දෑස් විවර කරද්දී දෑත් බැද දැමූ යදම් තවද ලන් චාන්ගේ හස්තයේ නොවූවා....වේදනාවෙන් පුපුරු ගැසූ තුවාල මතින් සිසිලසක් පමණක්ම වහනය වූවා....තවද තමා සිරකුටිය වෙනුවට සයනයක් මත සිටිනා වග වටහා ගැන්මට ඔහුට ගතවූයේ එක් ක්ෂණයක්......එකෙණෙහිම මෙන් ඔහුගේ නිරුවත් උඩුකය මත හිස තබා සුව නින්දේ පසු වූ කුඩා සුරතල් සාවෙකු වන් වත දෙස ලන් චාන් බලා හිදියේ සෙනෙහසින්....
"වෙයි යන්ග්"
මදක් අපහසු වුව සිය දිගු ඇගිලි ඔහුගේ සිනිදු දිග කෙස් මත යවමින් ලන් චාන් මනසින් මැවුයේ ගතවූ රාත්‍රියේ සිදුවූයේ කිනම් විපර්යාසයක්ද යන්නයි.... කෙසේ වුව ගුරුලාගේ ප්‍රහාරයෙන් පෙරදා රැයේ තමා සිහිසුන් වූවාට පසු කිසිවක් මනසට නොඒම ලන් චාන් හට මහත් විපරීත ස්වභාවයක් ගෙනවා....
මදකට සියල්ල මනසින් ඉවත් කල ලන් චාන් සිය සිරුර මතටම මෙන් පැමිණි සිට වෙයි යන්ග් දෑතින් තුරුලු කරගෙන සයනයේ මදක් වැතිරී සිටියා.....
දැනෙන නොදැනෙන සේ වෙයි යන්ග් ගේ සිනිදු දෙතොල් මත කෙටි හාදුවක් තැබූ ලන් චාන් සිය වස්ත්‍රද සකසාගෙන සයනයෙන් නැගී සිටියා.....
මදක් අවට සැරිසැරීමෙන් පසු මෙය තමාට හා වෙයි යන්ග් හට සුපුරුදු නිවහන බවට ලන් චාන් හට වැටහී ගියේය....එය ඔහුට මහත් අස්වැසිල්ලක් විය....මුව සෝදා ස්නානය කර තෙත හිසකෙස් පිසිමින් කුටියට පැමිණි ලන් චාන් කවුළුවෙන් පිටත බලා සිටියේ අරමුණකින් තොරවය....
"ලන් චාන්...."
සිය පිටුපසින් වූ වැලදගැන්ම නිසාවෙන් තිගැස්සී මුත් සිනහවෙන් යුත් ලන් චාන් තෙත හිසකෙස් පිසීම නවතා වෙයි යින්ග් සිය තුරුලට ඇද ගත්තේය.....
"නුබ හෝ දනීද මා හට කුමක් සිදු වී දැයි පෙරදා.....ඒ හැර සාතන් කොහිද.....ඔහු මා සමගින්ම නේ සිටියේ....."
එවර නම් වෙයි යින්ග් ලන් චාන් දෙස බලා සිටියේ විස්මයෙන් විසල් කරගත් දෙනෙතකින්.....
"කුමන සාතන්ද.....පෙරදා කුමක් සිදුවන්නද අප නිදි සුවයේ පසු වූවා මිස.....
ලන් චාන් නුබ කුමක් හෝ පානය කලෙහිද මටද රහසේ.....නොමැතිනම් නුබ ස්වප්නයක් දැක ඇති හැඩයි....."
"ස්වප්නයක්...."
තමාටම මුමුණා ගත් ලන් චාන් සිතීය....එහෙයි එය ස්වප්නයක්ම පමණයි...සාතන් ගුරුලා වේදනා යදම් යීලිං කුලදෙටු සියල්ල ස්වප්නයක්.... එවර නම් ලන් චාන් සැනසුම් සුසුම් හෙලූයේ වෙයි යින්ග් ගේ මුව මෘදුව සිපගනිමිනි......
"එය නොවේ කවුරුන්ද සාතන්.....නුබේ අනියම් පෙම්වතාද...."
එවර වෙයි යන්ග් දෙතොල් උල් කර පැවසූ විලාසයෙන් ලන් චාන් හට නම් සිනහ පහල වූයේ සිය සුරතල් පෙම්වතාගේ බොලද හැසිරීම් ඉදිරියේ.....
"එසේයි....නුබට වඩා යහපත් අයෙක්....."
දෑස් විසල් කර බලා සිටි වෙයි යන්ග් ලන් චාන්ගේ පපුවේ සංවේදී ස්ථාන සොයා සුරතල් ලෙස සිය දෑගිලි මෙහෙය වූවා....
"වෙයි යන්ග්.....නවත්වනු.....වෙයි යන්ග්...."
ලන් චාන් පැවසූයේ සිය සංවේදී ස්ථාන පිරිමැදීමේ ලා වෙයි යන්ග් ගේ සුරතල් දෙතොල හමුයේ තමාට පාලනය අහිමි වී යා හැකි හෙයින්.....නමුත් වෙයි යන්ග් නම් එය නෑසෙනා පරිද්දෙන් සිය කාර්යය සිදු කලා......එහි ප්‍රතිඵලය වූයේ ලන් චාන් විසින් ඔසවා ගත් යීලිං කුලදෙටු සයනය මත සිරවීමයි......ඉදින් වෙයි යන්ග් ගේ කරා නැබුරු වූ ලන් චාන් සිය දෙතොල් මතින් ඔහුගේ දෙතොල් සිපගැන්මක් කරා යොමුකරේ සරාගය උතුරා ගිය දෑසකින්.....
ස්වප්නයක්.... ඔක්කොම ස්වප්නයක්...
කතාව කෙටියි කිව්වනෙ....තව එපියකින් වගේ ඉවර කරනො....
ආසාවට ලියපු නිසා ලොකු දෙයක් නැතුවැති......
*ආසයි නෙතු පියන්....
දෙස ආදරෙන් බලන්#🐵😂_Shane_
YOU ARE READING
With You ||\\|| ඔබ සමග••[COMPLETED]
Fantasy"නුබ යීලිං කුලදෙටුවා නම් මා සාතන් වීමෙහිලා වරදක් නොදකිමි••••" The untamed , MGZS වඩා තරමක් වෙනස් වුවද කතාමාලාවට කිසිදු අපහාසයක් නොවන අන්දමට රචනා කරමි.....!!!! _Vion Zrash_