CHAPTER 7 💥

3.8K 599 159
                                    





ටේ දැන් ගිහින් පැය හතකටත් වැඩි... ටේ එනකන් මග බලන් හිටපු කුකී බලාගෙන ඉඳලා බලාගෙන ඉඳලා අන්තිමට රූම් එකට ගියේ එයාට තවත් ඇස් ඇරන් ඉන්න අමාරු වුන නිසා... ඒත් ටේ ආවම එයාව ඇහැරවන්න කියලා හොබි ට කියලයි ගියේ.... කුකී රූම් එකට ගිහින් පැය බාගෙට විතර පස්සේ ටේ ආවේ එක අතකින් උළුඅස්ස අල්ලගෙන අනිත් අතේ අරක්කු බෝතලයක් තියාගෙන..... ඒත් ටේ හිට ගන්න පුලුවන් තරමේ සිහියක හිටියා....ටේ ව දැක්ක හොබි ටේ ළඟට ගිහින් ටේ ගෙ අතේ තිබුණු අරක්කු බෝතලේ විසික් කරලා ටේ ව ගේ ඇතුලට එක්කන් යන්න හැදුවත් අඩියක් දෙකක් ගිය ගමන් ටේ බිමට රූටලා මහා හයියෙන් අඬන්න ගත්තෙ හොබි වගේම සුගාවත් බය කරලා..

Hobi ÷ ටේ මොකද මේ උනේ මොකද බන් අඬන්නේ උඹ මේ වගේ හැසිරෙන එකෙක් නෙවේ නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hobi ÷ ටේ මොකද මේ උනේ මොකද බන් අඬන්නේ උඹ මේ වගේ හැසිරෙන එකෙක් නෙවේ නේ....

Suga ÷ ටේ මොකද වුණේ ඇයි මේ පිස්සෙක් වගේ බීගෙන අඬන්නේ... අහ් කතා කරනවා...
සුගා ටේ ගෙ නිකටෙන් අල්ලලා ටිකක් සැරෙන් එහෙම ඇහුවා.. ඒත් සුගා ට ටේ ගෙ රතු වෙලා තියෙන ඇස් දැක්කම කෑ ගැහුවේ අපරාදේ කියලා හිතුනා... සුගා වගේම හොබිත් ගොඩක් බය වුණා ටේ ගෙ මේ හැසිරීම දැකලා... හොබි, සුගා, ටේ මේ තුන්දෙනා වෙන වෙන දෙමව්පියන්ගෙ ලමයි වුණාට... ආදරේ, දුක, සතුට බෙදා ගත්තෙ එක කුස උපන් සහෝදරයෝ වගේ... එයාලා හොඳ යාළුවෝ උනාට වඩා එකිනෙකාට හොඳ සහෝදරයෝ වුණා...

Tae ÷ අනේ මගේ මෙතන රිදෙනවා බන්...
ටේ එයාගෙ පපුවට මිට මොළවලා ගහන ගමන් කතා කරන්න පටන් ගත්තා....
අනේ සුගා මන් එයාට ආදරෙයි මට එයාව ඕනේ... මට එයාට තුරුල් වෙලා ඉන්න ඕනේ.. එයාගෙ හුරතල් වැඩ බලන්න ඕනේ... උඹ එක්ක රණ්ඩු වෙනවා බලන්න ඕනේ එතකොට හොබි එක්ක පණ්ඩිත වැඩ කරනවා බලන්න ඕනේ.... මට එයාව මගේ පපුවට තුරුලු කරන් නිදා ගන්න ඕනේ. දන්නවද බන් මට දැන් එයා මගේ පපුවට තුරුල් වුණේ නැත්තන් නින්ද යන්නෙත් නැහැ.... එයා හරි හුරතල් නේද.. මගේ හා පැටියා.. අද එයා මට කිස් එකක් දුන්නා.. මන් කොච්චර සතුටු උනාද දන්නවද. මට එයාව අරන් කොහේ හරි දුරකට පැනලා යන්න හිතෙනවා... ඇයි එයාව මුලින් මට හම්බුනේ නැත්තේ.?? ඇයි එයා මගේ නොවුණේ??? ඇයි ඇයි මට එයාව මගේ ළඟට කරලා තියා ගන්න බැරි... මන් කොහොමද එයාට යන්න දෙන්නේ... කොහොමද මම යන්න දෙන්නේ කොහොමද මන් කොහොමද එහෙම කරන්නේ... මට ඒක කරන්න බැහැ බන්.
හොබි ගෙ පපුවට තුරුල් වෙලා අඬන්නේ හරියට පොඩි ලමයෙක් එයා කැමති ම සෙල්ලම් බඩුව වෙන කාට හරි දෙන්න කිව්වම අඬනවා වගේ...

𝙰𝙱𝙳𝚄𝙲𝚃𝙴𝙳 𝙻𝙾𝚅𝙴  [ completed ] Where stories live. Discover now