මොකක්ද මට ඒ ඇහුනේ නෑ වෙන්න බෑ ම්ව්චර අහිංසක මගේ angel කෝමද මේ මිනීමරුවව දන්නෙ ඒ කොහොමද මන් බැලුවෙ ජෙම් දිහා එයත් පුදුම වෙලා වගේ එයා දිහා බලන් හිටියා.
"හරි හැබැයි අපිත් ඉන්නව ඔයා එක්ක ."
එයාගෙ වැඩි කැමැත්තක් නොවුවත් එයාට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.
"තමුන්ගෙ යාලුවෙක් ඇවිල්ල ඉන්නව තමුන්ව හම්බවෙන්න "
"මට ඇති යාලුවෙක් නෑ මිනිහෝ "
"රියා..."
"තමුන් කවුද කියනව "
"ඔයාට මාව මතක නැද්ද මාව දැක්කාම කාවවත් මතක් වෙන්නෙ නැද්ද "
"ට්රියා... ඔ ඔයා තාම ජිවත් වෙනවද "
"කොහොවත් ඉන්න තිරිසන්නු කරපු දෙයක් නිසා මගෙ ජීවිතේ නැති කරගන්නවත් විදවන්නවත් ඕනි නෑ මට "
"හ්හා ඔයා කියන්නෙ ඔයා සතුටින් කියලද මාර විහිලුව ඔයා ජීවත් වෙනවා කියන්නෙ අවුරුදු දහයක් මන් වගේම ඔයත් විදවල කියලා."
"ඔවු ඒත් මන් ඔයා වගේ මිනීමරුවෙක් උනේ නෑ.ඇයි ඔයා මෙහෙන් පැනල ගියේ එහෙම නොවුනනම් සමහරවිට ඔයාට අද මෙහෙට මේ විදියට ඉන්නෙ නැති වෙන්න තිබ්බා."
"හ්හ මිනීමරුවව ඔයාත් මට කියන්නෙ එහෙමද ඔයා හැමදේම දන්නවනෙ නේද එතකොට මාව මේ තත්වෙට පත් කරපු උන් එයාල මොක්කුද ඔයා හොදටම දන්නව මටත් ඉස්සර ඕන උනේ doctor කෙනෙක් වෙන්න ඒත් ඒ මිනිස්සු මාව පනපිටින්ම අමුම අමු තිරිසනෙක් කලා ඒයාලගෙ මූනු මතක් වෙද්දී මට ඕනි උන් ඔක්කෝම මරන්න.හ්හා ඒ ලේ රහ කවදාවත් අමතක වෙන්නෙ නෑ."ඊට පස්සෙ ට්රියා එයාව බදාගත්තා.
"අපි දෙන්නම ගිය ආත්මෙ ලොකු පවක් කරල ඇති ඒකයි අපි දෙන්නම එච්චර පවු කාර උනේ.අපි දෙන්නගෙම දෛවය මේක වෙන්න ඇති.ඒත් මට පුළුවන් උනා ඒ දෛවය අබියෝග කරන්න.මට සමාවෙන්න ඔයාව බේර ගන්න බැරි උනාට."
එහෙම කියලා ට්රියා එතනින් යන්න ගියා.එයාල කිවුව කිසිම දෙයක් මට තේරුන් නෑ.ඒත් මෙතන අපි දන්නැති ගොඩක් දේවල් තියෙනව .මට තාම විශ්වාස නෑ.ඇයි මගේ angel ම මේවට සම්බන්ධ එතකොට තමා මට එයාගෙ අමුතු හැසිරීම් මතක් උනේ.
"උබ මට කිවුවෙ නෑනෙ උබේ කෙල්ල T.H.K අදුරනව කියලා ."
"ඉතිම් යකෝ මන් දන්නෙත් නෑ"
"මෙතන අපි නොදන්න මොකක් හරි තියෙනව බම්.ඒක මුන් දෙන්නගෙ අතීතෙට සම්බන්දයි."
"උබ කියන්නෙ මේවට ට්රියාත් සම්බන්දයි කියලද "
"කියන්න බෑ මොකද මන් දන්න තරමට T.H.k යාලුවො හිටියෙ නෑ ,ඒ උබ අවුලින්ද "
"අවුල් නොයා තියෙයිද බම් "
"අපි මේ ගැන එයාගෙන් අහන් නැතුව කෙලින්ම මෙතන මැඩම්ගෙන් අහල බලමු "
"හූම් ඒක හොදයි."
![](https://img.wattpad.com/cover/287108938-288-k294428.jpg)
YOU ARE READING
💔FEELING 💔 [Completed ]
Fanfictionමේ කතාව පදනම් වෙන්නෙ හැගීම් මත ඒත් මේ කතාවෙ නැතිම දේත් හැගීම්. මේ ලෝකෙ හැගීම් දැනීම් තියෙන මිනිස්සු ඒව දැනෙන් නැති විදියට ඉද්දි .ඇත්තටම හැගීම් දැනෙන් නැති මිනිස්සු කෝම හැසිරෙයිද..... හැගීම් දැනෙන් නැති ගල් හදවතක් හිමිකාරියකට අසීමාන්තිකව පෙම්බදින දඩ...