ep 25

4.2K 535 38
                                    

Ep 25
කොලපාට කදු යාය එකදිගට පැතිරිලා
දකින ඕනෙම කෙනෙක්ට පුදුම ආසාවක් ඇතිවෙනවා මීදුම් සලුපටලවන් ඉන්න නීල කදු කුම්‍රියගෙ නලල් තලේ පුන්චි පැලක් අටවගෙන ලෝකෙටම ඉහලින් ජිවත් වෙන්න හරියට කුරුල්ලෙක් වගේ
ඒත් කදුකර වාසීන්ගේ ජීවිතය ඒතරම් සුන්දරද
ලස්ස්න කොල්පාට චිත්‍රෙ උඩ කහපාටින් බලි ඇන්දෙ කවුද
ඒ ලස්ස්න චිත්‍රය අද අවුල් වෙලා විශාල කහපාට පැල්ලමක් කොලපාට කදු උඩ
සති දෙකකට කලින් වැටුනු මහ වැහි නිසා ලස්ස්න ජීවිත පස් යට වලලමින් ආදරනීය කුරුලු කැදලි වැනි සුන්දර පවුල් ජීවිත සුනු විසුනු කරමින්
විශාල පස් කදු පහලට කඩා වැටිලා

අපේ කට්ටියම සයිලන්ස් වෙලා වෙනදා වගේ සද්ද් බද්ද නෑ...කතා කරත් කනට නෑහෙන්න
සම්හර වෙලාවට අපේ අය රගපානවා ඔස්කාර් සම්මාන ගත්ත නලු නිලියො පරාජවෙන්න
මලගෙවල් වල යද්දි කැම්පස් එක ලගට එනකන් පපර බෑන්ඩ් ගහ ගහ බියර් බිබී නට නට ඇවිල් මල ගෙදර පේන මානෙදි හොද දුක් මූඩ් එකක් මූනෙ එල්ලගෙන ඇහැට ඇනලා කදුලු බින්දු දෙක තුනක් එක්ක මල ගෙදර ගිහින් එතන ඉන්න හැමෝගෙම පපුව හෝස් ගාලා පත්තුවෙ ටෝක්ස් දීලා......කැම්පස් එකේ නම ගහපු බැනර් දෙක තුනක් ගේවටේ එල්ලලා....තොරන් ගොක් අතු සැරසිලි ටික්ක කරලා...මල ගෙදර තියෙන කන්න පුලුවන් හැමදේම කාලා බොන්න පුලුවන් හැම දේම බීලා වටපිටාවෙ ගස් වැල්වල තියෙන් ගඩාගෙඩි කුරුම්බා හැමදේම හූරලා බස් එකේ ඔබාබෙන...එලිවෙනකන් බූරු ඕමි ගහ ගහ ඉදලා බස් එකේ නැගලා එනවා...මල ගේ නොපෙනී ගියගමන් ආයෙ බෝතල් පපර බෑන්ඩ් එලියට එනව
දුක් සීන් ගපවලා..ෆුල් ෆන්කි කොල්ලො කෙල්ලො ටිකක් වෙනවා

අදත් දුක් සීන් තමයි...හැබැයි බොරුවට නෙමෙයි ඇත්තටමයි..
මිනිසුන්ට උන විනාශය අපිව සෝකයෙන් මුසපත් කරලා තිබුනේ

"මේක හොදට අහගනිලා...අපි ගියාට පස්සෙ ඔය ටීවී චැනල් වලින් වගේ මිනිස්සුන්ගෙ දුක අහලා සතුටුවෙන්න යන්නෙ නෑ...ඒ මිනිස්සු කැමැත්තෙන් කියුවොත් ...ගොන් පාට් නොදී කියන දේ අහගෙ අ ඉදපලා...මැරුනෙ ඇයි...මැරෙන්නකලින් මොනවද කියුවෙ...අද එය හිටියනම් කොහොමද දැනෙනෙ වගේ ප්‍රශන අහන්න එපා...නිතරම ජිවුතේ ගැන පොසිටිවු කතා කරල ඒ මිනිසුන්ට ජීවත් වෙන්න බලපොරොත්තුවක් ඇතිවෙන විදියට කතාකරන්න ඕනෙ "

තිත්ත පැණිWhere stories live. Discover now