දිගු දෑඟිලිවලට සිර වූ පින්සල් වලින් ඇඳුනේ සුපිපුණු රතු රෝස මලක්.
තවත් පිරිසිදු පින්සලක් අතට සිරකොට සත් ජන්කුක් සූදානම් වූයේ ඒ මත පිනි බිඳිති ඇඳීමටයි. නමුත් හදිසියේ ම කැලඹුණු සිතෙන් යුතුව පින්සල් පහර හැසිරවීමට ගොස් රතු රෝස මල ටිකෙන් ටික දිය වී යෑමට පටන් ගත්තේ ජන්කුක්ගේ සිත කෝපයෙන් දවාලමිනි.අතැති වූ ලී පින්සල දෙකඩ කළ ඔහු රතු දිය බිඳිති වැටෙන පොළවටම එය අතහැරීය.
"චිත්‍ර ශිල්පියෙක් වුණාම තියෙන්න ඕනේ මූලිකම දේ ඉවසීම. ඒත් ඔයාට නැත්තෙම ඒක ජන්කුක්.."
"මගේ තරහා තව වැඩි කරන්නේ නැතිව තමුසේ පැත්තකට වෙලා ඉන්නවා.."
"කිසි දෙයක් කියන්න බැහැ තරහා ගන්නවනේ.."
"ඔය හුරතල් මාත් එක්ක තියාගන්න ලෑස්ති වෙන්න එපා."
"ඔව් ඉතින් ඔයා හුරතල් කරන්නේ Rose නේ.."
ඔහුගේ ස්වරයෙහි තිබූ සමච්චල් සහගත බව ජන්කුක්ගේ කෝපය තවත් වැඩි කරන්නක් විය.
"මොකක්ද තමුසේ කිව්වේ.. ආයේ කියනවා බලන්න.."
ජන්කුක් රත් පැහැ වුණු දෑස් වලින් ඔහුගේ මුහුණට එබී මුව අතකින් මිරිකා තද කොට අල්වා ගත්තේය.
"විකාර විතරක් කියවන්න එන්න එපා. ඉන්නවා නම් ඉන්නවා නැත්තම් යනවා යන්න."
ඔහුව සෝපාව මතට තල්ලු කොට දමා ජන්කුක් යතුර රැගෙන පිටතට ගියේය. ඔහුගෙ මෝටර් රථය කෙලින්ම ගමන් කරන්නේ Rose ගේ නිවහනටයි. ඒ කලකදී නොලැබුනු ප්‍රේමයෙහි උණුසුම ඇගෙන් ලබන්නටය.
අතැති වූ හදවත් හැඩැති යතුරෙන් ඇගේ නිවසේ දොර විවර කරන්න තැනුවද යතුරක අවශ්‍යතාවයක් නොවුණි. එය විවර කර තිබුණි. නමුත් කිසිඳු හඬක් නැත.
YOU ARE READING
𝐒𝐄𝐁𝐘𝐀 | 𝐉𝐉𝐊 [✔️]
Fanfictionදේදුණු පැහැ වර්ණ ගත් ලොව අළු - නිල් හදවත... ඔහුට කෙතරම් ජන්කුක් වෛර කළද ඔහු ජන්කුක් අතහැරීයේ ද නැත.. Only Fanfiction But ..... MATURE CONCEPT_ WARNING - Dark side, self harming Short story Ⓛⓞⓥⓔ Ⓨⓞⓤⓡⓢⓔⓛⓕ Ⓑⓞⓞⓚ 09 Starting Day...