08ᵗʰ 🅴︎🅿︎🅸︎🆂︎🅾︎🅳︎🅴︎

353 78 20
                                    

At BTS House

සිහින් වේදනාවක් හිස තුලින් ඇති වෙන විට ජන්ග්කුක් නැගිට්ටා...

අහ්.. හ්ම්ම්.. මං මේ කොහෙද.. ආව් ඔලුව

කකුල් දෙක අතරෙ ඔලුව ගහගෙන ජන්ග්කුක් වෙච්ච හැම දෙයක්ම කල්පනා කරන්නට උනා...

ඉන්හා...

ඇඳ රෙද්ද පැත්තකට විසිකර ජන්ග්කුක් වේගයෙන් පහල තට්ටුවට දිව්වේ ඉන්හගෙ නම මුමුණමින්...

ජන්ග්කුක් නැගිට්ට ද උඹට මොකද උනේ

ටේයොන් කුස්සියේ සිට කෝපි කෝප්පයක් ද අරගෙන සාලෙට ආවෙ ඒක ජන්ග්කුක්ට ගිහිං දෙන්න හිතාගෙන..

උඹ!!

ජන්ග්කුක් කට කොනින් සිනා වෙමින් ටේයොන් හිටපු පැත්තට හැරුනේ රත් පැහැ වූ දෑස් වලින් යුක්තව ...

ජ ජන්ග්කුක්

තවත් කිසිවක් කීමට පෙර ජන්ග්කුක් ටේයොන්ගේ බෙල්ලෙන් අල්ලා ඔහුව බිත්තියට තද කලේ දෑස් අග රැඳි කඳුළු බින්දුව කම්මුල දිගේ පහලට රූටා යද්දි ...

උඹ.. උඹ නිසා තමයි මේ ඔක්කොම.. උඹ මට ඉන්හව බලන්න යන්න දුන්නනං අද මෙහෙම වෙන්නෑ යකෝ... මට මගෙ කෙල්ලව නැති කරා..

ජ ජන්ග්කුක්.. මට හු.. හුස්ම ගන්න

කට වහපං!!

නිවස දෙදරා යන තරම් හඬකින් කෑ ගැසූ ජන්ග්කුක්ගේ දෑත් තවත් ටේයොන්ගෙ බෙල්ල හිර කලේය.. ජන්ග්කුක්ගේ කෑ ගැසීම ඇසී අනෙක් අය ද දිව එන්නට විය...

කුක් ඔය මොකද්ද කරන්නේ ටේයොන්ව අත අරිනවා

ජන්ග්කුක් කියන දේ අහනවා මනුස්සයෝ

ජන්ග්කුක්!!

අනෙක් අය කොතෙකුත් කෑ ගැසුවත් ජන්ග්කුක් කලේ වියරුවෙන් මෙන් සිනහවීම... අසල සිටි ආරක්ෂකයෙකු ගේ තුවක්කුවක් ගත් යුන්ගි එය ජන්ග්කුක්ගේ හිසට තැබුවේ ය..

තමුසෙට කියන දේ තේරෙන්නැද්ද ජියෝන් ජන්ග්කුක්!! අත අරිනවා ටේයොන්ව

තුවක්කුවට බිය වූ ජන්ග්කුක් ටේයොන්ගේ බෙල්ල අත ඇර ඔහුව පසෙකට තල්ලු කලේ හදවත තුල ඇති වේදනාවත් කේන්තියත් ටේයොන්ගෙන් පිට කරමිනි... තල්ලු වී ගිය ටේයොන් සෝෆාවේ වැදී බිම ඇද වැටුනි...

❤️🔐𝐄𝐓𝐄𝐑𝐍𝐀𝐋 𝐋𝐎𝐕𝐄 || 𝐉𝐉𝐊 [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃√]Tempat cerita menjadi hidup. Temukan sekarang