හොබි එක්ක ඔෆිස් එකට ආපු ටේ ට කායි එවපු මැසේජ් එක බලන්න බැරි වුණා.... ඔෆිස් එකට එද්දි හැමෝම ටේ ට ඔලුව පහත් කරලා ආචාර කලා වෙනදා වගේම තමා ටේ ඒ කාවත් ගනන් නොගෙන එයාගෙ කැබින් එකට ආවා.... ටේ ගෙ ටේබල් එක උඩ තිබුණු ෆයිල් ටික දැකලා ටේ ට කලන්තෙ දැම්මේ නැති ටික විතරයිTae ÷ අනේ මේ ඔක්කොම චෙක් කරලා සයින් කරන්න ඕනේ නේද දැන් 😐
Hobi ÷ මොකෝ මේ ලොත වෙන්නේ.. ඔය ටික ඉක්මනට කරලා ඉවර කරපන්. ගෙදර යන්න ඕනේ 🙂
Tae ÷ මගේ හොඳ මැණික නේ... ටේ එහෙම කියලා හොබි ගෙ මූණ අල්ලගෙන. අපි මෙහෙම කරමු උඹ චෙක් කරපන් මන් සයින් කරන්නනම් එතකොට ඉක්මනට ඉවරයි නේ 😉
Hobi ÷ ඔන්න ඕක නිසා තමා මන් උබේ මේ ගුබ්බෑයමට රිංගන්න කැමති නැත්තේ.... පෙර ආත්මේ පව් මේ කර ගහන්නේ.... හරි හරි ඉක්මණට පටන් ගමු 😒 මටත් යන්න තිබ්බේ සුගා එක්ක
Tae ÷ අනේ මගේ කුක්කු පැටියා
ටේ හොබි එක්ක එකතු වෙලා වැඩ කරන්න ගත්තා..... එයාලට වෙලාව යනවා වත් තේරුනේ නැහැ...
AT JK HOUSE =
ගෙදර බෙල් එක වැදුන නිසා... කුකී ගෙ ඔම්මා ගිහින් බැලුවේ කවුද කියලා...කුකී යි චිමී නම් හෝම් වර්ක් ටික කරලා බර කයියක් දාගෙන කාමරේට වෙලා හිටියේ... දෙන්නත් එක්කම පහළට ආවේ කුකී ගෙ ඔම්ම ගෙ සද්දෙ ට.....
Mrs. J ÷ චිමී මෙහෙ එන්න ඔයාව එක්කන් යන්න අප්පා ඇවිල්ලා...
පහළට ආපු චිමී කුකී ව හග් කරලා හෙට එන්න කියලා එයාගෙ අප්පා එක්ක යන්න ගියා... කාමරේට යන්න ගිය කුකී ආයේ නැවතුනේ ඔම්මා කතා කරපු නිසා....