Part 5

247 81 6
                                    

අවුරුදු තුනක් ගියා...

දැන් මන් ඇමරිකාවෙ ඉන්න ලෝක ප්‍රසිද්ධ ඩාන්සර් කෙනෙක්.. කොරියාවෙ ඉන්න කාලෙත් මගේ හීනෙ උනේ ඒක... කොරියාවෙදි බැරි උනත් ඇමරිකාවෙදි මන් මගේ හීනෙ හැබෑ කර ගත්තා.

ඒ තැනට එන්න මන් ගොඩක් දුක් වින්දා. මන් විදපු වේදනාවෙන් පළිගන්න හිතාගෙන මන් ඩාන්ස් කළා. ඩාන්සින් තමයි මගේ වේදනා නාශකෙ උනේ.. මන් ආස කළා ඩාන්සින් වලට.. ඩාන්ස් කරද්දි මට දැණුනෙ මන් වෙනම ලෝකෙකට යනවා වගේ..

ඒ නිසා මන් නොකා නොබී ඩාන්ස් කළා. ඩාන්ස් කරද්දි සිහි නැතුව බිමට ඇදන් වැටුණ, හොස්පිටල් හිටපු අවස්ථා ගොඩක් තිබ්බා මට.

මන් දැන් කෙට්ටු වෙලා.. ගාණට ඇග හදා ගත්තා මන්. තාමත් මන් ඩයට්...

කොහොම හරි ගොඩක් දුක් විදලා විදලා මන් මේ තැනට ආවා.

මට අමාරු උන හැම වෙලාවකම මාත් එක්ක දෙන්නෙක් හිටියා. මන් අද ඉන්න තැනට එන්න ඒ දෙන්නත් හේතුවක් උනා.. ඒ දෙන්නා නැත්තන් සමහරවිට මන් මැරිලා.

මගේ මුළු ජීවිත කාලෙම මන් ඒ දෙන්නට ණයගැතියි.

එක්කෙනෙක් තමයි මගේ හියුන්ග්... හෝසොක් හියුන්ග්.

එතකොට අනිත් කෙනා... යුන්ගි හියුන්ග්. හෝබි හියුන්ගෙ හොදම යාළුවා.

ඒ දෙන්නා හින්දා මන් හිනාවෙලා සතුටින් ඉන්නවා වගේ පෙන්නනවා. ඒ දෙන්නට තවත් දුක් දෙන්න බෑ මට.

ටේගෙ මතක වලින් ඈත් වෙන්න මට ඕන උදව් කළේත් ඒ දෙන්නා තමා. වැඩිපුරම යුන්ගි හියුන්ග්.

යුන්ගි හියුන්ග් මට ප්‍රොපෝස් කළා. මන් තීරණේ කළා හියුන්ග්ට අවස්ථාවක් දෙන්න.

මට එකපාරටම යුන්ගි හියුන්ට අවස්ථාවක් දෙන්න බෑ. මට කීයටවත් ඕන උනේ නෑ ටේව අමතක කරන්න යුන්ගි හියුන්ග්ව පාවිච්චි කරන්න. ඒ නිසා මට ටේව අමතක කරන්න යුන්ගි හියුන්ග් කාලෙ දුන්නා.

යුන්ගි හියුන්ග් මාව තේරුම් ගත්තා.

ටේ.... එයා ගැන කියනවනම් මට එයා ගැනවත්, ජන්කුක් ගැනවත් කිසිම තොරතුරක් හම්බුණේ නෑ. මන් ඇමරිකාවට ආවත් එක්කම නම්බරේ මාරු කළා.

ටේව හිතින් අයින් කරන එක ලේසි දෙයක් උනේ නෑ. එහෙම ලේසියෙන් අයින් කරන්න එයා නිකන්ම නිකන් ක්‍රශ් එකක් නෙමේ... මගේ පළවෙනි ආදරේ... අවුරුදු ගාණක ඉදලා ආදරේ....

එදා සමහරවිට ටේ මාව හම්බෙන්න ආවනම් මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.... මන් එදා කොරියා වලින් එනකොට හිතන් ආවෙ ඒ හැමදේම අමතක කරනවා කියලා හිත හදාගෙන.

මට ඇමරිකාවෙ ලොකු ඩාන්සින් ඇකඩමි එකක් තියෙනවා දැන් වෙද්දි.

මගේ හියුන්ග් බිස්නස් වැඩ බලාගන්න අතරෙ මන් ඇකඩමියෙ වැඩ බලාගෙන හිටියා.

මම සාර්ථක උනා.... මම ජීවිතේ ජය ගත්තා.. ඒත් මන් සතුටින්ද ?

මන් දන්නෑ.. මම සතුටින් කියන්නත් බෑ... සතුටෙන් නෙමේ කියන්නත් බෑ... මට දැනුනෙ ජීවත් වෙන්න ඕනෙවට මන් ජීවත් වෙනවා වගේ...

𝕐𝕠𝕦 𝔾𝕒𝕧𝕖 𝕄𝕖 𝕎𝕚𝕟𝕘𝕤 👼❤️ [Completed✔️]Where stories live. Discover now