ඇවිදින්න ආපු ගමන එකපාරට දැකපු, පාලමකින් පනින්න හදපු මනුස්සයෙක් එකට ඇවිදින්න යමුයි කියලා කිව්වම එයත් එක්ක කතා කර කර ඇවිදින්න ඕනේ කියලා ආසාවක් මට තිබ්බෙ නෑ තමයි...
ඒත් මොකක්දෝ හේතුවකට මම ඒ පිරිමි ලමයා එක්ක ඇවිදින්න ගත්තා. ඇත්තම කියනවනම් පාලම දිගේ හෙමිහිට ඇවිදගෙන යද්දිවත් එයාගේ වැඩි කතාවක් තිබ්බෙ නැහැ , මේ දැන් එම්බාම් කරපු මලමිනී දෙකක් ඇවිදිනවා වගේ යන්න බැරි නිසා මං කතාව පටන් ගන්න හිතුවා...
"එතකොට.....ඔයා.....කලු පාට ට සෑහෙන්න කැමති නේ..."
නියමයි... කතාවක් පටන් ගත්ත අපූරුව..අනේ ඇත්තමයි අනිත් පැත්ත හැරිලා ගෙදරට දිව්වා නම් හරි, දැන් වෙච්ච දේවල් මදැයි.අර පිරිමි ලමයා හෙමිහිට ආපහු එයා දිහා බැලුවේ ඇඳගෙන හිටියෙ මොනාද කියලා අමතක වෙලා වගෙයි.
"ආ...ඔව්..මෙහෙම හොඳයි...වැඩිය අඳුරගන්න බෑනේ... "හරි එහෙනම් එකත් එකටම ලෝකෙම දරුණු අපරාධකාරයෙක් වෙන්න ඇති , නැත්තම් වැම්පයර් කෙනෙක් කියලා හිතන්නත් පුළුවන් ඔය සුදුමැලි හම හින්දා දකුණු කොරියාවෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන්න ඇති.... ඒත් පෙනුම නම් පූස් පැටියෙක් වගේ ... අනේ මන්දා..
"හ්ම්..." මං කිව්වා.
" මං ඔලීවියා... ඔලීවියා ග්‍රේස්..."
"ආ දේ..." කියපු එයා නැවතිලා අංශක අනූවක් ම කොන්ද නවාගත්තා.
මං උඩ බිම බලන්න ගත්තෙ මොකක්හරි බිම වැටුන වත් ද කියලයි. නැත්තම් හිටපු ගමන් මේ අසරණයට කොන්දෙ අමාරුවක් වත් ද ?ඉක්මනින් ම කෙලින් වුනු එයා ඔලුවෙ අත ගහ ගත්තා.
" අහ් සොරි..මේ UK නේ... මට අමතක වුනා..
මම යුන්ගි...මින් යුන්ගි.."එයා අත දික් කලා. මම ත් අතට අත දුන්නා .
"කොරියන්... ?"
"ම්හ්ම්..."
"ලස්සන නමක්.."
" මං නම් වැඩිය කැමති නැහැ.."
"ඇත්තට ? එහෙනම් මොන වගෙ නමක් ද කැමති? "
"අහ්... යුන්ගි මින් වගේ ?"
YOU ARE READING
One Night Love At London ( COMPLETED )
Fanfictionලන්ඩන් තේම්ස් වලින් හමාගෙන ආපු සීතල සුලඟ ත් එක්ක හිතුවේ නැති විදිහට මුණ ගැහුනු අමුතුම හමුවීමක්... කැමරාවක් මුලු ජීවිතේම කරගත්තු පුංචි ෆොටෝ එකකින් ජීවිතේ පාට පාට හොයපු ආදරයක් ගැන නොහිතපු ඔලීවියා ග්‍රේස් ගෙයි, මිනිස්සුන්ට වඩා මියුසික් එක්ක කල් ගකරප...