මන් ටේගෙන් ඈත් උනේ යුන්ගි හියුන්ගෙ කටහඩට..
"අපි ගිහිල්ලා එන්නම් ටේ... දවසක අපේ ගෙදර එන්නකෝ...😉"
මන් ටේට එහෙම කියලා යුන්ගි හියුන්ග් ගාවට ගිහිල්ලා හියුන්ගෙ අතෙන් අල්ල ගෙන හියුන්ග් දිහා බලලා හිනා උනා..
"අපි යමු හියුන්ග්..."
"ගිහිල්ලා එන්නම් ටේහියුන්ග්."
හියුන්ග් ටේට යන්නම් කියලා මාත් එක්ක පිටත් උනා.
"හියුන්ග්...."
"ම්ම්..."
"කුමාවෝ හියුන්ග්... මාව තේරුම් ගන්නවට. මට ආදරේ කරනවට... සරන්හෙ හියුන්ග්..."
"ජිමි... ඔය.. ඔය ඇත්තමද ?"
"ඔව්... සරන්හේ හියුන්ග්... ඒ වගේමෙ මියානෙ... මෙච්චර කල් ඔයාට මේක අහන්න බලන් ඉන්න උනාට.."
"ඉට්ස් ඕකේ ජිමී.. නාදො සරන්හේ..."
ඒත් එක්කම හියුන්ග් මන් දිහාවට නැමිලා තත්පර ගාණක හාදුවක් මගෙ තොල් උඩින් තිබ්බෙ හරිම ආදරණීය විදිහට..
"ජිමී... බබා.. ඔයා අද මේ අල්ලගත්ත අත කවදාවත් අතාරින්නෙ නෑ නේද ??"
"නෑ හියුන්ග්... ඔයාට අතාරින්න දෙන්නෙත් නෑ.. ඔයා අතාරින්න ගියොත් ඒම මගේ චූටි ඇගිලි වලින් හිරකරගෙන අල්ලගෙන ඉන්නවා කෝමහරි මම..."
"හාකො හාකො මගේ ඒන්ජල්..😂"
"ඒන්ජල් ??"
"හ්ම්... ඔයා තමයි ඒන්ජල්.. ලස්සන හදවතක් තියෙන, ඒන්ජල් කෙනෙක් ඔයා..."
"හියුන්ග්...."
"අයිගෝ මොකෝ මේ ඇස් වල කදුළු ආ... කෝ අපි යන්... රෑට අපි හෝබිවත් එක්කගෙන ගිහින් එළියෙන් ඩිනර් ගමු.. හාද... ?"
මන් ඔළුව වනලා හා කිව්වම හියුන්ග් මගේ අතත් අල්ලන් කාර් එක ගාවට ගියා...
සෑහෙන කාලෙකට පස්සෙ මගේ හිතට නිදහසක් දැනෙනවා.. ඒ ටේ හින්දද යුන්ගි හියුන්ග් හින්ද්ද නැත්තන් ඒ දෙන්නම හින්දද කියන්න මන් දන්නෙ නෑ.
ඒත් මට සනීපයක් දැනෙනවා.. සැහැල්ලුවක් දැනෙනවා.. මට හැමදාම මේ විදිහට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕනෙ....
'මන් පරක්කු වැඩියි... මට ඔයාව නැති උනා... ගිය නුවණ දැන් ඇතුන් ලවාවත් අද්දවන්න බෑ.. මන් ඔයාට මොන තරම් රිද්දෙව්වද ? ඔයාගෙ හිත හරියට පුංචි දරුවෙක්ගෙ වගේ.. හරිම සංවේදී හිතක් ඔයාට තියෙන්නෙ.. මන් ඒ හිත කෑලි කෑලි වලට කඩලා දැම්මෙ කිසිම හිතක් පපුවක් නැති ගාණට...
ඒත් ඔයාගෙ තියෙන හොදකමට ඔයා මට ඔයාගෙ යාළුවෙක් විදිහට හරි ළගින් ඉන්න දුන්නා.
සමහරවිට මේ හැමදේම උනේ හොදට වෙන්න ඇති... මට වඩා හොද කෙනෙක්ව ඔයාට දෙන එක දෙවියන්ගෙ කැමැත්ත වෙන්න ඇති..
ඔව්.... යුන්ගි හියුන්ග් ඔයාව හොදට බලා ගනියි.. එයාව රිද්දන්න එපා ජිමිනා... තවත් ටේහියුන්ග් කෙනෙක් වෙන්න එපා ඔයා... ඒන්ජල් කෙනෙක් වෙන්න ඔයා...
කුමාවෝ ජිමින්... මගේ යාළුවා උනාට.. සෝල්මේට් උනාට...
මගේ ඒන්ජල්... වචනයේ පරිසමාප්තියෙන්ම ඒන්ජල් කෙනෙක් ඔයා... පාක් ජිමින්.....
සතුටින් ඉන්න හැමදාමත් ඒන්ජල් චිමී....'
නිමි.
YOU ARE READING
𝕐𝕠𝕦 𝔾𝕒𝕧𝕖 𝕄𝕖 𝕎𝕚𝕟𝕘𝕤 👼❤️ [Completed✔️]
FanfictionTo celebrate our Angel's Birth Day.. Jimin's Birth Day Special ❤️