කතාවට පෙර : නමක් සඳහන් නොකරන පුද්ගලයා හුදෙක්
පහසුව තකා " ඔහු " ලෙස සඳහන් කරනු ලැබේ
ඔහු කාන්තාවක් ද පුරුෂයෙක්ද යනවග සොයාගැනීම
පාඨකයන්ට භාරයි.මොකක්ද jungkook ඔයා ඒ කරේ...?
පසෙකින් නැගුන මෘදු ස්වරය Jungkook තිගැස්සීමකට ලක් කෙරුණි
එක් වරක් එදෙස බැලූ Jungkook කිසිවක් පැවසීමට උත්සාහා නොකර
බිම විසිරී තිබූ වීදුරු කැබලි වෙත නැවුණි..විවිධාකාරයෙන් කැඩි බිඳී ගොස් තිබූ විදුරු අතරින් විකෘතිව දිස්වෙන තම වත දෙස ඔහුගේ දෑස් ඇලී ගියේය.
තද කෝපි පැහැ දෑස් , මදක් දික් වූ කාලවර්ණ කෙස් , ළා තඹ පැහැයට හුරු සම , තරයේ පියවුණු දෙතොල් පිරුණු කොපුල් තලවලින් යුත් වත , පින්සල් සුරතල් කරනා දිගු ඇඟිලි ........
ඔහු පියවරෙන් පියවර ජන්කුක්ව තමන්ගේ ඇස්වලින් ග්‍රහණයකොට කලාකෘතියක් සේ ඔහුව විඳිණු ලැබුවා..
" ඔයා ලස්සනයි "
හැරි බැලූ ජන්කුක්ට ඔහුට පිලිතුරු දීමට නොහැකි වූයේ දුරකථනය නද දුන් බැවිනි..
"ඔව් Rose "
" ඔයා සිලෙක්ට් වුණාද ජන්කුක් ...? "
" නැහැ Rose ... මේ පාර මට ඒක ගන්න බැරි වුණා.. "
ජන්කුක්ගෙ දෑස් යලිත් රැඳුනේ විසිරුණු කැබැලි මතයි..
" මොකක්ද ජන්කුක් ...? ඔයාට ඕකවත් ගන්න බැරි වුණාද..? "
මෙතෙක් වේලා තොඳොල් බසින් දොඩමලු වූ ඇගේ ස්වරය නුරුස්නා සුලු ස්වරූපයක් ගත්තේ ඔහුව දුක්මුසු, කෝපය මිශ්‍රිත හැඟීමකට ඇද දමමිනි..
" මම හිතුවා ඔයා ඒක වින් කරාවි කියලා .. shit..
අපරාදේ මම බලාගෙන හිටියේ. බලන්න ඒ ප්‍රයිස් එක කීයක්ද
ඔයා නම් වැඩන් නැහැ ජන්කුක් ... "" ඒත් Rose ........... "
දුරකථන සබඳතාව අනෙක්පස සිටි තැනැත්තා විසින් බිඳ දැමූ බැවින් ජන්කුක්ට තම වාක්‍ය සම්පූර්ණ කරගත නොහැකි විය
සුදු පැහැයෙන් වෙන කර ගැනීමට අපහසු ලෙසට විසිරුණු වීදුරු කැබලි දෙස බලාසිටි ජන්කුක්ගේ දෑස් එක්වරම පසෙක සිටි ඔහුගේ දෑස් හා හමුවිය..
YOU ARE READING
𝐒𝐄𝐁𝐘𝐀 | 𝐉𝐉𝐊 [✔️]
Fanfictionදේදුණු පැහැ වර්ණ ගත් ලොව අළු - නිල් හදවත... ඔහුට කෙතරම් ජන්කුක් වෛර කළද ඔහු ජන්කුක් අතහැරීයේ ද නැත.. Only Fanfiction But ..... MATURE CONCEPT_ WARNING - Dark side, self harming Short story Ⓛⓞⓥⓔ Ⓨⓞⓤⓡⓢⓔⓛⓕ Ⓑⓞⓞⓚ 09 Starting Day...