කාලය ගෙවිලා ගියේ පුදුම වේගයකින්.. ඔව් දැන් කුකී ව ටේ ලා ගෙනල්ලා දවස් පහකුත් ගෙවිලා ගිහින්..... මුල් දවස් දෙක තුනේ කුකී ගෙදර යන්න ඕනේ කියලා ඇඩුවත්.... ගිය දවස් දෙකේ කුකී ගෙදර යන්න ඕනේ කියලා නොකිව්ව තරම්... කුකී දැන් හොබි එක්ක වගේම සුගා එක්කත් ගොඩක් එකතුයි...සුගා මුලින් කුකී එක්ක රණ්ඩු කලත් දැන් ඒ දෙන්නට ඒ දෙන්නා නැතුවම බැහැ වගේ කුකී ට සුගා අවුස්සන එක තරම් ජොලි වැඩක් නැහැ... සුගා කුකී ට සැර කලාම කුකී ඇස් දෙක ලොකු කරන් කදුළු පුරවන් ඉන්න විඳිය දැකලා සුගා ට හොබි බනිද්දි කුකී ඇද කර කර සුගා ට විරිත්තද්දි සුගා කුකී ට ගහන්න පන්නනවා චුටි කුකී ඒ වගේ දේවල් වලදි තමා ටේ ළඟට යන්නේ කුකී හිතන් ඉන්නේ සුගා ගෙන් එයාව බේර ගන්න ඉන්න ගැලවුම් කාරයා ටේ කියලා... කුකී සුගා ට හොබි ට තරම් ටේ ට ලං වුණේ නැහැ ඒකට ටේ ගෙ හිතේ පොඩි දුකක් තිබ්බා... ඒ නිසා ටේ කැමති සුගා කුකී ට සැර කරනවට එතකොට කුකී එයා ළඟට එනවනේ.... කුකී ට හොබි සුගා ගැන දැනෙන හැඟීමට වඩා වෙනස් හැගීමක් තමා ටේ ලඟදි දැනුනේ හරියට ටේ ට දැනෙනවා වගේම හැගීමක් පුංචි කුකී ට ඒ හැගීම අලුත් එකක් වගේම නුපුරුදු එකක් වුණා... ටේ ළඟට යන හැම පාරම කුකී ගෙ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා ටේ එයාව අල්ලද්දි මුළු ඇගේම අමුතු හිරියක් ගලාගෙන ගියා... කුකී ආසයි ඒ දැනෙන හැඟීමට එයා ආසයි ටේ ලඟින් ඉන්න ඒත් කුකී ට එයා ට දැනෙන හැඟීම මොකක්ද කියන්න තේරුමක් තිබ්බේ නැහැ ඒ නිසාම එයා ටේ ගෙන් පොඩ්ඩක් ඈත් වෙලා හිටියේ... ඒත් කුකී ට නින්ද ගියේ ටේ ලඟදි විතරයි උදේ ඉඳන් හවස් වෙනකන් හොබි, සුගා එක්ක හිටියට නිදා ගන්න වෙලාවට කුකී ට ටේ ගෙ උණුසුම ඕනේමයි... කුකී බොරුවට නිදි වගේ ඉඳලා ටේ ඇදට ආවම හිමින් සැරේ ටේ ට තුරුල් වෙන්නේ නින්දෙන් තුරුල් වෙනවා වගේ ටේ හිතන්නෙත් කුකී නින්දෙන් එයාට තුරුල් වෙනවා කියලා...... අද කුකී ටේ ලා ළඟට ඇවිල්ලා දවස් හයක් වෙනවා උදේ පාන්දර කුස්සියේ බඩු මුට්ටු පෙරල පෙරල හොබි කුකී ට කෑම උයන්න කියලා දෙනවා හොබි කැමැත්තෙන් කියලා දෙන්න ආවට හොබි ට දැන් හා කිව්වේ අපරාදේ කියලා හිතිලා තියෙන්නේ....