Jk pov :
උදේ නැගිටිනකොට ටේ හිටියේ මගේ පපුවට ගුලි වෙලා , එයා තද නින්දක , ඒත් වෙනදට මම එයාගේ මුනේ දකින්නේ නැති සතුටක් සාමකාමී බවක් ඒ මූනේ තිබ්බා .
ටික වෙලාවක් ටේ ව තුරුළු කරගෙනම ඉන්න මට හිතුනා මේ විදිහට නිදාගෙන ඉන්නකොට කොහොමද දෙවියනේ හිත හදන් office යන්නේ.
ටේ ගේ කොන්ඩේ අස්සෙන් ඇගිලි යවමින් ටේ ගේ ඔලුව අතගාන ගමන් ඊයේ උන දේවල් ගැන මම හිතුවේ .ඇයි ටේ ඒ විදිහට හැසිරුනේ ? , එයාට එතකොට වෙන්න ඕනේ නැද්ද ? , එයා වෙන කෙනෙක්ට ආදරේ කරනවානම් ඇයි මගෙන් වෙන්නැතුව ඉන්නේ .
එයා අපි දෙන්නටම ආදරේ කරනවවත් ද ?
ඒත් ටේ ඇයි ඔයාට බැරි මට විතරක් ආදරේ කරන්න ? මම මදිද ඔයාට ?
නැත්නම් ඔයා අම්මලා ගැන හිතල එයාල දුක් වෙන එක ගැන හිතලා පවුල් දෙක ගැන හිතලද මෙහෙම කරන්නේ ?
නැත්නම් මට රිද්දන්නද මේක කරන්නේ ?
මම මේ ටිකේ ඔයාට සලකපු විදිහට ඔයා එකේ පලිය ගන්නද නොවී ඉන්නේ හරියට නිකන් මේ දේවල් බලලා විදවන්න කියනවා වගේ ?
ඇයි ඇයි ඇයි ටේ ?
මට ටේ ව තේරුම් ගන්න බෑ , මාව ඕනේ මාව මතක් වෙනවා මම නැතුව පාලුයි කියන ඔයා කොහොමද මම නැති වෙලාවට වෙන කෙනෙක් එක්ක ඉන්නේ ?
ඒවා බොරු පින්තුරත් නෙමෙයි නේ .
ඔයයි මමයි දැන් දෙන්නක් නෙමෙයි අපි එක්කෙනෙක් අපි ශාරීරිකවත් එක්කෙනෙක් එහෙම එකේ ඔයා කොහොමද වෙන කෙනෙක් එක්ක ඉදල ආයේ ගානක් නැතුව මාත් එක්ක මෙහෙම මට තුරුළු වෙලා ඉන්නේ ?
ඔයා sex වලටද මාව තියන් ඉන්නේ ?
එක එක සිතුවිලි වලින් jk ගේ ඔලුව අවුල් උනා .
තව දුරටත් මේ විදිහටම ටේ ව තුරුළු කරන් ඉන්න jk ට හිත දුන්නේ නෑ .
ටේ ට අහරෙන්නැති වෙන්න ටේ ව තමන්ගෙන් අයින් කරපු jk ඇදෙන් නැගිටලා ගිහින් ලෑස්ති වෙන්න පටන් ගත්තා .
wash එකක් දාගෙන ඉක්මනින් ලෑස්ති උන jk ටේ ව ඇහැරවන්නෙත් නැතුවම ආයේ office යන්න පිටත් උනා.................................................................................
mr.kim : යබුසේයෝ jeon , අපි අද කතා උනා වගේම යනවනේද ?
YOU ARE READING
Never Again
RomanceYou call it madness , I call it love 💕 taekook ff Sinhala ff (🔞 & 21+ ) mature content are included ⚠️⚠️