"අපි කොහේටද ආවේ කුකි"
ජන්ග්කුක්ගෙ අතේ එල්ලිලා හිටිය හාරු ඇහුවා...
"වෙනදට අපි දෙන්නා යන පාර්ක් එකට ආවේ බබූ...අතන බෙන්ච් එකක් තියනවා...එතනින් ඉදගමු"
ජන්කුක් හාරුව පරිස්සමෙන් එක්කන් ගියා....වෙලාවකට හාරුට ජන්ග්කුක් ගැන දුකයි...එයාට හාරු වගෙ අන්ධයෙන් එක්කම ඉන්න උන එකට...ඒත් ජන්ග්කුක් කියන්නෙ ගොඩක් නිහතමානි කෙනෙක්...ජන්ග්කුක්ට හාරුව වගෙ කෙනෙක් හම්බෙච්ච එක ගැන පසුතැවිමක් නෑ...ඒත් හාරු නිතරම හිතෙන්නෙ හාරු නිකං ජන්ග්කුක්ට බරක් වෙලා වගෙ කියලා...මැරෙන්න හේතු දාහක් තිබ්බත් තත්පරයක් හරි හාරු ජිවත් වෙනවනම් ජිවත් වෙන්නෙ ජන්ග්කුක් නිසා...
දෙන්නම බෙන්ච් එකෙන් වාඩි උනා...හාරු ජන්කුක්ගෙ උරහිසට ඔළුව තියාගෙන ජන්කුක්ගෙ අතේ තිබ්බ ලේන්සුව අරන් හාරුගෙ අතින් තියාගත්තා....
"දන්නවද හාරු දේයක්"
"ම්ම්...මොකද්ද කුකි"
හාරු තව තවත් ජන්ග්කුක්ට උණුහුමං වෙන ගමන් ඇහුවා
"ලස්සන කුරුළු ජෝඩුවක් ඉන්නවා"
"හානේ....කොයි වගෙද"
"එක්කෙනෙක් සුදු පාටයි....අනිත් එක්කෙනා ටිකක් අළුයි වගෙ...මම හිතන්නෙ දෙන්නා අදද කොහේද බැදලා තියෙන්නෙ"
ජන්කුක් හිනාවෙන් ගමන් කිව්වා...හාරුටත් බකස් ගාලා හිනා ගියා...සිරියස් වෙළාවකදිත් එක ජොක් එකකට ගන්න කෙනෙක් තමා ජන්ග්කුක් කියන්නේ
"දෙයියනේ...ඔයා කොමද එක දන්නෙ"
"ඔයාගෙ කුකියා වැඩ්ඩනේ ඉතින්....ඒ දෙන්නා හරි ආදරෙන් ඉන්නවා වගෙ"
"හරියට අපි දෙන්නා වගේද"
"හ්ම්...අපි දෙන්නා වගේමයි"
ජන්කුක් හාරුගේ නලලට හාදුවක් දුන්නා...කොච්චර නැතිබැරි කම් හාරුට තිබ්බත් හාරු එක දේයක් දැනන් හිටියා....ඒ ජන්ග්කුක් කවදාවත්ම එයාව තනි නොකරන බව....මොකද හාරුට විශ්වාස කරන්න පුළුවන් එකම එක්කෙනා ජන්ග්කුක් විතරක් නිසා...
YOU ARE READING
𝘏𝘈𝘙𝘜 🖤✨ || JJK || [ Completed ✅]
Fanfictionමතක පමණයි ඇත්තෙ අදින් මතුවට අපේ රැකගමු ඒ මතකයන් මතු භවයේ නගන්නට🖤🥀 Started :- 2022 Jan 01 Finished :- 2022 Jan 09 Story by : Jeon_Jasmine_ Covered by : _Lan_kimra