Episode 9.0 🖤

2 0 0
                                    


Chapter : What Happened on Earth?
                   Lost

** So hee 's view**

එක එක පාට ලයිට් එළි වලින් ආලෝකමත් වුණු සෝල් නගරයේ එක කොනක් මාව පහු කරගෙන ගියේ ගොඩක් හෙමින්.. ඇත්තටම කියනව නම් මම අැවිදගෙන ගියේ හෙමින්.. පොඩ්ඩක් නැවතිලා වට පිට බැලුවම කාර්යබහුල නගරයක් වගේ පෙනුනත්.. රෑට මෙහේ ගොඩක් වෙනස්..අමුතු නිදහසක් දැනෙනවා.. හැමදාම රෑ වෙලා මෙහෙම ගෙදර යන එකට මම ගොඩක් ආස කලා.. මගේම බෑග් එක කකුලේ වැදිලා එන සද්දෙ.. පාරේ වාහන වල සද්දෙ.. ඝෝෂාකාරී වුණත් නිස්කලංක බවක් තිබුණා.. මම හිටියේ වෙනම ලෝකෙක අතරමං වෙලා වගේ..

මම දන්නෙම නැතුව බස් හෝල්ට් එකට අැවිදගෙන ඇවිත් තිබුණා.. අාහ්.. තාමත් මෙයා නැහැ.. දැන් වෙලාව කීයද.. මම ෆෝන් එක ඔන් කලේ වෙලාව බලන්න.. 7.00 යි.. එතකොටම වගේ කවුරු හරි මට මැසේජස් වගයක් දාලා තියෙනව මම දැක්කා.. හහ්.. මේ ඔන්නි නේ.. එ්හ්.. මොනව කරනවද.. එන්නේ නැතුව..  කරන්න දෙයක් තිබුනේ නැති නිසා මම ඒවා ඕපන් කරල බැලුවා..
අන්තිමට එවලා තිබුණේ ෆොටෝ ටිකක්.. ඒවා දිහා මම බලාගෙන හිටියේ වශී වෙලා වගේ.. ඔක්කොම බීටීස් එඩිට් කරපු ෆොටෝස්.. එ් ටික දැකල හාට් අැටෑක් එකක් හැදෙන්න වගේ. එහෙම නොවුණොත් තමයි පුදුම..' අනේ මගෙ අසරණ ජීවිතේ..' 'හෙට වෙනකන් ජීවත් වෙන්න දෙන්න..' 'කාටහරි මෙච්චර ලස්සන වෙන්න පුළුවන්ද..' එළියෙන් සන්සුන්ව ඉන්නවා වගේ පෙනුනත්, මගේ ඔලුව ඇතුලේ මමම කෑ ගහන්න අරගෙන. 

" කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ.. " මගේ කන ළඟටම ඇවිත් කෑ ගැහුවේ වෙන කවුරුත් නෙවේ.. මගේ එකම අක්කා සෝවොන්..

" ඔ..ඔන්නී.. ඔහොම ක‍ෑ ගහන්න එපා.. " මිනිස්සු දෙතුන් දෙනෙක්ම අපි දෙන්න දිහා හැරිලා බැලුවා. මම හොරෙන්ම අනිත් පැත්ත හැරුණේ මේ ඉන්නේ මම දන්න කෙනෙක් නෙවේ කියන්න වගේ.

" ම්වෝ..? ඔයාට ලැජ්ජද.. මට ඕනේ විදිහට තමයි මම ඉන්නේ.. ඒක නෙවේ දන්නවද මම හෙට ගෙදරරර.." මෙයා කියවන්න ගත්තම නතර කරන්නේම නැහැනෙ.
" හෙට එයාලගෙ කම්බැක් එකනෙ.. මම කොහොමද වැඩට යන්නේ.. ම්ම්.." එයාගෙ උරහිස ගාවට දිග කොන්ඩෙ හද හදා කියපු විදිහට මට හිනාව නතර කර ගන්න බැරි වුණා.

Back to Seoul Où les histoires vivent. Découvrez maintenant