Part 4

257 85 13
                                    

"පාක් ජිමින්..."

"අතාරිනවා මාව... මොනාද මේ කරන්නෙ ?"

"ආයි කිය්න්නෑ අතාරිනවා ජිමින්..."

ටේ කොච්චර කෑ ගැහුවත් මන් කෙළින්ම නැවතුණේ රූෆ්ටොප් එකේ.

"ටේ... මොකද මේ ?? ඇයි මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ ආ ??"

"මට ඕන හින්දා...."

"ටේ... මේ ඔයාමද ?"

"ඔව් ඔව් මන් තමයි... නවත්තනවා ඔය රගපෑම ජිමින්.. මට ජන්කුක් හැමදේම කිව්වා..."

"ජන්කුක් ?? මොනාද එයා ඔයාට කිව්වෙ ??"

"ඒක මොකටද ඔයාට ?"

"අහන්න ටේ... ජන්කුක් ඔයාව රවට්ටනවා.. එයා ඔයා එදා ආපු නැති දවසෙ වොශ් රූම් එකේ කෙල්ලෙක් එක්ක ඉන්නවා මන් ඇස් දෙකටම දැක්කා ටේ.. මන් දන්නවා.. ඔයාට ගොඩක් දුක ඇති... ඒත් එයාගෙන් ඈත් වෙන්න ටේ.. එයා ඔයාට රිද්දයි.."

"වාව්....👏👏 නියමයිනෙ ජිමින්... වසරේ හොදම නළුවා.... මිස්ටර් පාක් ජිමින්....👏👏"

"ට්..ටේ ??"

"හිතන්න එපා මන් ඕවට අහුවෙයි කියලා ජිමින්.. මන් දන්නවා එදා උන දේවල්.. මට කුකී ඔක්කොම කිව්වා.. ඔයා ජන්කුක්ට කැමතියි... ඔයා එදා ජන්කුක්ව seduce කර ගන්න හැදුවා... ඒත් එදා එයා බෑ කිව්වම ඔයා මොකක්ද කළේ ?? මේ වගේ බොරුවක් කියලා මාව කුකිගෙන් ඈත් කරන්න හැදුවා.. වාව්... නියමයි ජිමින්...👏👏 ඔයා මෙච්චර පහත් කියලා මන් හිතුවෙ නෑ...."

"නවත්තන්න... ඇති.. හොදටම ඇති.... ඔව් මන් කිව්ව තමා ජන්කුක්ව අතාරින්න කියලා. ඒත් ඒ මට ජන්කුක්ව ඕන හින්දා නෙමේ... ඔයාගෙම හොදට.. එයා ඔයාව රවට්ටනවා ටේ... මන් ආදරේ ජන්කුක්ටලුනෙ ?? නෑ ටේ ඒක නෙමෙයි ඇත්ත.. මන් ආදරේ ඔයාට... ඔයයි මගේ පළවෙනි ආදරේ... ඒත් ඔයාට ඒක තේරුණේ නෑ... ඔයා ජන්කුක්ට කැමතියි කියලා මට කියපු දවසෙ මට කොච්චර දුක හිතුණද දන්නවද ?? මගේ පපුව ගොඩාක් රිදුණා. ඒ වගේමයි ජන්කුක් ඔයාට ප්‍රොපෝස් කළා කියලා දැන ගත්තම,..
ඔයාව මට ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත් මන් ඔයාට තාමත් ආදරෙයි ටේ......

ඔයා එහෙනම් ඔයත් එක්ක පොඩි කාලෙ දුකට සැපට හිටපු ඔයාගෙ හොදම යාළුවට වඩා ඊයෙ පෙරේදා හම්බුණ කෙනෙක්ව විශ්වාස කළා...."

මගේ හදවත කෑලි කෑලි වලට කැඩිලා.... මට දුකයි... මන් මේ ලෝකෙ ඔම්මටයි අප්පටයි පස්සෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනත් මාව අවිශ්වාස කරනවා... මන් ඒ ටික කිව්වෙ ඉවසලා ඉවසලා බැරිම තැන.... මන් එතනින් එන්න යද්දිම,

"චිමී....."

මාව ගල් ගැහුණා... ටේ... ආයෙමත් කලින් වගේම මට චිමී කියලා කතා කළා... ඒත්... ඒත් මට බෑ ආයි ඔයා දිහා හැරිලා බලන්න ටේ..... සමාවෙන්න.. මේ වෙලාවෙ ඔයාට වඩා මට වේදනයි....

"ඔයාට ජන්කුක්ට වඩා මාව විශ්වාසනම් අද හරියටම හවස හතරට හන් රිවර් එක ගාව පාක් එකට එන්න. මන් බලන් ඉන්නවා..."

ඇස් දෙකෙන් කදුළු කැට එක දිගට වැටෙද්දි මන් එතනින් කෙලින්ම ආවෙ එයාර්පෝට් එකට...

"ඇමරිකා වලට flight එකක් තියෙන්නෙ කීයටද ?"

"රෑ අටට එකක් තියෙනවා සර්.."

"මට ඒකට ටිකට් එකක් බුක් කරන්න."

මගේ හියුන්ග් ඉන්නෙ ඇමරිකාවල...

හවස තුනහමාර වෙද්දි මම හන් රිවර් එක ගාව පාක් එකට ආවෙ ටේව බලාපොරොත්තුවෙන්... ඇදුම් බෑග් එකත් පැක් කරන්...

මගේ හිතේ තිබ්බ තීරණේ ක්‍රියාත්මක කරන්නෙ ටේගෙ තීරණේ අනුව...



7.30 යි....

හරියටම පැය හතරක්...

මන් ටේ එනකන් බලාගෙන හිටියා...

ඒත් එයා ආවෙ නෑ.....

මන් ඉදන් හිටපු තැනින් නැගිටලා phone එක අතට ගත්තෙ කෝල් එකක් ගන්න.

"හියුන්ග්... මන් අද රෑ අටට මෙහෙන් තියෙන flight එකේ ඔහෙට එනවා.. මාව ගන්න එන්න."

හියුන්ග් මොකුත් කියන්න කලින් ම මම කෝල් එක කට් කරලා phone එක off කළා.

𝕐𝕠𝕦 𝔾𝕒𝕧𝕖 𝕄𝕖 𝕎𝕚𝕟𝕘𝕤 👼❤️ [Completed✔️]Where stories live. Discover now