ep 21

4.2K 595 162
                                    

Ep 21
""කැට එකහ මාරක් හිස් මොකද කරන්නෙ කෝච්චියෙ කැටේ කරමුද?"
""කරමු හැබැයි උබ කතා කරන්න ඕනෙ "" බිල්ලි මට් ඇගිල්ල දික්කරලා කියුවා
"එනේ මේ ...උබව මේකෙන් තල්ලුකරලා එලියට දනවා...ඔය මගුල ආයෙ මගේ ඇගේ ගහන්න හැදුවොත්...කතාකරපිය මගෙ යකා අවුස්සන්නෙ නැතුව" මම බිල්ලිට සද්දයක් දැම්ම
කෝච්චියෙ පෙට්ටි වල සෙනග පිරිලා
බිල්ලි කෑගහල කතා කරත් කෝච්චියෙ සද්දෙට ඇහෙන්නෙ නෑ කියන එක
ඒනිසා අවදානය ගන්න අමරුයි මිනිස්සුන්ගෙ
වැඩිපුරම පිටිම පස්සෙ රැවුල් කොන්ඩ වවාගත්ත රස්ත පාට කොල්ලො හතරදෙනෙක් ඉන්ට්‍රමන්ට් කීපයක් ප්ලේ කරනවා...එකෙන් බොන්ගො එකක් ගනවා, තව එකෙක් ගිටාර් එක , තවැකෙක් මවුත් ඕගන් එක අනික් එකා පොල් කටුවලින් හදපු මම ජීවිතේට දැකපු නැති ඉන්ස්ටෘමන්ට් එකක් හොලවනවා තාලෙට

උන් නම් පට්ට දක්ක්ශයෝ නියම ලස්ස්නට ප්ලේ කරනවා
එයාලා ගෙ වාදනේ නිසා අපි කියන ඒවා ඇහෙන්නෙත් නෑ...මිනිස්සු එයාලා දිහාම බලන් ඉන්නවා
"මම අර අයියලට කියලා එන්නම් පොඩ්ඩකට සද්දෙ අඩුකරනන් කියලා"
මම කොල්ලො සෙට් එක ලගට ගියේ ...හිතේ චකිතෙන් ....සද්දෙ නවත්වන්න බෑ කියුවොත් ලැජ්ජාව මටනේ
"මචන් පොඩි හෙල්ප් එකක් ඕනෙ ...පොඩි වෙලාවකට සද්දෙ වහන්න පුලුවන්ද අපිට පුන්චි කැට පාටියක් තියෙනවා...අපේ කෙල්ල කතා කරල ඉවර උනගමන් අපි සල්ලි ටික එකතු කරන් යනවා...එතකන් ෆයිවුන්මිනිට්ස් දෙන්න පුලුවන්ද...ඔයාලගෙ ආතල් කුඩු කරාට සොරි හොදේ"
උනුත් රස්ත පාට නිසා බජාර් එකේ බාශාවෙන් මම කතා කරා

"මල්ලියා යුනි ...එකේ නේද කොහෙද.."
"මම කැම්පස් එකේ නම කියලා සයන්ස් ෆස්ට් ඉයර් කියුවා"
"ආආ...එල එල ..අපි කලම්බු ෆයින් ආට්ස්..."
"ඇත්තද අයියා..අදුනගන්න ලැබුන එක සතුටුයි...කට්ටය ට්‍රිප් එකක්ද?"
"ඔවු බන් ..අපේ සෙට් එක කලම්බු ඉදලා පොල්ගහවෙලට එනවා..අපි උන්ට සෙට් වෙන්න යනගමන්...කැටේ මොකටද කරන්නෙ"
"රත්නපුරේ නාය ගිය ඉස්කෝලයක් හදන්න අයියෙ..."
"ආඅ...හොද වැඩක් නේ...අපෙන් සප් එකක් ඕනෙද?"
"අපි පොඩි කතාවක් කරලා කැටේ හොල්ලනවා...කට්ටිය කීය කීය හරි දායි නේ"

"කොල්ලා එකක් කියන්නම් අවුලක් නෑනෙ...." ඒ අයියල හොදට ෆිට් උනා හොද කොල්ලො සෙට් එකක් නිසා
"අනේ නැ අයියා...කියන්න"
"කෝච්චියෙ කතා සීන් හරියනෙ නෑ බන්...බස් එකේ වගේ...වැඩිය දුර ඇහෙන්නෙ නෑ...මොකද කියන්නෙ අපි සප් එකක් දෙන්නම් සින්දුවක් කියලා අපි කැටේ හොලවමු....ඒත් අවුලකට තියෙන්නෙ අදනම් අපේ වෝකලිස්ට්ලා කවුරුත් නෑ...උබලගෙ නැද්ද සින්දුවක් කියන්න එකෙක් අපි ප්ලේ කරන්නම්..ඕන සින්දුවක්"
"ම්ම්ම්...අනේ අයියාලා..සොරි වෙන්න ඕනෙ මටනම් තාලෙට අප්පුඩියක් වත් ගහන බෑ...මම සින්දු කියුවොත් කෝච්චියෙ උන් කුනු බිත්තර ගහයි අපිට""

තිත්ත පැණිWhere stories live. Discover now