ep 82

2.6K 374 8
                                    

Ep 82
සෝශල් එක කියන්නෙ තවත් සීනියර්ලගෙ බෙල්ල කැඩිලා යන ඉවෙන්ට් එකක්
ජූනියර්ස්ලටනම් සතුටු දවසක් වෙන්න ඇති ඒක
මාසයකටත් වඩා රැග් වෙවී බය වෙලා ඉදාලා බය සැක නැතුව කැම්පස් ලමයෙක් වගේ ඉන්න ලැබෙන්නෙ සෝශල් එකෙන් පස්සෙනෙ
අපේ කැම්පස් එකේ සෝශල් එක ලොකුවටම දෙනවා
ලන්කාවෙ ප්‍රමුක පෙලේ මියුසික් බෑන්ඩ් එකක් ගේනවා
ඩීජේ එකක් ගහනවා
ලක්ශ දහයක පහලවක වියදමක් යන වැඩක්
අපිට මේ පාර ඒ සල්ලිගාන හොයාගන්න පරක්කු උනා ඒකයි රැග් එක දිගට ඇදුනේ
ඩයිනට මහා වැඩගොඩක් තිබුන දව්සක්
ඒකා ලවු කර කර පිස්සු කෙල කෙල හිටියට උගේ වගකීම් ගැන පොඩ්ඩක්වත් අමතක කරේනෑ
බයික්කෙන් ඇවිත් කැම්පස් එකේ බැහැපු ගමන් බොලද පෙම්බතා අතුරු දහන් වෙලා කාර්‍යබහුල වගකීම් සහගත දර දඩු නායකයාට ආරූඩ උනා
ඊට පස්සෙ ඩයිනට මාව මතකවත් නෑ
අරයට මෙයාට කෝල් කරනවා වැඩ පවරනවා
පවරපු වැඩ නොකරපු උන්ට බනිනවා
එක එකාට ඌව ඇවිත් මීට් වෙන්න කියනවා
මම ඩයිනගෙ මේ ගතිගුනේ ට හරි කැමතී
එකම මූඩ් එකේ හිනාවෙවී හරි අඩ අඩා හරි ඉන්නෙ නැතුව ඒ ඒ වෙලාවට කරන්නන්තියෙන වැඩේ හරියට කරනවා
ඒක ට කියන්නෙ ඉමෝශනල් ඉන්ටලිජන්ස් කියලා
තමන්ගෙ හැගීම් නිසිපරිදි කලමනාකරනය කරගැනීමේ හැකියාව
ඒක හොද නායකයෙක්ට තියෙන්නම ඕනෙ දෙයක්
මටනම් ඒක නෑ...හිතට දුකක් තරහක් අවාම ඔක්කොම වැඩ නවත්ට්නලා කොහෙට හරි වෙලා අඩ අඩා හරි තරහෙන් පුපුර පුපුර ඉන්න එකයි මම කරන්නෙ
කලබල වෙල අගන්න තීරන නිසා ඔක්කොම අවුල් වෙනවා
මටත් තිබුනා ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන්න
ඒක හොදටම අවුල් වෙලා තිබුනෙ
අද රෑ කරන මගුලක් කරගන්න ඕනෙ එලිවෙනකන් හරි ඉදලා
මේපාර අපි කොල්ලො 6ක් දාගෙන බ්‍රේක් ඩානස් එකක කරන්නෙ
ක්‍රිශ්ගෙ ප්‍රශ්නෙනෙ පස්සෙ මට කෙල්ලො එක්ක නටන එක එපාම වෙලා තිබුනෙ
මොනරිගෙන්..තව කෙල්ලො කීප දෙ නෙක්ගෙන්ම හෙන වදේ
උන් එක්ක ගර්ල්ස් බෝයිස් මික්ස් ඩාන්ස් එකක් ප්‍රැක්ටිස් කරන්න
ඒත් මම බෑ කියුවා
ඒවෙනුවට ෆුට් බෝල් ටීම් එකේ කොල්ලො ටිකක් සෙට් කරගෙන කරනම් ගැහිලි ෆුට් බෝල් එකෙන් වැඩ කෑලි දාන බල්ටිගහන ඩාන්ස් එකක් ප්‍රැක්ටිස් කරා
මගෙ හිපොප් බ්‍රේක් ඩාන්ස් හැකියාව ආයෙ පොඩ්ඩක් පොලිශ් කරලා ගන්නත් එක්කම
අනික් උන් පස් දෙනාට පොඩි පොඩි සිමප්ල් ස්ටෙප්ස් ටිකක් එක විදියටම කරන්න පුරුදු කරලා ඩාන්ස් එකේ වැඩි හරියක් බර මම ඇද්දා
මොපි මූමන්ට් නැති උනාම ලේසි මට නටන්න
කොපි මූමන්ට් වල්දි අනෙක් උන් නටන විඩ්බියටම නටන්න ඕනෙ
ඒත් අනෙක් උන් කොපි මූමන්ඩ් දාද්දි මම කන්ට්‍රාස්ට් ස්ටෙප්ස් කරන්නයි ප්ලෑන් කරේ
අපේ ෆුට් බෝල් ටීම් එකේ උන්ට ඔලුවෙන් කකුලෙන් ෆුට් බෝලෙට ගහන ගමන් වැඩ දාන එකාමුය්හුවෙන් පුරුදු කරන්න ඕනෑ
මම උන්ට නිතරාම් ඒවා කරවනවා එක්සයිස් විදියට.
මෙතැන තිබුන අභියෝගෙ ඒ මූමන්ට් ටික මියුසික් බීට් එකට ගේන එක
සමහරුන්ගෙ ඇගේ ස්පෝට්ස් හොදට තියෙන නිසා කියලා දෙන irඉයවුව අල්ලගන්න පුලුවන්
ඒත් ඇගේ රිදම් එකයි...හිතේ හැගීමයි නැති උනාම
උන් කොයිතරම් හරියට නැටුවත් රොබෝල වගේ ලයිවු නැති ගතියක් දැනෙනවා
අන්තිම රැග් දවස ගොඩක්ම අමාරුයි
එකට හේතුව දෙවැනි අවුරුද්දෙ අයියලා නෙමෙයි අලුත් ජුන්නන්ව රැග් කරන්නෙ
තුන්වෙනි හතරවෙනි අවුරුදුවල ලොකු අයියලා
උන් එක්ක අපේ සීනියර්ස්ලා එක්ක වගේ සෙල්ලම් හරියන්නෙ නෑ
අන්තිම දවසෙ අපිව රැග් කරන්න අපේ සින්නො එන්නෙ නැතුව සුපර් සෙන්නොයි පට්ට සිනොයි ආවෙ ඇයි කියන එක අපිට ප්‍රෙහේලිකාවක් උනාට ඒකට හේතුව හරියටම තේරුනේ අපි රැග් එක දෙන සැරේ
සෙකන්ඩ් ඉයර්ස්ලා නොමැරී මැරෙන දවසක් සෝශල් දෙන දවස
උදේ ජූනියර්ස්ලා කොමන් රූම් එකට ආවම
තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර්ස්ලා මරන්න ගෙනියන හරක් රැලක් වගේ පොඩි උන්ව දක්කගෙන යනවා
ජූනියර්ස්ලා නොපෙනී යනකන් කැම්පස් එක වෙනදා තියෙන විදියටම ශාන්ත දාන්ත විදියට තියෙනවා
සෝශල් එකක් දෙනවා කියන එක ගැන කිසිම හෝඩුවාවක් නෑ
වෙනදටත් වඩා ඇල්මැරිලා අතුගන්නෙවත් නැතුව තියෙන්නෙ
රැග් එකේ ලීඩර් උදේම ජුනියර්ස්ලා ඔක්කොම බිම වාඩි කරලා අමුතු ටෝකක් දෙනවා..අපිත් හැමෝම එට්නැන වට වෙලා ඉන්නවා කලකිරුනු මූනුවලින්

තිත්ත පැණිWhere stories live. Discover now