මේක මොකක්හරි කැත විහිලුවක් ද ?"නැහැ.." එයා ගොඩාක් විශ්වාසෙන් වගේ කිව්වා.
මම අත් දෙක බැඳගෙන එයා දිහා බලාගෙන හිටියේ කියන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරුව, මට කලින් එයා කතාකරන්න ගත්තා.
"එතකොට ඔයා ආවේ මගේ wedding එක කියලා හිතාගෙන..."
මම ඔව් කියන්න ඔලුව වැනුවා."ඔයාට දුක හිතුන ද....." එයා ආපහු අර අමුතු ලෙන්ගතු විදිහට බලාගෙන හිටියේ මං ගැන ගොඩාක් කරදර වෙනවා වගේ..
"හහ් ! මොන එහෙකටද දුක්වෙන්නේ ? " මම කියාගත්තා.
"ඇත්තට ? " එයාගේ කටහඩෙ නම් ඒ ගැන විශ්වාසයක් තිබ්බෙ නැහැ.
"ඔව්...ඔයා වගේ ලොකු celebrity කෙනෙක්ගේ wedding එකක් කියන්නේ සුපිරි අවස්ථාවක්නේ...වෙන රටකට යන්න chance එකක්..ඇයි තව මට ගෙවනවනේ හොදටම...මොකටද දුක් වෙන්නේ ? "
"ඔය දේවල් විතරමද ඔයාට හිතුනේ ඔලීව්..." එයාගේ කටහඩ ටිකක් serious වෙලා තිබුනා. මගේ ඇස් දිහා කෙලින් ම බලාගෙන මගේ හිත කියවන්න වගෙයි යුන්ගි හිටියේ..
ඇත්තටම මට මොනාද දැනුනේ....? දුකක් , තරහක්, අමුතුම හැගීමක් නැත්තම් එයාව ගොඩාක් මතක් වුනා එහෙමද .? මන්දා මම දැනගෙන හිටියෙත් නැහැ. ඒ අදුරගත්ත දවස් කීපයට වුනත් එයාව විශේෂ විදිහට දැනුනා කියලද ? එහෙම නැත්තම් එදා සරන්හේ කිය කිව්ව එකේ තේරුම මොකක්ද කියල දැනගත්තම මට මුකුත් හිතාගන්න බැරිවුනා කියලද .....
නැහැ මම දන්නේ නැහැ ...
මම ත් කෙලින් ම එයා දිහා බලාගෙන හිටියා ඒත් මගේ කටට ආපු ප්‍රශ්නේ මම
ඇහුවා."එදා......අන්තිම දවසේ...ඔයා....මේ....සරන්හේ කිව්වේ.....ඇයි...ඒක මේ....හෙ හෙ මං දන්නවා..මං මේ...." ඔව් මං වචන එහෙ මෙහෙ කර කර කටට ආපු එවා කිය කිය හිටියා.
එයා නැගිටලා ඇවිත් මගේ ඉස්සරහා හිටගත්තා.
"ඔයා මට හරි උත්තරයක් දුන්නෙ නෑ ?.... ""අහ්....." මට වචන ආවේ නැහැ. එයා මට ගොඩාක් ලං වෙලයි හිටියේ.. නැගිටපු ගමන් වුනත් එයා මාරම පෙනුමයි කියන එකයි මම හෙලවුනොත් අනිවාර්යෙන්ම මට ඔය පරණ film එකක සීන් එකකට මූණ දෙන්න වෙයි කියන එක ඇරෙන්න වෙන අදහසක් මගේ ඔලුවට ආවේ නැහැ.
YOU ARE READING
One Night Love At London ( COMPLETED )
Fanfictionලන්ඩන් තේම්ස් වලින් හමාගෙන ආපු සීතල සුලඟ ත් එක්ක හිතුවේ නැති විදිහට මුණ ගැහුනු අමුතුම හමුවීමක්... කැමරාවක් මුලු ජීවිතේම කරගත්තු පුංචි ෆොටෝ එකකින් ජීවිතේ පාට පාට හොයපු ආදරයක් ගැන නොහිතපු ඔලීවියා ග්රේස් ගෙයි, මිනිස්සුන්ට වඩා මියුසික් එක්ක කල් ගකරප...