18+ කියලා දැම්මට 18+ මත් නෙවෙයි 15+ වගේ. මුල ඉඳන්ම එහෙම නෑ. ඒ part එක පටන් ගනිද්දි කියන්නම්. පොඩි ලමයි කියවන්න එපා ✋ මටත් වඩා පොඩි අය කියවනවා කියලාත් මම දන්නවා උන් මට වඩා දේවල් දන්නවා කොයලත් මම දන්නවා හැබැයි😂💔
____________________
ඒත් දොරේ අගුලට අත තියද්දිම මම කරන්ට් එකක් වැදිලා වගේ අඩියක් විතර එහාට විසි වෙලා බිම වැටුණා. මම බිත්තිවලින් ගලන ලේ ගොඩක් මැද බිම වාඩි වෙලා මුහුණ කකුල් දෙක අතරෙ ගහගෙන හිටියෙ ඔලුව උස්සලා බැලුවොත් ලේ පේන නිසා.
(ජිමිනා ලේ වලට බයයිලු ඈ 🙂✋)
ටික වෙලාවක් යනකනුත් මට කිසි දෙයක් වුණේ නැති නිසා මම ඔලුව උස්සලා ඉස්සරහා බැලුවා. කිසි කෙනෙක් නෑ. පාලුයි, නිස්කලංකයි, මූසලයි, අඳුරුයි. සාමාන්‍ය hotel room එකක් වගේම තමයි මේ ලේ නැත්තන්. කුණාටුවකට කළින් මුහුද නිස්කලංකයි 🙂 මේ නිහඬ බවේ තේරුමත් ඒක වෙන්න ඇති. මට දැනෙනවා අනතුරක් අත ළඟ කියලා. මගේ මුවෙන් සුසුමක් පිට වුණේ මටත් නොදැනීමයි.
වට පිට බලපු මම දැක්කෙ මගේ කකුල් දෙක ගාව වැටිලා තියන මගේ watch එක. උදේ වෙන්න තව කොච්චර වෙලාවක් තියෙයිද දන්නෑ. මගේ අත් මටත් හොරා ගියේ watch එක ළඟට.
වෙලාව සටහන් වෙලා තිබුනෙ 00:00 දෙක විදියට
ම්වෝ 😳 කලින් වෙලාව බලද්දිත් ඒ වෙලාවමයි. මේක කැඩිලා වෙලාව නැවතිලාද දන්නෑ. එහෙම හිතලා watch එක දිහා ආයෙ පාරක් බැලුවත් ඒකෙන් රතු පාට පුංචි එළියක් විහිදුනේ ඒක එහෙම නෑ කියලා පෙන්නන්න.
හිතේ තිබුණු බලාපොරොත්තු නැත්තටම නැති වෙලා අරමුණක් නැතුව ඔහේ වැටිලා ඉඳපු මම ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුණු අඩි සද්දයක් නිසා. පිටිපස්ස හැරිලා බලද්දි එතන හිටියෙ අර ගැහැනු කෙනා. එයා මන් දිහා බලාගෙන හිටියෙ සරාගී විදියට. මම ඉඳපු තැනින් නැගිටලා පස්සෙන් පස්සට අඩිය තිව්වෙ එයා මගේ ළඟට කිට්ටු වෙන්න ගනිද්දි. ඒත් මට ගොඩක් පිටිපස්සට යන්න වුණේ නැ. මාව බිත්තියක වැදිලා නැවතුණා.
🔞🔞⚠️️
තව යන්න ඉඩ නෑ bby. අද සදහටම මගේ වෙන්න ලේස්ති වෙන්න 😘

YOU ARE READING
save me ( Completed )
TerrorMy first horror story 👻👻 Start : 2021. 10. 17 End : 2021- 11 - 19