Save me °°°4

270 67 2
                                    

හිත තව ටිකක් ශක්තිමත් කරන් නිදාගන්න හදපු මට මගේ පිටිපස්සෙන් ඇහුණේ කාගෙද හිනා හඬක්. ඒ කුරිරු හිනාවට මගේ ඇඟම කිලිපොලා ගියා. මේ කාමරේ ඇතුළෙ මොකාද හිනාවෙන්න ඉන්නෙ. දැන් නම් මට විශ්වාසයි හොල්මන් කියලා ජාතියක් ඉන්නවා.

මම හිමීට ඔලුව උස්සලා බැලුවෙ හිනා සද්දෙ ඇහුණු දිහා. ඒ කවුද බලන්න. එතන හිටියෙ මම bathroom එකේදි දැකපු ගෑනු කෙනා. එයා මම දිහා දත් විලිස්සාගෙන බය හිතෙන විදියට බලාගෙන හිටියෙ. ඒත් ඇසි පිය ගහන වෙලාවකදි එයා එතනින් අතුරුදහන් වුණා. ඒ මගේ හිතේ මැවුණු දෙයක්ද 😐 එහෙම වෙන්නත් බෑ ඒත් මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද. අනික bathroom එකේ දොර වහලා තියෙද්දි එයා කොහෙන්ද මෙතෙන්ට ආවෙ 🥺

මම කල්පනා කර කර හිටියෙ බයේ ගැහෙන ගමන්. ඒත් මගේ ඇහැට අහු වුණා දොර යටින් පේන එළියක්.  ඒ කියන්නෙ කරන්ට් එක නැත්තෙ මගේ room එකට විතරයි. ඒ වගේම කොළ කෑල්ලකුත් දොර යටින් ඇතුළට දාලා තිබුණා. මට දැන් තියන එකම බලාපොරොත්තුව කොහොම හරි මේ room එකෙන් එළියට  යන එක විතරයි. ඒත් බිම තියන සීතල නිසා මට බිමට අඩිය තියාගන්නවත් බැරුව ඉන්න මම කොහොමද එලියට යන්නෙ.

කරන්න තියන එකම දේ උදව් ඉල්ලලා කෑ ගහන එක. මනසට ආපු සිතුවිල්ල නිසා මම හයියෙන් කෑ ගහන්න ගත්තත් මොකක්දෝ හේතුවකට මගේ කටහඬ හිර වුණා. මට තේරුණේ කවුරුහරි මගේ සිතුවිලි පවා වෙනස් කරන බවක්. ඒත් එක්කම බිත්ති පුරාවටම අඳුරු පාටින් ලේ ගලන්න ගත්තා. ඒ වෙද්දි මම හිටියෙ කෑ ගහන්නවත් බැරි තරම් බය වෙලා. බෙඩ්ශීට් එක ඔලුවෙ ඉඳන් පෙරවගෙන බයේ ගැහෙන ගමන්. මම මගේ අවුරුදු 25 ක ජීවිත කාලෙ පුරාවටම මේ තරම් බය වුණු දවසක් නැතුව ඇති. ඒත් එක්කම අර කුරිරු හිනා හඬ ආයෙත් ඇහෙන්න ගත්තෙ ඇඟේ හිරිගඩු පිපෙද්දි.

තවත් වැඩි වෙලාවක් යන්න කලින් මට මත් ගතියක් දැනෙන්න සහ ඔලුව කැරකෙන්න ගත්තා. සමහර විට රෑට කෑවෙ නැති නිසා වෙන්න ඇති. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා පෙන්නන්න වගේ මගේ මත් ගතිය වැඩි වෙද්දි මට film එකක වගේ රූප රාමු ගොඩක් පේන්න ගත්‍තා.

ඒ හැම එකක්ම මේ room එකේ දර්ශන. මිනිස්සු කෑ ගහද්දි ඒ අයට වද දෙන හැටි මට පෙනුනා. ඒ හැම දෙයක්ම කරේ මම දැක්ක අර ගෑනු කෙනා. ඒ room එකට එන අය කෑ ගහද්දි එයාලව උඩ එල්ලපු ඒ කෙනා ඒ මිනිස්සුන්ගෙ නියපොතු ගලවලා, ඇඟිලි එකින් එක කපලා පිටේ තියුණු මුවහත් ආයුධයකින් එක එක විධියේ රූප ඇන්දා. ඊට පස්සෙ එයාලගෙ හම ගැලෙව්වෙ කිසිම හිතක් පපුවක් නැති විදියට.  ඊට පස්සෙ ඒ අයගෙ ශාප කිරීම් මැද්දෙන් අත පය කපලා ඒ තුවාල වලින් ගලන ලේ කිසිම හිරිකිතයක් නැතුව බිව්වා. ගැහැනු පිරිමි බේදයකින් තොටව තවත් සමහරු මේ තිරිසන් ආත්මය අතින් දූෂණය වෙනවා දකිද්දි මට ඇඟ කිලි පොලා යන භීතියක් එක්ක දැනුනෙ පිළිකුලක් 🤢 ඒ වගේම මට ඉක්මනට තේරුණා මේ ඉන්නෙ මේ room එකට කලින් ආපු අය බවත් මටත් අත් වෙන්නෙ මේ ඉරණමම බවත්. උදේ ඉඳන් මට අමුත්තක් දැනෙන්න ඇත්තෙ මේ නිසා වෙන්න ඇති. ටිකෙන් ටික බිඳිලා යන ධෛර්යය හමුවේ මම ආයෙත් අධිශ්ඨාන කර ගත්තෙ මම අන්තිම මොහොත වෙනකන් උත්සාහ කරනවා කියලා.

උබ හරි ලස්සනයි. ඒ නිසා මට ඔයාව ඕන වේවි. ඊට පස්සෙ උබටත් අනිත් අය ඉන්න තැනටම යන්න පුලුවන් වේවි.

ඒක අත්භූත හඬක්. කියන කෙනෙක් නෑ සද්දෙ විතරයි. අනේ මට බයයි. හියොන් කතා කරපු වෙලාවෙ ඒකට ගියා නම්.......

සීතල තකන්නෙත් නැතුව මම ඇඳෙන් පැනලා දොර ළඟට දිව්වෙ කොහොමහරි මේ භූත ගුහාවෙන් පණ බේරගන්න නම් මෙහෙම ඉඳලා හරි යන්නෙ නැති නිසා.

ඒත් දොරේ අගුලට අත තියද්දිම මම කරන්ට් එකක් වැදිලා වගේ අඩියක් විතර එහාට විසි වෙලා බිම වැටුණා. මම බිත්තිවලින් ගලන ලේ ගොඩක් මැද බිම වාඩි වෙලා මුහුණ කකුල් දෙක අතරෙ ගහගෙන හිටියෙ ඔලුව උස්සලා බැලුවොත් ලේ පේන නිසා

                                                                                


Vote කරන්න
comment කරන්න
share කරන්න

save me ( Completed )Where stories live. Discover now