ඒකාකාරී විදිහට ගෙවිලා ගියපු දවස් කිහිපයක් ඇතුලත මන් තීරනය කලා මියුන්හව මගේ හිතින් අමතක කරලා දාන්න..කොලේජ් එකේදි මන් මියුන්හා ගැන හොයලා බලද්දි මට හොයාගන්න හම්බුනා සල්ලි ගොඩක් තියෙන පවුලක එකම ලමයා මියුන්හා කියලා..
ඒ වෙනකොට කොරියාවෙ නම ගියපු ජේ.ආර් ගෲප් එකේ චෙයාර්මන්ගේ එකම දුව මියුන්හා කියලා දැනගත්තු දවසේ මගේ කකුල් දෙකත් වෙව්ලුවා..මගේ ජීවිතේට මියුන්හා කියන්නේ ලබාගන්න බැරි හිනයක් විතරයි..හිතට දැනුනු කෙනෙක් අමතක කරන එක හුගක් අමාරු වුනත් ඒ දේ කරන්න මන් කොහොමහරි හිත හදාගත්තා..
"නොගැලපෙන තැන් වලින් අයින් වෙන්න ඕනි කුකී..නොගැලපෙන තැන් ගලපගන්න යනවට වඩා ගැලපෙන තැනක නතර වෙන එකයි අපි කරන්න ඕනි.."
හ්යොන්ග් දවසක් මට කියල දීපු පාඩමක් මන් හැමවෙලේම මතක් කලා..ගැලපෙන තැනක ආපහු හිත නතරකරගන්න මගේ හිත නම් මට ඉඩ නොදේවී..ඒත් නොගැලපෙන තැනින් අයින් වෙන්න හිත මට උදව් කරාවී..
ගෑස් ස්ටේශන් එකේ වැඩ ඉවර කරලා ඕෆ් වෙලා එතනින් එලියට එද්දි රෑ නමය හමාරයි..හැමදාම මන් අපාර්ට්මන්ට් එකට යද්දි අඩුම රෑ දහයවත් වෙනවා..හිතටයි ගතටයි දැනුනේ පුදුම මහන්සියක්..ගතට වඩා හිතටයි මහන්සි කියලා හිත මට ඔච්චම් කරද්දි මන් ස්කූටි කී එක සාක්කුවෙන් එලියට අරගෙන ස්කූටිය ලගට ගියේ..
ස්කූටි එක ස්ටාර්ට් කරගෙන මන් පාර පැත්තට හරවගන්නත් එක්කම මගේ ඉස්සරහින් හරහට ඇවිත් කාර් එකක් නතර කලේ..ඒ වාහනේ මියුන්හගේ කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නැ..
දුරස් වෙන්න හදන හැමවෙලාවකම මගේ ඉස්සරහට එන්නෙපා මියුන්හා..
කාර් එකේ ඩ්රයිවින්ග් සීට් එකෙන් එලියට බැහැල මගේ පැත්තට එන මියුන්හා දිහා බලාගෙන මම හිතුවෙ එච්චරයි..එයා මූනෙන් එකක් හිනාව පුරෝගෙන මගේ ලගට එනකොට මන් ඔහේ හිස් හැගීමකින් බලන් හිටියා..
-"ඔයාව මන් මේ දවස් ටිකේම කොලේජ් එකේ දැක්කේ නැනේ ජන්ග්කුක්..ඔයා දැන්ද ගෙදර යන්නේ..?"
එයා හිනාවෙවි අහද්දි ඔලුව වනපු මන් ස්කූටි එක ආපහු ස්ටාර්ට් කරගෙන යන්න හැරුනේ..එයා ලගදි මෙල්ල නැ මගේ හිත..
YOU ARE READING
RAIN ||JJK|| COMPLETED
Fanfictionමීදුම් වැස්සත් එක්ක මගේ කුඩේ ඇතුලට ඇවිත් පායපු දගකාර දේදුන්න ... දුර ඈතකට මාව දාලා ගිහින් නතරවෙලා..