🖤HARU🖤

749 128 116
                                    

"නර්ස් අර කතුර ගන්න"

සති දෙක හරි ඉක්මනට ගියා....කොච්චර ප්‍රශ්න ආවත් ටේ හැමදාම හාරුව බලන්න ගියා....අද තමා හාරුගෙ ජිවිතෙම ලස්සන වෙන දවස්...අවුරුදු 21ක් තිස්සේ බලාපොරොත්තු උන දේ අද වෙනවා....හාරුගෙ ඇස්වල බැදලා තිබ්බ වෙලුම්පටි අයින් කරන්න ඩොක්ටර් ආවා....

ඩොක්ටර් හාරුගෙ ඇස්වල ඔතල තිබ්බ වෙලුම් පටි අයින් කලා.....කෙල්ල හිමිට ඇස් අරින්න උත්සාහ කලෙ ටිකක් බයෙන්....හිමිට ඇස් ඇරපු හාරු වටපිට බැලූවේ හරි කලබලෙන්

"හාරු...කූල් ඩවුන්"

"ඩොක්ටර් මට....මට පෙනවා...ඔව් මට දැන් පේනවා"

කෙල්ලගෙ කට පුරා හිනාව....ඩොක්ටර්ත් කෙල්ලගෙ හිනාව දැකලා ගොඩක් සතුටු උනා...හැමදාම වගෙ අඩ අඩ දුකෙන් හිටපු කෙල්ල අද කවදාවත් වඩා සතුටින් හිනාවෙනවා...

"අදින් පස්සේ හාරු කැමතිම පාට කළු නොවේවි"

"ඔව් ඩොක්ටර්...ඩොක්ටර්ට ගොඩක් ස්තුතියි"

"වෙල්කම් හාරු....ඩ්‍රස් එක චේන්ජ් කරන් එන්න"

ඩොක්ටර් එහෙන්නමම නර්ස් එක්ක එලියට ගියා....කෙල්ල උඩ පැන පැන සතුටු වෙනවා...කෙල්ල ඊටත් වඩා සතුටු උනේ ජන්ග්කුක්ව පලවෙනි වතාවට බලන්න පුළුවන් වෙන නිසා....ටේ ගෙනත් තිබ්බ ලස්සන සුදු පාට මල් තියන ගවුම කෙල්ල හැරි හැරි හැඩ බලනවා.....කෙල්ලටම මහලා වගෙ...ඉක්මනට ඇදන් එලියට ආවේ ලොකු බලාපොරොත්තුවකින්....ඒ තමා ජන්ග්කුක්...කෙල්ල වටපිට බල බලම එතන තිබ්බ බෙන්ච් එකෙන් ඉදගත්තා.....

පැය දෙකක් ගියා....කෙල්ල ටිකක් බයවෙලා වටපිට බැලුවේ ජන්ග්කුක් හරි ටේ හරි ඉදි කියලා....කෙල්ල දෙන්නන දකලා නැති නිසාමත් ටිකක් බය උනා

"හාරු"

කෙල්ල ටග්ගාලා අනිත් පැත්තට හැරුනේ හාරුට කතාකල නිසා.....

"ඔව්...කවුද ඔයා"

කෙල්ල ටිකක් බයෙන් ඇහුනේ කාවවත් අදුරන්නැති නිසා....

"මම ටේ ඔප්පා"

කොල්ලගෙ ඇස්වලින් කදුලු එන්න වැඩ්වෙලා ගියෙ නෑ....කෙල්ල ඇස්දෙකත් ලොකු කරන් වේ දිහා බලන් ඉදලා එකපාරට ටේගෙ ඇගට පැන්නෙ ටේවත් බයකරමින්

𝘏𝘈𝘙𝘜 🖤✨  || JJK || [ Completed ✅]Where stories live. Discover now