ගස් වල කොළ හුළඟට හෙමිහිට නැලවෙද්දි ජන්කුක් ඇඳෙන් නැගිට්ටා.
ඇඳේම හීතලට ගුලිවෙලා නිදාගෙන ඉඳපු ඔහු දිහා බලපු ජන්කුක් ඇඟිලි තුඩු වලින් ඇවිදන් ගිහින් පොරවගෙන ඉඳපු රෙද්ද තවත් උඩට ඇද්දේ ඔහුව ඇහැරෙන්නේ නැති විදියට.
අද විශේෂ දවසක්.. අද මේ වසරේ විශිෂ්ටතම කලාකරුවා තෝරන දවස..
මුළු දවසම ගත වෙන උත්සවයක් නිසා ජන්කුක් පාන්දරින්ම ඇඳුම් පැලඳුම් ඇඳ ගත්තේය.
ඇඟමැලි කඩමින් පහලට ආ ඔහු දුටුවේ කළු පාට සම්පූර්ණ ඇඳුමකින් සැරසි සිටින උරහිස්වලට ගෑවි නොගෑවී ඇති කළු කෙස් ඇති ජන්කුක්වය.
ඔහු පරිපූර්ණයි . සිතුවම් ශිල්පියෙකුට වඩා ඔහු සමීප වූයේ කඩවසම් රංගන ශිල්පියෙකුට ය.
"තව කොච්චර වෙලා ඔහොම මම දිහා බලන් ඉන්න හිතනවද ?"
"ඔයා චිත්‍රයක් ජන්කුක්... කොච්චර බලන් හිටියත් තේරුම් ගන්න බැරි .."
" පණ්ඩිතකන් කියවන්නේ නැතුව යනවා යන්න.. මම දැන් යන්න හදන්නේ "
" හ්ම්.. පරිස්සමට ගිහින් එන්න මිස්ට ජන්කුක් "
සෑම කලාකරුවෙකුගේම එකම සිහිනයවූයේ මෙයයි. මෙයින් ලැබෙන අභිමානය හා ආත්ම තෘප්තිය යි.. ශාලාවට ඇතුළු වූ ජන්කුක් සෑම කලාකරුවෙකුගේම දෑස් වලින් දුටුවේ බලාපොරොත්තුවයි. තම දෑස් වලත් එය එලෙසටම ඇති බව ඔහු හොඳාකාරවම දනී.
කතා බස් වලින් , රංගනයන්ගෙන් පිරුණු උත්සවයේ අවසානයට පැමිනුණි.. දැන් ඉතිරිව ඇත්තේ සියල්ලන්ම බලාපොරොත්තු වන දේ ප්‍රකාශ කිරිමයි.
"මෙවර වසරේ කලාකරුවා ලෙස නම් ලබන්නේ... "
"ඔව් අපි ගාව ප්‍රථිපල තියෙනවා.."
YOU ARE READING
𝐒𝐄𝐁𝐘𝐀 | 𝐉𝐉𝐊 [✔️]
Fanfictionදේදුණු පැහැ වර්ණ ගත් ලොව අළු - නිල් හදවත... ඔහුට කෙතරම් ජන්කුක් වෛර කළද ඔහු ජන්කුක් අතහැරීයේ ද නැත.. Only Fanfiction But ..... MATURE CONCEPT_ WARNING - Dark side, self harming Short story Ⓛⓞⓥⓔ Ⓨⓞⓤⓡⓢⓔⓛⓕ Ⓑⓞⓞⓚ 09 Starting Day...