ep 67

2K 257 0
                                    

Ep 66
චාරුගෙ ප්‍රසන්ටේශන් ඉවර උන ගමන් සර් මුලු කන්ඩායමටම ඉස්සරහට එන්න කියුවා...ප්‍රොෆා
මට ඉස්සරහට යන්න උවමනාවක් තිබුනෙ නෑ
ලකුනු ඕනෙ උන් උඩ පැනගෙන ඉස්සරහට ගිහින් සර්ට පේන්න තවත් ඉස්සර්හට වෙලා මල් මල් හිනා දාගෙන හිටියා
"කෝ මේ ට්ජි එකේ අටක් හිටියනෙ...අනෙක් ටීම් මෙම්බර් දැන් නැද්ද?"
බිම්බි ඇගිල්ල දික්කරලා මාව පෙන්නුවා
මම ගිය්හරක්නපේ පුටු රවුමෙ තට්ට තනියෙම වාඩිවෙලා හිටියා
"ඒයි අයිසෙ...උදේම ඇට පියින් ගන්ජ ගහලද මගේ ලෙක්චර් එකට ආවෙ..ඉස්සරහට එනවා...මගේ ක්ලාස් එකේ කාටවත් අයිඩ්ල් වෙලා පිස්සු කෙලින්න මම ඉඩ දෙන්නෙ නෑ"
ප්‍රොෆාගෙ කෑ ගැහිල්ල නිසා මම මූන බේරි කරන් ඉස්සරහට ගිහින්
බිත්ති මුල්ලෙ අස්සටම උනා හැන්ගිලා වගේ
"මට දෙන ප්‍රශනෙට ...මම නම් කරන කෙනා උත්තරේ කියන්න ඕනෙ
ටූ ෆෝ ඩයිනයිට්‍රොපීනෝල් හයිඩොකීනෝන් අදුනගන්න අපිට යොදාගන්න පුලුවන් බැක්ටීරියාවක් නම් කඩලා ඒ හදුනා ගැනීමේ ක්‍රියාවලියෙදි සිද්දවෙන පියවර පහ විස්තරකරන්න
ඒ ප්‍රශනෙට උත්තර දෙන්නේ"
මම වගේ උත්තරේ නොදන්න උන් බයෙන් ගැහි ගැහි හිටියා සර්ගෙ ඇස් අපි අටදෙනා අතරෙ සැරි සරද්දි
නාසි වද කදවුරුවල මරන්න එක පෙලට ඉන්න යුදෙවුවනට් මෙහෙම දැනෙන්න ඇති ඒකාධිපතියා තුවක්කුව මානගෙන එහාට මෙහාට ඒක වනද්දි
අවාසනාවම මහත සොරි ඩොට්කොම් මිනිහා මගෙන් ප්‍රශ්නෙ ඇහුවේ
එයා දැනගන්න ඇති පාඩමට බින්දුවක් සූදානම් වෙලා නැති හද්දම අපතයා මම බව
සර්ලත් බැරි එකාගෙන් අමාරුම එකක් අහලා ඌට තව කෙලවිලා යන හැටි බලාලා සතුටුවෙන කුරිරු ජීවී විශේශයක් නේ

වෙනදනම් චාරු මට වඩා බය වෙනවා මගෙන් ප්‍රශනයක් ඇහුවම
පිටිපස්සෙන් ඉදන් කනට කොදුරලා හරි
අල්ලෙ උත්තරේ ලියලා හරි
පොඩි චිට් එකක ලියලා හරි මට දීලා මාව ගොඩ දානවා
ඒත් අද එයා හොදටම උත්තරේ දැනගෙන හිටියත් මුකුත් ඇහුනෙ නෑ වගේ බිම බලන් හිටියා මටන්කෙලවෙලා යනකන්
සර් අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දන්නෙ නෑ
හැලි වදුඩෙක් වගේ පන්තියෙ ඉස්සරහා බලන් ඉන්නත් බෑ සර්ගෙ මූන බලන්නත් බෑ
මම බිම බලන් හිටියා
"ඔය දැක්කනේ...දීපුවා පාඩම් කරලත් නෑ...හියන්න දීපුවා හොයලත් නෑ...අඩුම ගානෙ තමන්ගෙ කන්ඩායමේ ප්‍රසන්ටේශන් එක හදන්න උදවුවෙලත් නෑ...එහෙම උනානම් මේක අහුවෙනවනේ
මම කැමති නෑ වන් මෑන් ශෝ බලන්න
තමුසෙලගෙ මහලොකු ශිෂ්‍ය ව්‍යපාරවල කියන්නෙ
එකා හැමටත් හැම එකාටත් කියලා නේද
ඒත් වැඩට ගියාම එකා මෙකා මුකුත් නෑ ...තමන් විතරක් ගොඩයන්නනෙ බලන්නෙ
මම ටීම් වර්ක් එකක් දෙන්නෙ තනි කෙනෙක් කැපීන්පේන්න නෙමෙයි
කන්ඩායමේ ඔක්කොම ඇදගෙන යන්න කන්ඩායම් හැගීම ඇතිවෙන්න
මට මේකෙන් පේන්නෙ පුලුවන් අය තනියෙම වැඩේ කරලා
බැරි අය පැත්තක තියලා
මම මේ කන්ඩායමට කරුනු ඉදිරිපත් කිරීමට පනහෙන් පනහම දෙනවා
ඒත් කන්ඩායම් හැගීමට දෙන්නෙ පනහෙන් බින්දුවයි
ඔගාලගෙ මුලු ලකුනු 50යි ගිහින් වාඩි වෙනවලා"
පුටු රවුමට ගියා විතරයි අනෙක් උන් 6 දෙනාම මට බැන්නා මම නිසා උන් ඔක්කොටම ලකුනු අඩු උනා කියලා
චාරු විතරක් කන්ඩායමෙන් අයින් වෙලා ගිහින් පන්ට්නියෙ ඉස්සරහම පේලියෙන් වාඩිඋනා
අනෙක් කන්ඩායමේ ප්‍රසන්ටේශන් බලන්න වෙන්න ඇති

තිත්ත පැණිWhere stories live. Discover now