සාතන් ලා අන්දකාර මායාකරුවෙක් වුව කිමද නුබ වටහා නොගනුයේ ඔබේ ලන් චාන් ඔහු තුල තවද ජීවත් වන වග....

මාගේ වෙයි යින්ග්  කෙදිනද නුබ මෙතරම් දරුණු වූයේ......මාගේ වෙයි යින්ග්.....ඔය නම් නුබ නොවේ පෙරදා හෙල තුල ගිලී ගත් යීලිං කුලදෙටුවාම තමා ඔය.....

වදන් දුන්නා නොවේද නුබ යලිත් ඒ අන්ධකාර මායා කරුවා අවදි නොකරන බව ......කෙසේද නුබගේ ලන් චාන් කෙරේ තැබූ වදන් බිදලූයේ........"

ලන් චාන් සිය මනසේ දෝංකාර දෙන සිතුවිලි වදන් කිරීමට නොපෙලබුණාය....කිමද යත් එතරම් ශක්තියක් ඔහුගේ සිරුරේ කිසිදු ස්ථානයක නොවීය..... සම්පූර්ණයෙන්ම ඇදුම් කන සිය සිරුර හා සිතුවිලි අතර තෙරපෙන මනස නිසාවෙන් ඔහු සිටියේ දැඩි විඩාවකය......

ගතට දැණුනාවූ මද සිසිල හේතුවෙන් අන්ධකාර සිර කුටිය තුල සිට වුව රාත්‍රිය වුදා වී ඇතිබව ලන් චාන් හට දැණුනි......ඒහා සමානව පිටත වාතලයෙන් ඇසුණු වස්දඩු නාදයත් සමග ඔහු සිය සිහිසුන් වීමට ආසන්න දෑසින් පැවසූයේ.....

"මාගේ වෙයි යින්ග්.....නුබ පැමිණේවි....... නුබට නොහැකියි මා වේද......නා විදිනවා බලා ප්‍රීති වීමට..... නුබට නොහැකියි...."

එකෙණෙහිම මෙන් ඔහු සිහිසුන් වූවා.......












හිතන්න දේවල් ඇති....🦥

මං මේක ලියන්නෙ ආටල් එකට වුණාට පොඩි මෙව්වා එකකුත් තියනො වගේ...

අදට මං ගීන් එන්නන්

Purple u 💜

_Zrash_

With You ||\\|| ඔබ සමග••[COMPLETED]Where stories live. Discover now