මම එහෙම කොච්චර වෙලා හිටියද කියන්න මම දන්නෙ නෑ. මම ආයෙත් මගේ ඔලුව උස්සලා බැලුවෙ මගේ වටේ තිබුනු එලිය නැති වුනු නිසා. කරන්ට් ගිහින්ද කොහෙද. ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නෙ නැති තරම් room එක ඇතුළෙ කරුවලයි. ඒකත් හොදයි එතකොට අර photos පේන්නෙ නෑ.
Seoul වල කාර්යබහුල වගේම ඒකාකාරී ජීවන රටාව මට එපා වෙලායි තිබුණෙ. ඒ නිසා මේ වගේ නිදහස් පැත්තකට trip එකක් එමු කියලා යෝජනා කරෙත් මමමයි. World tour එකේදි හැමෝගෙම වගේ සිත් ගත්තු රට වුණේ කැනඩාව. ඒ නිසා හැමෝගෙම කැමැත්ත වුණේ කැනඩා යන එක. මේ දවස එනකන් අනිත් හැමෝටම වඩා නොඉවසිල්ලෙන් හිටියෙ මම. ඒත්, දැන් මේ ගමන එපා වෙලා තියෙන්නෙත් මට. අනිත් හැමෝම විනෝදෙන් ඒත් මට මහ මූසල හැඟීමක් දැනෙනවා. ඒ හැඟීමත් එක්ක කොහොමද මම විනෝද වෙන්නෙ 😞😞 මට හිතෙන්නෙ වෙන කෙනෙක් මාව පාලනය කරනවා, මගේ වටේ ගුප්ත බලවේගයක් තියනවා කියන හැඟීම. මම මේක ටේට හරි කුකීට හරි කිව්වනම් උන් දෙන්නා කරන්නෙ මට හිනා වෙන එක 😒 ජින් හියොන් වත් නැම්ජූන් හියොන්වත් මේක පිළිගන්නෙ නෑ මම දන්නවා. විකාරයක් කියලා බැහැර කරයි. හොබී හියොන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. එයාට කිව්වොත් වෙන්නෙ ඒකෙන් එයා බය වෙන එක විතරයි. මට මේක හිතේ තියන් ඉන්නත් බැරි නිසා මම යුන්ගි හියොන්ට කිව්වෙ ඒ නිසා. ඒත් එයාට නින්ද ගියොත් ලෝකෙ පෙරලුනත් නිදා ගනියි. ඒත් මට සතුටුයි එයා මාව තේරුම් ගත්තු එක ගැන 😊
කල්පනා කර කර ඉඳපු මම ආයෙත් පියවි සිහියට ආවෙ bathroom එකෙන් ඇහුණු වතුර වැටෙන සද්දයක් නිසා. මම අද bathroom එකට ගියේම නෑනෙ. වැරදීමකින් ටැප් එකක් ඇරලා වෙන්නත් බෑ ඒ නිසා. මේකට කාලෙකින් කවුරුවත් ඇවිල්ලා නැති නිසා bathroom එකේ වතුර ලීක් එකක් තියේද දන්නෑ.
මම එහෙම හිතලා bathroom එකට ගියේ මොකද්ද ඒ සද්දෙ කියලා බලන්න. වෙන කෙනෙක් වුණානම් යන්නෙ නෑ. ඒත් මට දෙයක් දැනගන්න හිතුනොත් ඒක දැනගන්නකන් කෑවෙ නෑ වගේ. ඒ නිසා මම ගිහින් බලන්න තීරණය කළා.
මම නැවතුණේ ලොකු දුඹුරු පාට දොරක් ඉස්සරහා. මට පෙනුනා දොරේ අගුල මල කඩ කාලා තියන හැටි. අත තියලා දොර තල්ලු කරත් ඇරුණෙ නැත්තෙ මලකඩ වලට දොර හිරවෙලා තියන නිසා කියලා තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. අත් දෙකෙන්ම දොරේ අගුල පිහිදාලා ආයෙ පාරක් දොර තල්ලු කරාම කීං හඬක් එක්ක දොර ඇරුණා.

YOU ARE READING
save me ( Completed )
HorrorMy first horror story 👻👻 Start : 2021. 10. 17 End : 2021- 11 - 19